පස්වන කොටස

737 183 24
                                    

මාළිගාවට ගිහින් ආවත් හරි මම කාමරේට වෙලා හැසිරුණේ අන්දකයිප්පු කාපු එකෙක් වගේ.....සිරා අයියගේ යාළු ඩොකාට කියලා බෙහෙත් ටිකක් ගන්න ඕනේ....

සෙතුමයි මමයි මාළිගාවට ගිහින් හිත නිදහසේ ඇවිදලා ආවා....ගොඩ කාලෙකින් ගිය නිසාම දැනුනෙත් පුදුම සහනයක්... මාළිඟාව හරියටම බලන කෙනෙක්ට නම් සම්පූර්ණයෙන් වරුවක් යනවා බලලා ඉවර කරන්න.... මමයි සෙතුමයි අන්තිමට බුදුන් වැදලා එළියට බැස්සා.... ටිකක් දුර පයින් ඇවිත් එළියට යන තැනදි මට ආය අර ඇට්ටර මල් කොල්ලව මතක් උන නිසා ඒ පැත්ත හැරිලා බැලුවා....

අනේ මන්දා මොන මල යකා ගහලද කියලා මම ඔලුව ගසලා සෙතුමා එක්ක ගෙදර ආවා... එන අතරමගදි ගමේ රොයිටර් සුමනා ඇන්ටිව හම්බුන වෙලාවේ සෙතුමා රැව්වා රැවිල්ලක්... මූ යකෝ.....හරියට ආන්ටිට රැව්වේ ආන්ටි මුට අතවර කරන්න ඇවිල්ලා ගියා වගේ...

" මොකො බන් රවන්නේ... "

" උඹ දන්නේ නෑ ඔය අවලං ගෑණි අපේ නංගිට හදපු කතාව... "

" ඇයි මොකක්ද උනේ... "

" අපේ නංගිට නිවාඩු නිසා නංගිගේ යාළුවෝ ටිකක් ආවා.... උඹ දන්නවනේ අපේ එකී කෙල්ල උනාට ඒකි කෙල්ලන්ට වඩා කොල්ලො ආශ්‍රය කරනවා කියලා... උඹ හේතුවත් දන්නවනේ... ඒකිට කෙල්ලො කරදර කරන නිසා ඒකි කොල්ලො එක්ක ෆිට්... ඉතිං එයාගේ යාළුවෝ ටිකක් ආවා කොල්ලො තුනයි එක කෙල්ලෙකුයි.... සම්භාවිතාව කොල්ලන්ගේ පැත්තට වැඩීනේ... ඔය රොයිටර් සුමනා හැදුවා කතාවක් අපේ නංගි තනියම ඉන්න වෙලාවට කොල්ලො ගෙන්න ගන්නවාය, තව ටික දවසකින් බඩ උනාම ගණන් ඉස්කෝලෙ නෝනාට තේරෙයි කියලා... ඔය කතාව අපේ එහා ගෙදර සීයට ඕකි කියලා... සීයා දන්නවා නංගි කව්ද කියලා.... ඉතිං සීයා මට ඇවිත් කිව්වා.....
මම ගියා ඕකිගෙ ගෙදර... ඔය ගෑණිගෙ දෝණිඇන්දා යාළු වෙලා ඉන්නේ අපේ ඉස්කොලේ කුඩු කාරයා එක්ක...ඕකුන් තේ වතු අස්සෙත් රිංගන ජාතිය... මං ගිහින් කිව්වා දෙකක් සුමනාගේ බොකු ලෙෆ්ට් වෙන්න ඒකිගේ දෝණිඇන්දා ගැන... එදායින් පස්සේ ඔය ගෑණි මගේ ළඟින් යන්නේ දැක්කේ නෑ වගේ... මම කරන්නේ රවන එක.... ආවා පද හදන්න.... ගමේ ගෑණු ඔහොමමයි බන්.... අනුන්ගේ කුණුගොඩ සුද්ද කරනවා තමන්ගේ කුණුගොඩ තියාගෙන... "

බෝගම්බර (Taekook)حيث تعيش القصص. اكتشف الآن