අටවන කොටස

736 175 75
                                    

හුළං කපාගෙන ඉස්සරහට ඇදෙන බයික් එකේ දේව්ට තුරුළු වෙලා ධීර් දේව්ව කිටි කිටියේ බදාගෙන හිටියේ විසි වෙයි කියන බයට... ඇයි ඉතිං මේ යකා යන්නේ පොඩි වේගෙකින් නෙමෙයි නේ....

කොහොම හරි පැය භාගයක් යන ගමන පැය කාලෙන් ආවා....
සාමාන්‍ය පුංචි ගෙයක් ඉස්සරහ බයික් එක නතර කරද්දි ධීර් ගැහි ගැහි බයික් එකෙන් බැස්සේ.... ඇයි ඉතිං ආපු වේගෙටත් එක්ක වැදුන හුළං පාර හරි සනීපයිනෙ...

" ස්තූතියි මහත්තයා.... "

" ම්ම්.... දැන් ගෙට යනවා එළියේ සීතලයි... "

" හරි... මහත්තයා පරිස්සමින් යන්න... බුදු සර.... "

යකෝ මූ.... ගිහිනුත් ඉවරයි.... පුදුම කුලප්පුවක්නෙ... පෙරහැරේ අලින්ටවත් ඔච්චර කුලප්පුව නැතුව ඇති.... කියනකං හිටියේ නෑ ගිහිනුත් ඉවරයි.... ඈත යන බයික් එක දිහා බලාගෙන ධීර් කියන්න ගියපු වාක්‍යත් සම්පූර්ණ කරා...

" බුදු සරණයි මහත්තයා.... "

මම ගේ ඇතුළට ගොඩ වෙනකොටම අම්මා ආවා...

" දෙයියනේ උඹ ආවද.... තනිමයද ආවේ ලොකු පුතේ.... පින්න බාන්නත් ඇති... "

" නෑ අම්මේ... අහීෂ් අයියාගේ මල්ලි ගෙනත් දැම්මා..... බයික් එකේ... "

" ආආ... ඒ මහත්තුරුත් ආවාද... මම අහීෂ් මහත්තයාවයි,ලොකු හාමුලවයි විතරනේ දන්නේ... අහීෂ් මහත්තයා වගේම හොඳ ඇති මල්ලිත්... "

" වෙන නැත්තං... අහසට පොළව වගේ... ළඟින්වත් තියන්න බෑ අම්මා ඒ දෙන්නව... "

" කොහොම උනත් වැදගත් ළමයිනේ.... කොළඹලුනෙ ඉගෙන ගන්නේ.... මං දන්න තරමින් ඒ ලොකු ඉස්කෝලෙ දක්ෂ දරුවෙක්... "

" වෙන්නැති වෙන්නැති... "

කොච්චර සීතල උනත් මම ඇඟපත හෝදගෙන මිස නිදාගන්නේ නෑ... වත්ත පහළ ළිඳ ට ඇදුමකුයි ටවල් එකකුයි අරගෙන ගිහින් හොඳට අයිස් වතුරේ ඇග හේදුවෙ ගැහි ගැහි...

නානකොටත් අර නහරකාරයාගේ කාල වර්ණ ඇස්ම මැවි මැවී පෙනෙද්දි මම ඔලුව ගසලා හලා ගත්තා ඔලුවටම වතුර එකක්.....

ආආආආ... බුදු අම්මේ... අම්මාගේ සුදු පුතාට හොඳටම පිස්සු වගේ....

දැන් ඉතිං මේ සීතලේ නාපංකො.... ධීරක උඹ දැන් නෑවා නම් හෙට උදේට යවපං දිගට හරහට හචිං....

බෝගම්බර (Taekook)Where stories live. Discover now