තිස් තුන්වැනි කොටස

540 124 74
                                    

ඊයේ තිබ්බ ඝෝෂාව පහුවදා උදේ මම නැගිටිනකොට තිබ්බේ නෑ.. අද සෙනසුරුදා නිසාත්, නිවාඩු දවසක් උන නිසාත් තව ටිකක් නිදා ගන්න කියලා මම අනිත් පැත්තට හැරුනා.. ඒත් ඊයේ ඉදන් අද දවස ගැන ප්ලෑන් කරා නේද කියලා මතක් වෙනකොට ඔරලෝසුව අරගෙන වෙලාව බැලුවා. 7.10 යි....ඇග මෑලි කඩලා වොෂ් රූම් එකට ගිහින් හිමීට මූණ සෝදගෙන ශෝටක් ගහගෙන එළියට ආවේ අද නිවාඩු නිසා ධීරක තාම නිදි ඇති කියලා හිතුන නිසා.. අද විශේෂ දවසක්.. මගේ ජීවිතේ ඉන්න විශේෂම ආදරණීයම පුද්ගලයට අද විශේෂ දවසක්... කොල්ලට මතකද දන්නෙත් නෑ.. අද නොවැම්බර් මාසේ 17 වෙනිදා....

රහසක් කියන්නද..

අද ධීර්ගේ උපන්දිනේ... ඉතිං ඔයාලා ඒක පිළිගන්නවද... පිළිගත්තත් නැතත් ප්‍රශ්නයක් නෑ අද එයාගේ උපන්දිනේ... ඊයේ අපි සෙට් එකම මෙහෙ නතහ වෙන්න ප්‍රධානම හේතුව ඕක තමා... මම හිතාගෙන ඉන්නේ ධීරකට පොඩි සප්‍රයිස් එකක් දෙන්න... මං දන්නවා එයා කොහොමත් ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ..එයා කැමති පුංචි පුංචි දේවල් වලට...

මම කළු පාට ශෝටක් ගහගෙන පඩිපෙල බැහැලා පහළට ආවා.. මම යනකොට සනුක අයියා හැමෝටම තේ හදනවා.. අම්මේ පොර නිකං මෙහෙ එන දවස් වලට මාතාව වගේ... නිකමට හිතෙනවා අපේ අයියට හිත ගිහින්දෝ කියලා..

" ගුඩ් මෝනිං සනුක අයියේ. "

" ගුඩ් මෝනිං මල්ලි..කෝ අනිත් අය. උඹගේ අයියා දිසාපති නේ බන්.. තාම නිදිද. පුදුම මිනිස්සු.. "

" ඉතිං ඔයා ගිහින් ඇහැරවන්නකො හලෝ... ඔයාගේ ඔය සුදු මූණ අපේ අයියා උදේ පාන්දර දැක්කොත් අනිවාර්යෙන්ම හැමදාම නැගිට්ටවන්න කියයි..."

මම පොඩ්ඩක් ඇදලා පැදලා කියනකොට මෙන්න බොලේ හෙඩ් ප්‍රිෆෙක්ට් ගේ කන රතු වෙනවා.. පොර නෑ නෑ කීවට පොඩි මෙව්වා එකක් තියෙනවා... ඒත් දුක අපේ අයියා කෙල්ලෙක් දාගෙනනේ..

" අනේ මට වෙන වැඩ නෑනේ උඹගේ අයියව කූද්දන්න යන්න... එක්කගෙන වරෙං අරං නිදි කුම්බරයවත්... හේෂානයා උට පුළුවන් නම් දවල් දොළහ වෙනකං උනත් නිදා ගනී... විහස් නම් තව ටිකකින් කොහොමත් නැගිටිනවනේ... "

" ඌ ඔන්න ඔහේ හිටපු දෙන්. නැගිට්ටා කියලා උයන එකක් නෙමෙයිනේ..."

" ධීරකව නැගිට්ටවපං... මතක ඇතුව විශ් කරපං.... "

බෝගම්බර (Taekook)Waar verhalen tot leven komen. Ontdek het nu