දොළොස්වැනි කොටස

648 157 68
                                    

සමගි ජන බල වේගයේ නායකයා විදිහට

මම ඇප කැප වෙලා ඉන්නවා ජනතාවට සේවය කරන්න....

ඊළඟ ජනාධිපති වරනයේදී නිසැකවම සමගි ජන බල වේගය වෙනුවෙන් මා ජනාධිපති ධූරය ඉල්ලීම සඳහා ඉදිරිපත් වන බව තමුන්නාන්සේලාට දන්වා සිටිනවා.....

උදේ පාන්දර අපේ අප්පච්චිගේ කතා පෙට්ටියේ ප්‍රේමදාසයගේ පිස්සු කොලුවා සජිතා කෑ ගහන්න ගත්තේ දවසම කබාසිනියා කරලා....
උදේ පාන්දර ෆෝන් එක චාජ් කරන්න කියලා අතින් කටින් බඩු උස්සගෙන පහළට බහිනකොට කොන්ද කඩා ගත්තේ නැති ටික විතරයි.... කකුල පැටලිලා පාවෙලා ගිහින් පුප පඩිපෙල දිගේ ඇතිල්ලිලා වෙන්න ඕන එකේ හොඳම හරියත් උනා....
යන්තං ෆෝන් එක කාපට් එක උඩට බම්ප් උන නිසා හොඳයි... නැත්තං ඕකට ඩිස්ප්ලේ එක දාන්න තාත්තාගේ ඉඩමක් තියන්න වෙයි.....

ආච්චි අම්මත් උදේ පාන්දර තෙල් ගානවා කකුල් දෙකේ....අම්මා ඉතිං උයලත් ඉවරයි වත්තේ වැඩ.....අද දිසාපති පුත්‍රයාට ලෙඩ නිවාඩු නිසා එකා කාමරේ ඇද උඩ හතරගාතේ දාලා බුදි.....
දෝණී තරහා වෙලාද දන්නෑ.... මූඩ් අවුල් ගහලත් හිටියා හැබැයි.... දෝණිලා ඔහොමමයි... ඒකනේ සුදු මහත්තයෙක්ට හිත ගියේ....
දෝණිලා වලලං සුදු මහත්තයාලා ගොඩ ගන්....තියරිය ඒක... එන්න එපා සුදු තාත්තාගේ සුදු දෝණිට එක එක එව්වා..... යැයි යැයි තමා....

අපේ ඒකාගේ කැම්පස් කෑල්ල කේස්ද දන්නෑ.... පොඩ්ඩක් ඔලුව දාලා බලන්න ඕනේ.... සහෝදරයා විදිහට උගේ සැප දුක හොයලා බලන්න එපෑ... හදිසියේවත් දිවි නසා ගත්තොත් එහෙම අපේ අප්පච්චි අයියට සැලකුවේ නෑ කියලා මුළු වලව් ඉඩමම මට නොදී කුණු කොල්ලෙට විකුණයි....
චූටි පුතාට හරියට කැපිල්ල... හහ්.....

හිමීට අයියගේ කාමරේට ගෑටුවේ සද්දයක් වත් ඇහෙන්නේ නැතුව..අම්මට ඇහුනොත් එහෙම මර ලතෝනි දෙයි... අයියට නිකං ඉන්න දෙන්න කිය කිය.....

මම කාමරේට යනකොටත් මේකා හතරගාතේ දාලා බුදි.... මම ගිහින් පරණ ඇරියස් කවර් වෙන්නත් එක්ක දීලා ඇරියා පුපට පාරක්....

මේකා උඩ ගිහින් නැගිටලා මට රවනවා......

" මොකද තෝ... "

බෝගම්බර (Taekook)Where stories live. Discover now