CHAPTER 23

119 12 10
                                    

"මෙතන මොකක්ද වෙන්නෙ නිකිත්..!!"

දෙවියනේ සුදු අක්කා..මට අකුනක් ගැහුවා වගෙ කෙලින් වෙලා ඇදෙන් බැස්සා නෙමෙයි පැන්නා..මෙච්චර ඉක්මනට මෙහෙම දේකට මූන දෙන්න වෙයි කියල මන් කීයට වත් හිතුවෙ නැ..මට තේරෙන්නෑ සුදු අක්කාගෙ මූනෙ තියෙන්නෙ තරහක්ද පුදුමයක්ද මොකක්ද කියල..මුලු කාමරේම නිශ්ශබ්ද වෙලා තියෙද්දි මන් වෙවලන කකුල් වලින් සුදු අක්කා ගාවට ගියා..මට දැනුනා අරයා මගෙ පස්සෙන් එනව..එය මට කලින් ඉස්සර වෙලා සුදු අක්කා ගාව හිටගත්තා..

"අක්කෙ..මන්-"

"නිකිත්..! මගෙ කාමරේට එන්න"

සුදු අක්කා තිසරු ලමැදව ඇහුනෙ නෑ දැක්කෙ නෑ වගෙ මට කාමරේට එන්න කියල යන්න ගියා..මන් එයා ගාවට ගිහින් එයාගෙ අත තද කරල අල්ලගෙන ඇස් වලින් මන් යන්නම් කියල ඉගි කරා.

"බබා තනියම යන්නෙප..මන් කියන්නම් අක්කට..ඉන්න"

"මන් කතා කරල එන්නම් අයියෙ"

මන් එයාගෙ අත අතෑරලා සුදු අක්කගෙ කාමරේට ගියාම සුදු අක්කා දොර වහල ඇවිත් ඇදෙන් ඉදගෙන අත් දෙක බැදගෙන මන් දිහා බලන් හිටියා..නවත්තන්න කියන්නෙපා..නවත්තන්න කියන්නෙප..ප්ලිස්ස්..ප්ලිස්ස්ස්...

"ඔයා මොනව කරනව කියලද මල්ලි හිතන් ඉන්නෙ..ඒකත් ගෙදර..බැරි වෙලාවත් මන් දැක්ක ඒවා පොඩි මාමා දැක්කා නම් මොනවා වෙයිද කියල ඔයාට හිතාගන්න පුලුවන්ද..අහ්..එයා තිසරු මල්ලි ගැන කොච්චර විශ්වාසෙන් ඉන්නවද කියල දන්නවද..ඔයා..ඔයා කවද ඉදන්ද මල්ලි කොල්ලෙක්ට..කැමති උනෙ.."

සුදු අක්කා එක දිගට කියවගෙන ගියා එයාගෙ ආවෙගෙ පිටකරන්න..ඇත්ත..මට හිතන්න තිබ්බ මන් ගෙදර ඉන්නෙ කියල..ඇත්තටම ඒක මගෙ වැරැද්ද..මට අමතක උනා ඉන්නෙ කොහෙද කියලත්..අපි දෙන්න කොච්චර පරිස්සම් වෙන්න ඕනෙද කියල මට මෙ වෙනකන් තේරුනෙ නැ...මොකද මෙ දවස් ටිකේම මගෙ වටෙ හිටපු අය අපි දෙන්න ඉද්දි හරිම නොර්මල් විදියට හැසිරුනෙ..

"මට..මට..තිසරු අයියා ගැන විතරයි එහෙම..හිතුනෙ"

"කොච්චර කල්ද දැන්"

"මාසයක් විතර"

"එතකොට මෙච්චර දවස් එ මල්ලි කරපු හැමදේම කරෙ ඔයල දෙන්නගෙ සම්බන්දෙ නිසා..එහෙමද"

•||...නුඹ හා...||•Where stories live. Discover now