විසිපස්වැනි කොටස

612 135 73
                                    

ගේට් එක ළඟ හිටපු මම දැක්කේ දුර ඉදන් මගේ දිහා එක එල්ලේ බලාගෙන ඉන්න අපේ පන්තියේ පසන්ව.... ඌ එක දිගට මගේ දිහා බලාගෙන හිටියා... මම උගේ පැත්ත හැරිලා බැලුවම ඌ ගැස්සිලා බිම බලාගෙන ගියා... මම මූණත් දෙක කරගෙන බලාගෙන හිටියේ උට මොකක්ද උනේ කියලා...ඌ ටික දවස ඉදන් වෙනස් තමා...ඒත් මම එච්චර ඕවා ගැන හිතන්නෙ නෑනේ...ඕවා අනවශ්‍ය ප්‍රශ්න... ප්‍රශ්න ගැන හිතන්න ගත්තොත් ඉවරයක් නෑ... මම ගේට් එක ළඟට වෙලා බලාගෙන හිටියේ මගේ කබර ප්‍රේමය එනකං...කොහෙද...D.H.P උන එකේ වරද ඕක තමා.... ආආ.. මට දෙයක් කියන්න අමතක උනානේ...අපේ දේව් අයියා හෙඩ් බෝඩ් එකේ ඩිපියුටි හරිද...ඒකම තමා ඕකා ඔච්චර උඩින් ඉන්නේ... දෙකයි දහයයි... සාමාන්‍යයෙන් එයා එන්න පරක්කු වෙන නිසා මම මුර කුටියට හේත්තුව දාගෙන නියපොත්ත කකා හිටියා.... බෑග් එකත් ඉස්සරහින් එල්ලගෙන මම පොඩි එකා වගේ...අර පිටරට අය ළමයි එල්ලගෙන යනවා වගේ මම බෑග් එක එල්ලගෙන බදාගෙන හිටියේ... පාරේ යන ළමයි රොත්ත පිටින් කයිය ගගහා යද්දි මම ඉතිං ඔහේ නැති නියපොත්ත හප හප හිටියා.. මගේ නියපොත්තක් කියලා දෙයක් නෑ අතේ...ඒ තරමටම මම නියපොතු කන එකෙක්.. වැහි පොද එක දෙක තාර පොළොවට වැටෙද්දි බිම තියෙන වැලි පාරවල් වල වතුර බින්දු පාරවල් වැටිලා දෙබෑ වෙනවා... නුග ගස් වලින් බේරිලා වැටෙන වතුර නුග ගස් වටේ විතරක් තියෙද්දි නුග ගස් යට පොළව යන්තම් වේලිලා වගේ තිබුණා... දහය වසරේ මම අදුරන මල්ලි කෙනෙක් සැලියුට් එකකුත් දාගෙන එතනින් දුවලා ගියේ බෑග් ඔලුව උඩ තියාගෙන....රාජකීය මාවතේ එහා මෙහා යන වාහන වැස්සට තෙත බරි වෙද්දි මම මුර කුටියේ වහලෙට පින්සිද්ධ වෙන්න නොතෙමී හිටියා.... ඈතින් තඩි කුඩ ඉහළගෙන එන සනුක අයියයි,දේව් අයියයි,හේෂාන් අයියයි,විහස් දැකලා මම අත වැනුවා... විහස් නම් පිස්සා වගේ මට අත වැනුවා... මුර කුටිය ළඟට ආපු සෙට් එක,

" කෝ බන් මල්ලී කුඩේ...."

" කවද්ද අයියේ අපි කුඩ ගෙනාවේ... මාවත් ඕකක දාගෙන පලයංකො.... "

" උඹට යන්න මේවල ඉඩ නෑ...අර ඉන්නේ උඹේ ඇලඩින්... තඩි කුඩයකුත් ඉහළගෙන ඉන්න නිසා උඹ ඒකෙම වර..... "

" හපෝ... මහා මොක්කුද මන්දා..... "

කට්ටිය ඉස්සරහට යද්දි මම දේව් අයියගෙ කුඩේට පැනලා එයාගේ ශර්ට් එකෙන් අල්ල ගත්තා...

බෝගම්බර (Taekook)Where stories live. Discover now