හත්වන කොටස

711 188 31
                                    

හැම පැත්තෙන්ම එක පෙළට මිනිස්සු වැහි වැහැලා..... ලංකාවේ සතර දෙසින්ම මිනිස්සු නුවරට එකතු වෙලා.. සෑම වසරකම වගේ මේ පාරත් ඇගිල්ලක් ගහන්න ඉඩ නැති තරම්.... හැම තැනම ලොකු පොඩි අය පෙරහැරේ අසිරිය විද ගන්න ඇවිත්...

ටිලිං ටිලිං ට්‍රීං ට්‍රීං....

ඔය අස්සේ එහෙට මෙහෙට යන බොබයි මොටයි කාරයො , වඩේ කාරයෝ, සෙල්ලම් බඩුකාරයෝ හැම තැනම.... අම්මලගේ අත් වල ඉන්න පොඩි ළමයි ඒවට ඇවිස්සිලා ලතෝනි දෙනවා... නුවර පෙරහැර බලන්න ලංකාවේ විතරක් නෙමෙයි හැම රටකම ජනතාව ලංකාවට එනවා... ලාංකීය සංස්කෘතියට ගරු කරමින් බුදුන් වහන්සේගේ පූජනීය වස්තුව රැගත් මහා දළදා පෙරහැර බලන්න හැම මනුස්සයෙක්ම උද්යෝගීමත්.... පෙරහැර බලන්න ඉඩක් අල්ලගත්තේ නැත්තං තැනක් හොයනවා බොරු.... ඉතිං කළින් ඉදලම මිනිස්සු වැහි වැහැලා....

මම හැමපාරම වගේ පෙරහැර බලන්න එනවා... අම්මයි නංගිලායි අද ආවේ නෑ..... ඉතිං අද මම තනියම... තනියම ඉන්න එක මට ප්‍රශ්නයක් නෙමෙයි....
සුදුපාට ශර්ට් එකට සුදු යට දාරේ කළු මෝස්තරයක් ගිය සරම ඇදලා මමත් බලාගෙන හිටියේ පෙරහැර පටං ගන්නකං... මටත් තිබුණා කලිසමක් ඇදගෙන එන්න... ඒත් හැම අවුරුද්දෙම අල්මාරියෙන් එළියට ගන්න සුදු සරම මම ඇන්දේ මේ වගේ වැඩකට විතරයි.... පුරුද්දට සුදු සරම තමා අදින්නේ...
එහෙ මෙහෙ යන සෙනඟ අස්සෙ මමත් තෙරපි තෙරපි හිටියේ පෙරහැර බලන්න.....

සීතලයි...... අත් දෙකත් බැඳගෙන බලාගෙන හිටපු මගේ ඇස් වලට අහු උනේ අහීෂ් අයියව... සුදු සරමට අත් දිග සුදු කමිසේ ඇදලා අද අයියා පිං පාටයි... කොහොමත් අහීෂ් අයියා පිං පාටයිනේ... මාව දැකලා අයියා අත වැනුවා... මාත් හිනා වෙලා අත පොඩ්ඩක් වැනුවා... දිසාපති වලව්වේ හාමු දේවරාජ දිසාපති තුමා එක්ක නෝනාහාමුත් ඇවිත් හිටියා.... හැබැයි අයියගේ ලොජික් මල්ලි කියන්න පුළුවන් මල්ලි කෙනෙක් නම් හිටියේ නෑ....
ඒත් එක පාරටම අයියගෙ පිටට දඩෝං ගාලා ඇවිත් ගැහුවේ එදා මගේ ඇගේ හැප්පිලා මාව වට්ටපු අයියා... අහීෂ් අයියා ඌ දිහා බලලා ඇන්නා උට පොල් ටොක්කක්.. හොඳ වැඩේ... ලොකු කමනේ.... එක පාරටම අහීෂ් අයියා බලපු නිසා මම හිනා උනා... අහීෂ් අයියා නම් හිනා වෙච්ච ගමන්.... මං හිතන්නේ අර මල්ලි තමා... පොඩ්ඩක් පෙනුම එක වගේ... අහීෂ් අයියා බලපු නිසා ඌත් බැලුවා... කිසිම ගැලපීමක් නැති සහෝදරයෝ දෙන්නෙක් කියලා මට ඒ වෙලාවෙයි තේරුණේ.. හිනා වෙච්ච ගමන් ඉන්න අයියා ගාවින් මල්ලිව තියන්නවත් බෑ... හිනා කදුලක් නෑ....

බෝගම්බර (Taekook)Where stories live. Discover now