CHAPTER 01

698 32 12
                                    

"බත් කටක් කාලා යනවා දරුවෝ....කීය වෙනකන් බඩගින්නෙ ඉන්නද දැන් ගිහින්"

"අනෙ තාත්තෙ බස් එක මග ඇරුනොත් ට්‍රැෆික් සෙට්වෙනවා වැව රවුමෙදි."

"අදට විතරක් මාලිගාව ලග බැහැලා පලයන් බන් ඉතිත්."

"අප්පො පන්තියට යන්න වෙන්නෙ දාඩිය පෙරාගෙන් ඊට පස්සෙ..දැන් කොහොමත් නුවර ඉදන් යන්න වෙන්නෙත් පයින් නේ.මන් යනවා සීයේ...සුදු අක්කෙ මන් ගියෝ....හෝර්න් එක ඇහෙනව උඩින් එනව.මන් යනව තාත්තෙ"

ගෙදර හැමෝටම යනව කියන්න එපැයි ඉතින්..නැත්තන් හරිනෑනෙ...

"තෙරුවන් සරණයි..යන ගමන් කඩේකින් වත් මොනව හරි අරන් කකා යන්න එහෙනම්.අහ් මෙ සල්ලි."

"ඕන්නැ තාත්තෙ ඊයෙ ඉතුරුවා තියෙනව මන් ලග"

ඊයෙ රෑ මගුලක් කොරන්න ගියානෙ නිදාගන්නැතුව..නැ මෙහෙමයි.ඊයෙ fb එකෙ එකපාරට පොඩි වීඩියො කෑලල්ක් දැක්ක ඩ්‍රාමා එකක...හරි අමුතුයි...ඒක දැක්ක වෙලෙ ඉදන මට බලනකන් නින්ද ගියෙ නැ ඉතින්.බැරිම තැන සීරිස් එකම එක දිගට බැලුව හවස ඉදන් පානදර 3.30 විතර වෙනකන්..නැගිට්ටෙ 5.30ට ඉතින්.6ට බස් එක එනව ඉතින්...දුක තමයි..දැන් ඉතින් දුවපන්කො බස් එක අල්ලගන්න..සැක්.මටමයි මෙහෙම වෙන්නෙ.හනෙ අන්න යනව.අනේ කොන්දා අයියෙ මාව පෙනි පෙනි ඔහොම යන්නෙ කොහොමද යකූ...පස්සෙන දුවන්නත් බෑ ලැජ්ජයි වගෙ..නිකමට පස්සහ හැරිලා බැලුව තාත්තා ඉන්නවද බලන්න.යසයි.ඉන්නව ඉනටත් අත් තියාගෙන බලාගෙන.මන් ගොන් හිනාවක් දාලා හන්දියට පයින් යන්න ගත්තා.එයා නම් කියයි.බැරි වෙලවත් දුවගෙන ගිහින් නැත්තුවෙ නැත්තන්..මගෙ තත්වෙට මොකද වෙන්නෙ.හන්දියෙන් වත් බස් එකකට නැග්ලා යනව.අද නම් හොද පරිප්පුවක් කන්න වෙයි වගෙයි..

ගම පාස් වෙනක්න් හතර වටෙ ඉන්න ඇන්ටිලාට අන්කල්ලට සිරික්කය දාගෙන ඉක්මනට ඉක්මනට හන්දියට බඩ ගෑව..නැත්තන් හවස ඒද්දි මුලු ගමටම කියයි විපුලගෙ පුතන්ඩියාගෙ දැන් ලොකු කම.හිනා වෙන්නෙ වත් නෑ.යැයි යැයි කියල..ඕක තමයි මේ ගම් වල එපාම වෙන්නෙ....ඔක්කොමත් හරි සමහර උන් හිනා උනාම හිනා වෙන්නෙත් නැ වෙලාවකට..මාත් උට නෙමෙයි හිනා උනෙ වගෙ එනව එතකොට..

•||...නුඹ හා...||•Where stories live. Discover now