විසිඑක් වැනි කොටස

610 139 103
                                    

අද සිකුරාදා.... අද අපේ මොච් එක... මම හිටියේ ස්පෝට් රූම් එකට වෙලා....අපේ ටීම් එකේ සෙට් එකම එතන.... දේව් අයියලා,සනුක අයියලා සේරම කට්ටිය එතන හිටියා.... හේෂාන් අයියත් සෙල්ලම් කරන නිසා එයත් අද උදෙන්ම ඇවිත් හිටියේ ටීම් ලීඩ විදිහට....
මගේ හිත හතර වටේ දිව්වට මම පුළුවන් තරම් උත්සාහ කරලා මාව සන්සුන් කර ගත්තා... අපි අද දිනන්න ඕනේ.. මගේ හිතේ වැඩ කරෙත් ඒක මොලේ කිව්වෙත් ඒකම තමා.....
ගිය දවස් ටිකේ හවස 3.30 වෙනකං ප්‍රැක්ටිස් කරා... හේෂාන් අයියා හිටපු නිසා කෝච්ගෙන් කේස් උනේ නෑ... කෝච් මාව ටිකක් මඟහැරියා.. ඒකත් ලොකු දෙයක්.. නැත්තං ඇඹලයා වගේ එනවනේ ඇලෙන්න.. මම සිනී කැටයක් නෙමෙයිනේ.. හහ්...

අපේ කට්ටිය හිටියේ නිල් පාටයි කහ පාටයි කිට් එකක් ඇදගෙන... ටීම් එකටම මහපු වොලිබෝල් කිට් එකට ඩෙග් දාලා හිටියේ... නවයට තරඟ පටං ගන්නවා....
අපි විතරක් නෙමෙයි දාසයෙන් පහළ,විස්සෙන් පහළ අයත් හිටියා.....
විස්සෙන් පහළ ටීම් එකේ අද සෙල්ලම් කරන්න දේව් අයියා හිටයේ නෑ...එයාට ප්‍රිෆෙක්ට් ඩියුටි ත් දාලා අනික දනිස්සේ අවුලකුත් තියෙනවලු...
මම හිටියේ පුටුවක් උඩ වාඩි වෙලා ග්ලූකෝස් පෙට්ටියක් දිග ඇරගෙන කන ගමන්...

" ධීරකයා... ඕවා ගෙනාවේ උඹට පුටුවේ වාඩි වෙලා කන්න නෙමෙයි මිනිහෝ.. සෙල්ලම් කරන්නකොට කන්න... තියපිය ඕක.. "

කෑ ගැහුවේ මගේ අතිජාත යාළුවා විහස්... ඌත් ඉතිං මං නැත්තං ගෑණි මැරිච්ච මිනිහා වගේ... පස්සෙන්ම තමා.... ඔය මම නිසාම නෙමෙයි ඔතන ඉන්නේ.. හේෂාන් අයියා නිසා... ඒ ආදරේ නිකං නිත්‍යා සමීර් ලව් එක වගේ.. මරා ගන්නවා,ගහ ගන්නවා,රවා ගන්නවා,යාළු වෙනවා.. ආතල් එකේ බලාගෙන ඉන්න සුපිරි ලව් එක.. විහස් එසේ මෙසේ එකා නෙමෙයි... හේෂාන් අයියා විහස් එක්ක වැසුවොත් බබා හම්බෙයි...

" උඹට ඕන්නැති හු යන්නක් නෑ...කට පියාගෙන හිටපං... උඹ නෙමෙයිනේ සෙල්ලම් කරන්නේ මමනේ.... අනික මම කෑවා කියලා පාඩු නෑනේ.. "

" තර්ස්ටන් එකේ අයියලා එහෙම ලස්සන ඇති නේ ධීරක... මොකද කියන්නේ පොඩි ලයින් පාරක් දාමුද... "

හේෂානයටයි අපේ එකාටයි හික් ගෑවෙන්න මමත් ඇහැක් ගහලා ,

" ම්ම්... මරු වැඩේ... මම අහලා තියෙනවා තර්ස්ටන් එකේ විස්සෙන් පහළ සෙට් එකේ සුපිරි හැන්ඩ්සම් කොල්ලො ඉන්නවලු... එකක් දා ගත්තා කියලා වැඩි නෑනේ... "

බෝගම්බර (Taekook)Where stories live. Discover now