" ධීරක ඕක මෙහේ දිපන්..... "
" බෑඈඈ... "
" ඕක මෙහාට දිපං.. මම උඹව හම ගහනවා.. "
" දෙන්නේ නෑ... පුළුවන් දෙයක් කරනවා....."
පහුවදා උදේ වෙනකොට ධීරකගේ උණ බැහැලා තිබුණා... අන්තිමට දවල් වෙලා එලියට බැස්සේ චිත්‍රේ අදින්න.... ඒත් මේකා ඒක මට කරන්න දෙන්නෙම නෑ....
මුට එක තැනක ඉන්නම බෑ..... එක්කො මූණට එබෙනවා... පින්සල් ටික අදිනවා... විකාර කියවනවා... අමු පිස්සෙක් මූ නං...." ඔහේ හිටපං.... උඹට එක තැනක ඉන්නම බෑ.... උඹව අහු උනොත් නම් අම්මපා මම උඹව මරලා හංගලා අඩ අඩ හොයනවා... "
" අඩ අඩ හොයන්න එපා....හිනා වෙවී හොයපං... "
" මම කොහොම හරි හොයන්නම්කො... ඕක මෙහෙ දීපිය... "
එකා මගේ ෆෝන් එකත් උස්සගෙන හතරවටේ දුවනවා... මං කියන්නෙ පොඩි ළමයින්ට ෆෝන් දීලා හරියනවද.... මුට ඕක දුන්නොත් අපේ ඒකාගේ කනේ තියයි මගේ ගැලරිය බලලා... අනික රහස් අවි ගබඩාව වගේ මගේ ෆෝන් එක.... මූ ඒක උස්සගෙන දුවනවා...
" අව්....... ඌයියා... "
උඩ බල බල දුවපු එකා ගලක පැටලිලා මුනින් අතට දබග් ගලා වැටුනේ ඒ වැටුණ විදිහට මට හිනා යද්දි....
" බුදු අම්මෝ....උඹ නිකං කිඹුල් පැටියෙක් වගේ... "
" අනේ පලයං යන්න පැපරාසි ගද කබරයා... හහ්... වැටුණම හිනා වෙනවද මං අහන්නේ... අත දෙන්න ඕනේ නැගිටින්න... කොහෙද ඉතිං අත දෙන්න මිනිස්සු අපිට නෑනේ.... හහ්... හැමදාම බඩගාලා මඩනාලා තමා නැගිටින්න ඕනේ.... අනේ දෙවියනේ මටත් අත දෙන්න එකෙක් හොයලා දීපියව්... මේ අපහාස විද දරා ගන්න බැරියෝ... "
" ඉතිං නාහිං අඩන්නැතුව හොයා ගනිංකො.... පිස්සු පකයා.. "
" හොයා ගන්නවා තමා.... "
" උඹ එක්ක මේක කරන්න බෑ ධීරක.... වරෙං ගහ යටට....ඉන්න කියපු විදිහට හිටපං....මම ෆොටෝ එකක් ගහගෙනම අදිනවා.... "
කොච්චර කිව්වත් ධීරක හරයට ඉදපු නැති නිසා දේව් ධීරකගේ කන මිරිකුවේ පොඩි එකා ට තරු පෙනෙද්දි....
" තෝ පැපරාසි පිංගුත්තරයා... ගද කබරයා.... ඇටිකෙහෙල් වවුලා.... ආව් අම්මා මගේ සූටි කන් පෙත්ත හිල් උනාද මන්දා.... තොට ගිනිපුග් ගාය ද මිනිහෝ... තමුසේගේ වගේ ඉබි මස් නෙමෙයි මට තියෙන්නේ... දැවිල්ලත් එක්ක..."
YOU ARE READING
බෝගම්බර (Taekook)
Randomඋඹ කොහොමද ඔය ඇස් වලින් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරන්න දක්ෂ උනේ ධීර්.... උඹත් හරියට බෝගම්බර වැව වගේ ධීර්. පිටට නිස්කලංක උනත් උඹේ ඇතුලේ තියෙන කතාවත් හරි වේදනාබර අදෝනාවක්. මම උඹව දැක්කේ නුවරට ගැලපෙන්නෙ නැති ආගන්තුකයෙක් විදිහට දේව්.... ඒත් නුඹ ඇත්තටම...