තුන්වන කොටස

780 185 31
                                    

හවස හැම පැත්තෙන්ම දළදා මාලිගාවේ සෙනඟ පිරෙන වෙලාව... උදේ දවල් රෑ කියලා වෙනසක් නෑ මිනිස්සු පිරෙන්න හැමතැනම හිටියා.....
නිස්කලංකව තියෙන බෝගම්බර වැව එක්ක ඈතට පේන දළදා මාළිගාව ලොකු ,පොඩි ලංකාවේ වගේම පිටරට මිනිස්සුත් අනිවාර්යෙන්ම වැද පුදා ගන්න එන තැනක්....
නුවර අහස යට ලස්සනට වැජඹෙන දළදා වහන්සේගේ ආශිර්වාදය හැම කෙනෙක්ටම ලැබුණා.....
හැම පැත්තෙන්ම එන අය අමතක නොකර මල් මිටක් අරගෙන යන්නෙ දළදා වහන්සේ වැද පුදා ගන්න....
බෞද්ධ ආගමිකයෝ විතරක් නෙමෙයි එකි මෙකි නොකී හැම ආගමකම මිනිස්සු භක්තියෙන් වැද පුදා ගන්න දළදා වහන්සේ අපි හැමෝටම ආශිර්වාදයක්..

හවස් උනාට රස්සාවට වෙලාව අදාළ නෑනේ.....හැම පැත්තෙන්ම එන මිනිස්සුන්ට මල් මිටක් ගන්න කියලා මගේ අත් වලින් නෙලපු මල් දික් කරන එක මට පවක්වත් මදි පුංචි කමක්වත් උනේ නෑ....
අම්මා එක්ක හැමදාම මල් විකුණන මට මේක පුරුදු රස්සාව උනා....
පාර අයිනේ නෙළුම්, මානෙල් හැම වර්ගයකම මල් තියාගෙන විකුණලා අපි ජීවත් උනා...

මම ධීරක යුවාන් ද සිල්වා.... මම ඕලේවල් පන්තියේ....ඒ උනාට මට ඉස්කෝලෙ යන්න තරම් වත්කමක් තිබුනේ.... අපේ පවුලේ හතරයි....මමයි අම්මයි නංගිලා දෙන්නයි... පොඩි නංගි අට වසරේ ලොකු නංගි දහය වසරේ.... අපේ තාත්තා අපිට හිටියේ නෑ... කතාව කොච්චර දුක්ඛිත ද කියනවා නම් මගේ තාත්තා මට නැති උනේ මම අවුරුදු 10 දී.... නෙළුම් මල් කඩන්න ගිහින් තාත්තා ව වැවට වැටිලා නැති උනා.... පවුලේ බර කොච්චර ද කියනවා නම් තනි කොල්ලා උන මට සේරම බර කරට ගන්න උනා... නංගිලා දෙන්නෙක් කියන්නේ පරිස්සම් කරන්න ඕනෙ වීදුරු බෝතල් දෙකක් වගේ.... අම්මා වැඩ කරලම දිරලා යද්දි කොච්චර මහන්සි උනත් මම දවල් රෑ නොබලා වැඩ කළා... නංගිලා දෙන්නාව ඉස්කෝලෙ යැව්වා... කෙල්ලො දෙන්නෙක් ගෙදර තියාගෙන උයාගෙන පිහාගෙන කනවට වඩා හොඳයි නිකං ඉන්නවා... කොච්චර ප්‍රශ්න තිබුණත් මමයි අම්මයි ඒ දෙන්නට උගන්නනවා.... කෙල්ලොන්ට බර වැඩ බෑ... උන් කුලී වැඩ කරනවා කියන්නේ පළුදු උන වීදුරු බෝතල් වගේ... කොයි වෙලෙ බිදෙයිද දන්නේ නෑ.....
මම ඉස්කෝලෙ ගියේ හයට විතරයි... ඒත් මට සාමාන්‍යයෙන් හොඳ මොලයක් තිබුණා... ඉස්කෝලෙ පන්තියෙ පළවෙනියා උනේ මම... ඉගෙන ගන්න වත්කම නැති තැන මගේ ඉගෙනීම බල්ලට ගියා...
දුප්පත් වෙලා ඉපදෙන එක පෙර කරුමයක්.... මම නිතරම ප්‍රාර්ථනා කළේ දුප්පත් මිනිස්සුන්ට මේ වගේ දුකක් දෙන්න එපා කියලා...ඒ මිනිස්සුන්ට කොච්චර අඟ හිඟ කම් තිබුණත් ලංකාවේ ඉන්න අපිට ගොඩ යන්න තිබුණ එකම වත්කම ඉගෙනීම.... ඒත් ඉතිං බැරි නම් කොහොම කරන්නද...

බෝගම්බර (Taekook)Where stories live. Discover now