" කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය
මගේ කුටියේ කවුළුදොරින් "ගේ දොරකඩම බිම වාඩි වෙලා සිංදුවක පද ටිකක් මුමුණ මුමුණ මම බලාගෙන හිටියේ ගෙට එහා පැත්තේ තියෙන ඇට්ටේරියා ගහ දිහා... ඇට්ටේරියා මල් වල සුවඳ නාස් පුඩු කඩාගෙන යනවා...ඒක හරි සැනසිලි දායක සුවඳක්..ගහ යට තිරිවාන ගල් කැට අතුරලා වගේ ඇට්ටේරියා මල් වලින් පිරිලා... වැහි වලාකුළක සේයාවක්වත් නැති අහස නිල්ම නිල් පාටට දිලිසෙනවා... එක සුදු බිදක් හොයා ගන්න නෑ හැම තැනම නිල් පාටයි... අතරින් පතර පියාඹන කුරුල්ලෝ,ප්‍රධාන පාරේ යන වාහන වල සද්දේ ඇරුණහම තිබ්බේ මගේ කටින් මුමුණන සිංදුවේ වචන වල ශබ්දය විතරමයි... කවදාවත් නැතුව අද මේ අවට හැම ගෙදරකම මිනිස්සු නිහඬයි... ඇලිස් අංකල්ගේ ගෙදර අද එයාලා නෑ... දෙන්නම ශොපින් ගියා උදේ පාන්දරම... එහේ සුදු බෝලෙ හිටියේ අද අපේ ගෙදර...සුදු බෝලෙ ඇලිස් කපල් එකගේ සුරතල් බල්ලා... සුදුම සුදුපාට ලොම් පිරිච්ච සාමාන්‍ය ගානේ බල්ලෙක්... අද උදේ ඉදන් එයා මං ළඟ.... බල්ලන්ට බය උනත් සුදු බෝලෙ සැර නැති නිසා අවුලක් නෑ... ඌ මගේ ගාව හොම්බත් බිම තියාගෙන බුදි... උගේ කළු පාට හොම්බ තෙතයි.. ඇස් යන්තම් පියවිලා.. බූල් පිරිච්ච නැට්ට ඔහේ තියාගෙන කම්මැලියා වගේ බුදි... අනේ මන්දා... මෙයාටත් පොඩි බෑග එකක් එල්ලලා ශොපින් යවන්න පුරුදු කරා නම් කකා බිබී මහත් වෙන්නේ නෑනේ...
" කවුරුත් නැති තැන ළං වෙමු අපි ගේ මැද සාලේ
වැඩි වෙන්නේම දොර මුල්ලෙනේ අපි දෙන්නගේ ආලේ
මට ඉන්න හිතුනා යන්නේ නැතුව තුරුලේ ඔයාගේ
ඔය දිස්නෙ වදින ලස්සන පොඩි ඇශ් දෙක මාගේ....මගේ සුදු අම්මියා...උඹ කොහෙද වශ්තූවෑ... "
විහස් පජාත සිංදුවක් කියාගෙනම මගේ ඇගට පැන්නේ මම උට හොඳම එකෙන් රවද්දි..
" උඹට ගෙදර යන්න අදහසක් නැද්ද විහස්..."
" ආආආ.. මේ බලපල්ලකො...මට ඕනේ නම් මම යනවා... නැත්තං මෙහෙ භින්න බහිනවා...ඇයි උඹ ගේමද ආආ..."
" උඹ පෙත්ත ගහලා නැද්ද බල්ලෝ... මං දන්නවා උඹ මෙහෙ ඉන්න හේතුව..."
" ආ..කියපං බලන්න.."
YOU ARE READING
බෝගම්බර (Taekook)
Randomඋඹ කොහොමද ඔය ඇස් වලින් මිනිස්සුන්ගේ හදවත් හොරකම් කරන්න දක්ෂ උනේ ධීර්.... උඹත් හරියට බෝගම්බර වැව වගේ ධීර්. පිටට නිස්කලංක උනත් උඹේ ඇතුලේ තියෙන කතාවත් හරි වේදනාබර අදෝනාවක්. මම උඹව දැක්කේ නුවරට ගැලපෙන්නෙ නැති ආගන්තුකයෙක් විදිහට දේව්.... ඒත් නුඹ ඇත්තටම...