තිස් හතරවැනි කොටස

560 139 64
                                    

හැමෝම දෙන දේවල්ම නැතුව මහා ලොකු ලොකු දේවල් නැතුව තමන්ගේ හිත සතුටු කරන්න තමන් ආසම පුංචිම හරි දෙයක් දෙන, තමන්ගේ සතුට ගැන හිතලා තමන්ව සතුටු කරන්න හදන තමන්ගේ හිතේ තියෙන සමහර බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න දගලන මිනිස්සුන්ට අපි ඇයි එච්චරම ආදරේ.

හැමෝම කරන දේවල් නොකර පුංචි දේකින් මනුස්සයෙක්ගේ මුණට හිනාවක් ගේන්න පුළුවන් නම් අන්න එතනදි ඔයා ඇත්තටම නිහතමානී මනුස්සයෙක්...

සමහර විට කාලය තීරණය කරාවි ඔබට හමුවිය යුතු පුද්ගලයන්ව. සමහර විට ඔයාගේ දෛවය තීරණය කරාවි ඔයා ළඟම රැදිය යුතු පුද්ගලයන්ව...

මාතෘකාවක් ගත්තොත් කථිකයෙක්ට ඒ මාතෘකාවේ හොඳ පැත්ත ගැන වගේම නරක පැත්ත ගැන උතුරන්න වචන එළියට දාන්න පුළුවන් වගේම තමයි මනුස්සයෙක්ට ඔයාව හොඳ විදිහට විවේචනය කරන්නත් නරක විදිහට විවේචනය කරන්නත් පුළුවන් කියන එක...
හිතන්න....ජීවිතේට සමහර මිනිස්සුන්ව අපිට හම්බෙන්නේ මේ සමාජේ ඉන්න මිනිස්සුන්ව තේරුම් ගන්න වගේම කලාතුරකින් සමහර අයව හම්බෙන්න අපි ළඟට කරලා බැදලා තියා ගන්න...

දන්නවද , ජීවිතේ ඔයාට අමතක කරන්න බැරි දවසක් ගැන මට මතක් කරන්න කිව්වොත් මට අද දවස මතක් වෙයි... මේ අවුරුදු දාහත පුරාවටම මට මේ දවස අමතක නොවේවී...

මම ඇදගෙන හිටියේ ලාම ලා නිල් පාට ටී ශර්ට් එකක් ඒකට නිල් පාට ඩෙනිමක් ඇදලා පිළිවෙලට ඇදගෙන හිටියේ.. කොහෙද යන්නේ කියලවත් දේව් අයියා කිව්වෙ නැති නිසා හුළං කපාගෙන ඉස්සරහට ඇදෙන බයිසිකලේ හුළං පාරට තමන්ගේ මූණ ආවරණය කර ගන්න දේව් අයියගෙ පිටට මුවා වෙමින් මම ඇස් පියාගෙන හිටියා ..
ටික වෙලාවකට පස්සේ බයිසිකලේ නතර කරේ ළමා නිවාසයක් ළඟ....එයා මට බයිසිකලෙන් බහින්න කියලා එයත් බැස්සා...

" ධීර්.. මේ තැන ඉන්නේ පුංචි කාලේ ඉදන් කිරි සුවඳ ගැන කිසිම අදහසක් නැති,අම්මා තාත්තාගේ සෙනෙහස ගැන කිසිම තේරුමක් නැති එයාලාව බලා ගන්න තරුණ මහත්මිය තමන්ගේ අම්මා කර ගත්ත ළමයි ටිකක්.. හැමෝම ළමයි. සමහර වෙලාවට දෙමව්පියෝ අතහැරලා දාලා ගිය ළමයි,දෙමව්පියෝ අහිමි උන ළමයි,ඒ වගේම සමහර පුංචි අබාධ තියෙන ළමයි... සමහර අයගේ ඇස් හොඳින් පේන්කොට කන් ඇහෙන්නෙ නෑ... සමහර අයගේ කන් හොඳින් ඇහෙනකොට එයාට කතා කරන්න බෑ ගොළුයි.. සමහර ළමයි පොත් වල ලස්සන අකුරු ලියනකොට කිහිප දෙනෙක් ඒ හීනේට තිත තියලා එයාලාට තේරෙන භාෂාවකින් ඉගෙන ගන්නවා... "

බෝගම්බර (Taekook)Where stories live. Discover now