තිස් අටවැනි කොටස

469 101 67
                                    

අපි හිටයේ කොටුව ස්ටේෂන් එකේ...වෙනසකටත් එක්ක මේ පාර කෝච්චායෙක් ගමේ යන්න ප්ලෑන් කරලා තිබ්බා... අපි සෙට් එකම හිටියේ හයහාමාරේ කෝච්චිය එනකං... විහස් මල්ලි හේෂානයා සනුක අයියා අපේ එකා ධීර් හැමෝම එකට නුවර යනවා...කට්ටිය කොහොමත් නුවර යන්න ආසාවෙන්නේ හිටියේ...කොළඹ හුළඟ වැදිලම උන්ට එපා වෙලා... මම මගේ අතේ තිබ්බ ඔරලෝසුවෙන් වෙලාව බැලුවා... කොහොමත් තව ටිකකින් කෝච්චිය එනවා...අපි කට්ටියට ටිකට් බුක් කරලා තිබ්බේ... ධීරක නිදිකිරා වැටෙනවා.... ඊයේ රෙදි මැද්දා ගෙනියන්න ඕනේ ටික ලෑස්ති කළා, සේරම බර කරට අරගෙන කරේ එයා.. දොළහට විතර නිදාගෙන අය පාන්දර හතරට නැගිටලා සැන්විචස් හැදුවා කට්ටියට යන ගමන් කන්න...පොඩි තොගයක් නෙමෙයිනේ ඉන්නේ... මගේ එකා හෙනට මහන්සි වෙනවා...
ඉස්කෝලෙ වාර බැලන්ස් කරගෙන අරගෙන ගියේ.... දැනටමත් අපිට පාඩම් කරලා ඉවරයි... නත්තල් නිවාඩුවත් අල්ලලා මේ නිවාඩුව දුන්නේ ඒලෙවල් ඉවර වෙනකං... දිගම දිග නිවාඩුවක්... මං හිතන්නේ මාසෙකටත් වඩා තියෙනවා නිවාඩුව... වෙනසකටත් එක්ක කාලෙකින් දිග නිවාඩුවක් ගත්තේ නැති නිසා කට්ටියම නුවර යන්න තීරණය කරේ ඒකයි.. සනුක අයියට විභහගේ අත ළඟ උනත් අපේ එකාගෙ උපදෙස් පිට එයත් එන්න කැමති උනා...

" දැන් පාඩම් කරා ඇති බන් මල්ලි... ටිකක් මනස සැහැල්ලු කර ගන්න එක්ක වරෙං යන්න..."

අන්තිමට කට්ටියම කැමති වෙද්දි අපේ කේෂානයා විතරයි අඩු උනේ...උට ෆුට් බෝල් ටූනමන්ට් එකක් කියලා එන්න වෙන්නේ නෑ කිව්වා....

දැන් මේ බලාගෙන එන්නේ හයයිතිහේ කෝච්චිය එනකං... කොළඹ බදුල්ල කෝච්චියක්... පේරාදෙණියෙන් බැස්සට පස්සේ එතන ඉදන් බස් එකේ යන්න පුළුවන් කට්ටියටම...

" ධීර්!! නැගිටින්න දැන් කෝච්චිය එයි... "

" ම්ම්..."

එයා කෙදිරිගාලා තව ටිකක් මගේ අත් බාහුව බදාගෙන උරහිසට ඔලුව තියාගෙන හිටියා... එයා හිටියේ දුඹුරු පාට කොට කලිසමකට සුදු පාට ටී ශර්ට් එකේ රතු ඉරි දෙකක් ගිය ටී ශර්ට් එකක් ඇදගෙන... එයාට පහසුයි කියලා සෙරෙප්පු දෙකක්ම දා ගත්තා...ආය එයා විතරක් සෙරෙප්පු මොකටද, මාත් දිග අළු පාට කලිසමට අළු පාටම ටී ශර්ට් එකක් ඇදලා බාටා කෑලි දෙක දා ගත්තා....

බෝගම්බර (Taekook)Where stories live. Discover now