විසිතුන්වැනි කොටස

620 144 87
                                    

අද සෙනසුරුදා.... නිවාඩු දවස උනාට අද දවසම පන්ති... මටත් පන්ති එයාටත් පන්ති...

මම හිමීට සිංදුවක් මුමුණන ගමන් ලෑස්ති උනා...

" ඉරිදාට පල්ලියෙදි සදුදට පන්තියෙදි අඟහරුවාදාත් ඔබව යළි හමුවෙමි. බදාදා බ්‍රහස්පතින්දා සිප ගන්නම් සිකුරාදාට ශනිදාවක් නෑ අපට මගේ මස්සිනා ඉන්න කන්... "

මස්සිනා කිව්වම මතක් උනේ අහීෂ් අයියා සැපෙන් සනීපෙන් ඉන්නවද දන්නෑ.... රත්තරං අයියා දැන ගත්තොත් මම කොළඹ ඇවිල්ලා අමු තිරිසනා උනා කියලා අම්මපා හිසේ සිට පාදාන්තය දක්වා මාව අයියා පට්ට ගහයි....
ඇද උඩ තිබ්බ දේව් අයියගෙ ෆෝන් එක අරගෙන මම ඒකේ පාස්වඩ් එක ගැහුවා... හොරෙන් බලා ගත්ත ඒවා තමා...
රහසක් කියන්නද... දේව් අයියගෙ පාස්වඩ් එක මගේ උපන්දිනේ. 1122 . කොහොමද වැඩේ...ඌ හිතාගෙන ඉන්නේ මම දන්නෑ කියලා... පැපරාසියා...
මම ෆෝන් එකේ ලොක් ඇරලා මුලින්ම ගියේ ගැලරියට... යාළුවගේ ෆෝන් එක ගත්තොත් අනිවාර්යෙන්ම වට්ස්ඇප් හොයාගෙන යන්න කළින් ගැලරිය හොයපං... හොයාගෙන උඹේ කුජීත ෆොටෝ මකපං.... ඇයි ඉතිං අනාගතය අදුරුයි....මමත් උගේ ෆෝන් එකේ ගැලරිය වෙත පියමැන්නා...

" පියමැන එන්න මේ සිහිනේ සිරකාරිය වන්න.. තුරුලට එන්න. පවසන් නුඹ මගෙමයි කියා කුමරි... "

යකඩෝ... මගේ ෆොටෝ තියෙන ගොඩ මුගේ ගැලරියේ... කවදා ඒවද මන්දා.... හොදම ටිකේ ඉන්නකොට ගල් මූසලයා බාත් රොබ් එක ඇදගෙන ඇවිත් මගේ ඇගට පැනලා ෆෝන් එක උදුරලා ගත්තා...

" උඹටත් ඕන්නැති කුණ්ඩවාලයක් නෑ... "

මම හිටියේ කළු ටී ශර්ට් එකකට නිල් ඩෙනිමක් ඇදලා සපත්තු එහෙම දාලා... මේකා බාත්රොබ් එකක් ඇදගෙන ෆෝන් එක ලොක් කරලා මගේ දිහා බැලුවා...හුස්මත් හිර වෙනවා වගේ...ඇයි යකෝ මුගේ ඇබ්ස් දැක්කම මම මොකාද වගේනෙ ..

" මොකද.... "

" නෑ නෑ... ඇදුමක් දාගෙන ඉක්මනට ලෑස්ති වෙනවකො අයියේ.. මට පරක්කු වෙනවා... "

" හිටපං ඉතිං... "

කොහොම හරි අටට කාලක් තියලා ලෑස්ති වෙලා අපි එළියට බැස්සේ... හිරි පොදේකුත් යනවා... මම මගේ බෑග් එකත් අරගෙන එයා එක්ක නුග ගස් පිරුණු මාවත දිගේ ඇවිදගෙන ගියා ....එයා ඉතිං ඉස්සරහා බලාගෙන යනවා මම වට පිට බල බල යනවා.... කොළඹ අහසත් අදුරු කරලා....වැහි දෙයියෝ වැඩෙ දෙයි වගේ එලටම... අපි රාජකීය මාවත ගාව බස් හෝල්ට් එකට වෙලා හිටියේ කොටුවට යන බස් එකක් එනකං.... බස් වල සෙනසුරාදා සෙනඟ.... ඉතිං මමයි එයයි බස් එකට රිංග ගත්තා... බස් එකේ උඩකින් තියා බිමින්වත් අල්ලන්න තැනක් නෑ... බැරිම තැන එයාගේ අත් ගොබේකින් අල්ල ගත්ත මම බ්‍රේක් ගහන ගහන සෑරේට එයාට හේත්තු උනා.
දකින අය නම් එච්චර දෙයක් හිතන්නේ නෑ.. අපිට එහා පැත්තේ හිටියේ කපල් එකක්....ඒ කොල්ල කෙල්ලගේ ඉන වටේ අතදාගෙන මේ දාඩිය දාන සෙනග පිරුණු බස් එකේ ඒකිව ඉඹිනවා.. මොන විගඩමක්ද ඒ... මම ඔලුව උස්සලා අයියා දිහා බැලුවා...අපි දෙන්නා එකම වෙලාවේ මූණට මූණ බලාගෙන මූණ ඇද කරගත්තා... මරු මරු ඒවා වෙන්නේ... බස් යනවා නෙමෙයි අනික.. මම ඩ්‍රයිවරයට තියෙන නම් සේරම කියලා බැන්නා....අයියා වගේ දේහදාරී පිරිමියා හින්දා හොදා... නැත්තං අපායට ගහපු කැලැන්ඩරේ හුළගේ යන්න වගේ මාවත් එහෙම මෙහෙ යයි මේ යන යෑමට...
අද විහස් නෑ.... ඉතිං තනියමනෙ යන්න ඕනේ... අපි කොටුව ස්ටෑන්ඩ් එකෙන් බැහැලා කිරිබත්ගොඩ පැත්තට යන බස් එකක් එනකං බලාගෙන හිටියා.... ඒ ඉන්නකොට අයියා පොප්කෝන් අරගෙන ආවා....ඒකත් හප හප මම සෙනසුරාදා දවස ගත කරන කාර්යබහුල මිනිස්සු යන එන දිහා බලාගෙන ආවා....
අපි ආවේ සීටීබී එකක... කිරිබත්ගොඩ පැත්තට යන්න නැග්ගේ ප්‍රයිවට් එකක...සීට් උස දෙකෙ එකක්...මමයි එයයි සිට් දෙකක වාඩි උනා එක ළඟ....මම වීදුරුව අයිනෙ එයා මට එහා පැත්තේ... යන දිගටම මම කරේ එක එක ඒවා එයා එක්ක කතා කරපු එක... මම ආසම දෙයක් තමා මම කියන දේවල් ඇහුම් කන් දෙන මිනිස්සු....එයා සමහර වෙලාවට මම කියවලා ඉවර උනාම මම කියපු දේවල් ගැන අදහස් කියනවා.... මම ඒකටත් ආසයි.... දේව් අයියට උදේ ලොජික් පන්ති...

බෝගම්බර (Taekook)Where stories live. Discover now