EPISODE 19🐺💖💦

321 52 5
                                        

" ජන්කුක් මට ඔයාට කියන්න කතාවක් තියෙනවා"   ජන්කුක් හිටියේ හෙසොක් ව ජිසොව හම්බෙන්න ඇවිත් .. ජන්කුක් හෙසොක්ට බාර දුන්න වැඩේ හෙසොක් හොදට කරන් යනවා දැකලා ජන්කුක් හෙසොක් ගැන තවත් පැහැදුනා..

" ඔම්මාට මොනාද මට කියන්න තියෙන්නේ "  තමන්ගේ ඉස්සරහා තියෙන පුටුවේ වාඩි වෙලා ඉන්න ජිසො දිහා බලන් හරිම නිවුනු කටහඩකින් කියපු ජන්කුක් ජිසොගෙ මුහුනේ තියෙන ඉරියව් නිරික්ෂණය කරා ..ජන්කුක් ට තෙරුනා ජිසො කියන්න යන්නේ එසේ මෙසේ කතාවක් නෙමේ කියලා ...

" මම මනුස්සයෙක් නෙමේ ජන්කුක් මම ඩිමන් කෙනෙක් එතකොට හෙසොක් ට කලින් අහ්ම් "

" මම අහගෙන ඉන්නේ ඔම්මා ඔයා කියන්න දිගටම"  ජිසො කතාව කියන්න අදිමදි කරද්දී ජන්කුක් එ විදිහට කිව්වේ ජිසො ලොකු හුස්මක් අරගෙන ආපහු කතාව කියද්දී .. 

" මම කලින් මැරි කරලා හිටියේ මින් ජෙක්‍යොන්ව එයා තමා දැන් ඩිමන්ලාගෙ කින්ග් ඇත්තටම එක බලෙන් උනු මැරෙජ් එකක් මොකද ජෙක්‍යොන් කියන්නේ මගෙ සහකරු නෙමේ මට එයා ගැන කවදාවත් හැගිමක් දැනුනේ නැ වගෙම එයා ලග කවදාවත් මට ඕන ආදරේ තිබුනේ නැ .. අපේ පව්ලේ බල කිරිමට මට එයා එක්ක ඉන්න උනාට පස්සේ තමා යුන්ගී මම ලගට ආවේ .. දන්නවා ද එත් පුදුමයකට වගෙ යුන්ගී ඉපදෙද්දී එයා සාමාන්‍ය මනුස්සයෙක් උනා එ වගෙම ඩිමන්ලාගෙ ලොකේට ඉර පැව්වා.. ඔයා දන්නවා ද කුක් ඩිමන්ලා කියන්නේ අදුරේ පාලකයො .. ඉතින් යුන්ගී සාපයක් විදිහට ඩිමන්ලා දකින්න ගත්තා යුන්ගී ඉපදුනා ට පස්සේ ආයෙ කවදාවත් මට දරුවෙක්ට උපත දෙන්න බැරි විදිහට එයලා කටයුතු කරා ජෙක්‍යොන් ගොඩක් කෙන්තියෙන් හිටියේ එයා මට ගැහුවා සාපයකට උපත් දුන්නා කියලා එත් මම ගොඩක් සතුටු උනා යුන්ගී අදුරට නැතුව ආලොකේට හුරු උන නිසා එයලා හැදුවේ ඊට පහුවෙනිදා යුන්වයි මාවයි මරන්න එත් මම මගෙ උපරිම ශක්තිය යොදවලා එහෙන් පැනගත්තා වගෙම මට එ වෙනුවෙන් ඩිමන් ආත්මය අතහරින්න උනා  . මට කරන්න දෙයක් තිබුනේ නැ මම මනුස්සයෙක් විදිහට හැඩ ගැහුනා ඉස්සෙල්ලා ම යුන්ගිට බත්සෙටිෆිකට් හැදුවා මොනා උනත් මනුස්සයෙක් විදිහට යුන්ගිට ජිවත් වෙන්න අපහසුවක් නොවෙන්න තමා මම එහෙම කරේ ඔය ඔක්කොම එ විදිහට වෙද්දී දවසක් මම කැලේට ගිය වේලේ තමා මට හෙසොක් හම්බුනේ එතකොට යුන්ගී ඉපදිලා දවස් තුනක් වගෙ ඇති .. ඇත්තටම මම හෙසොක්ට බ්ය උනා ඩිමන්ලාගෙ ලොකේ වුල්ෆ්ලා ගැන කියලා තිබ්බා තමා එත් මම කවදාවත් දැකලා තිබ්බේ නැ .. ඉතින් හෙසොක් කිව්වා එයා මගෙ මේට් කියලා එත් මට එක දැනුනේ නැ මොකද මම සාමාන්‍ය මනුස්සයෙක් උනු නිසා"   ජිසො කතාව කියලා ඉවර වෙලා ජන්කුක් දිහා බලද්දි ජන්කුක් ඇස් පියාගෙන මොනාහරි කල්පනා කරනවා.....

🐺°''°MY QUEEN OMEGA~^°•💓💦Where stories live. Discover now