අද සෙනසුරුදා..... හෙට මමයි දේව් අයියයි කොළඹ යනවා.... කවදාවත් කොළඹට පයගහපු නැති මම හෙට කොළඹ ලොකු ඉස්කෝලෙකට යනවා.... හිතට දැනෙන අමුතු බර ගතිය නිසාම අද දවසම මම හිටියේ අම්මා එක්ක... මගේ අම්මව මට මාස ගානකට මඟහැරෙනවා කියලා මතක් උනාම මට පාළු හිතුනා....
නිතරම අම්මා එක්ක ජීවත් උන අම්මා එක්ක කියවපු මට දවසක් අම්මා නෑ කියන්නේ කියා ගන්න බැරි පාළුවක්... ජීවිතේ ගොඩක් තැන් වල හයිය උන අම්මාව මාස ගානක් තුරුල් කර ගන්න බැරි වෙද්දි ප්‍රශ්න වලට තනියම මුහුණ දෙන්න ඕනේ කියලා හිතෙද්දි මං ටිකක් බය උනා....
ඒත් මම කවදාම හරි දවසක තනියම ජීවත් වෙන්න ඕනේ කියලා දැනෙද්දි මම අමාරුවෙන් උනත් හිත හදා ගත්තා...නංගිලා ව තනියම දාලා යන එක අවධානමක් උනත් එයාලත් මේ දේවල් වලට හුරු වෙන්න ඕනේ....
අහ්මා හිටියේ කිරිටොපි හද හද... මම ආසම කෑමක්.... අම්මා ඉතිං අද ගොඩක් දේවල් හදලා දෙයි..
" මට උඹව යවන්නත් ලෝභයි මගේ පුතේ... "
" එච්චර හිතන්න එපා අම්මේ... මම ගිහින් ආය එනවනේ... "
" දේව් ළමයගේ කීමට මිසක මං උඹව කවදාවත් තනියම මෙහෙම යවලා නෑනේ... පරිස්සමින් දරුවෝ... පුරුදු තැනට වඩා නුපුරුදු තැන හරි බයානකයි... සල්ලාලයෝ බොහොමයි... මං දන්නවා උඹට උඹ ගැන බලා ගන්න පුළුවන්....ඒත් උඹට කොළඹ හුරු ම නෑනේ... දේව් ළමයා එක්කම ඉන්න... ඒ දරුවගේ කීමට මම උඹව කොළඹ යවනවා මිසක් උඹ ගැන මම කොයි වෙලෙත් ඉන්නේ පපුවේ ගින්දරෙන්.... ගෑණු ළමිස්සියෙක් පිරිමි ළමයෙක් කියලා නෑ මගේ පුතේ නරකට ගියොත් ගියාමයි.... ඒ නිසා කරන හැම දෙයක් ගැනම දෙපාරක් හිතන්න... "
" මට තේරෙනවා අම්මේ... මට අම්මව ගොඩක් මතක් වෙයි... මම ආය ඉක්මනට නිවාඩුවට එන්නම්... අම්මා එක්ක මල් විකුණන්න, වැවේ ඔරුවේ යන්න.. නංගිලා එක්ක පාඩම් වැඩ කරන්න, උයන්න...මම නිවාඩුවට ආවම සේරම අම්මට කරලා දෙන්නම්.."
ඇයි ලෝකයා මව් පදවියට අම්මවම තීරණය කරේ.... මොකද පිරිමි පිටතින් ශක්තිසම්පන්න වෙද්දි ගෑණු ඇතුළාන්තයෙන් විද දරා ගත්ත නිසා.. අම්මා කෙනෙක් කියන්නේ මහා පොළවක්... හැමදේම දරාගෙන ඉන්න, පීඩා අපහාස විදින, හැම වේදනාවක්ම ඉවසන හැම කෙනෙක්ටම ආදරය බෙදන අසීමිත සෙනෙහස පිරි ගැහිණියක්..
ඕනම දරුවෙක්ට විවෘත වෙන ඒ හදවත අසීමිත ආදරයකින් පිරිලා ඉතිරිලා..... හැමදේකටම අම්මවම ඕන වෙද්දි පුංචි කාලෙ ඉදන්ම ළමයි ගැන හොඳටම දැනගෙන හිටියේ අම්මා...
YOU ARE READING
බෝගම්බර (Taekook)
Randomඋඹ කොහොමද ඔය ඇස් වලින් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරන්න දක්ෂ උනේ ධීර්.... උඹත් හරියට බෝගම්බර වැව වගේ ධීර්. පිටට නිස්කලංක උනත් උඹේ ඇතුලේ තියෙන කතාවත් හරි වේදනාබර අදෝනාවක්. මම උඹව දැක්කේ නුවරට ගැලපෙන්නෙ නැති ආගන්තුකයෙක් විදිහට දේව්.... ඒත් නුඹ ඇත්තටම...