CHAPTER 13

127 18 15
                                    

"මොක..ක්ද.."

"මන් කියන්නෙ මන් ගේ නෙමෙයි කියලා"

අනේ..මගෙ හිතෙන් නිකන්ම කියවුනා අනෙ කියලා..ඇයි ඉතින්..මන් කලින් දැනන් හිටියා තම එයා ගේ නෙමෙයි කියලා.ඒ උනත් අනේ...මගෙ පපුව රිදෙනවා.මන් කොහොමත් බලාපොරොත්තු උනේ නැ නෙ එයා මම ගේ මල්ලි මම ඔයාට කැමති කියනවා දකින්න.නේද...නේද..ඇත්තටම එහෙමද..මෙ දවස් දෙකේම මන් එහෙම බලාපොරොත්තු උනේ නැද්ද...

එයා තාම මගෙ අත අතගානවා.මගෙ ඇස් වලට එබිලා මාරුවෙන් මාරුවට මගෙ ඇස් දිහා බලනවා..ඕක කියන්නද මෝඩ තිසරු මාව එක්කන් ආවෙ තකහනියක්ම...මට දුකයිත් වගේ..මගෙ මොලේ දිරලද කොහෙද...මන් කොල්ලෙක් ඉතින් කොල්ලෙක්...ඔව් ඉතින් කොල්ලෙක්...අහ්හ්හ්හ්හ්හ්...මගෙ මොලෙ විකාර වෙලා.

"අඩන්න එපා"

මොකාආආක්ක්ක්..මන් කොහෙද ඇඩුවෙ.

"ම..මන්"

"නැ කියන්න එපා"

මන් ඔහෙ එයා දිහා බලන් හිටියා.මොකක්ද මෙයා මෙ කරන්නෙ..

"මන් කියන එක අහන්නෙ නැද්ද ඉතින්."

මන් මගෙ අත එයාගෙන් ඇදලා ගන්න ගියත් එයා ටිකක් තද කරලා ආයෙ අල්ලගත්තා.හරියට ගන්න එපා කියන්න වගෙ..මන් ලොකු හුස්මක් පහත දාලා එයා දිහා බලන් හිටියා..කියන දෙයක් කියපන්කො ඉක්මනට..මල්ලි මන් ඔයාව කිස් කලට සොරි.මටත් හැගීමදැනීම තියෙනවා.ඒක සාමන්‍යයි..යැයි යැයි ගාපන් හහ්..

"ඒ පාර රවන්නෙ.."

අනේ මේකා එක බැ අප්පා මට..කියන මගුලක් කියපන්කො.මේ කාමරයක් අස්සෙ තියාගෙන.

"අනෙ මෙ කිය-"

"හරි හරි...ඔය මූන දැක්කම කියන්න තියෙන ඒවත් අමතක වෙනවනෙ..එක පාරට අඩලා දැන් රවනවා.."

මූට අන්දකයිප්පු කැවිලද යකෝඕඕඕඕ..ලැජ්ජත් හිතෙනවා ඒ අස්සෙ..මන් හිතන්නෙ දැන් නම් එයා ෆුල් සීරියස් වෙලා ඉන්නෙ.අනිත් අතෙනුත් මගෙ අත අල්ලගෙන තව ටිකක් මගෙ ලගට ආවා..ලග වැඩිනේඒඒඒඒඒ..

"මල්ලි..ඔයා දන්නවනෙ..මට කලින් කෙල්ලෙක් හිටියා අපි අවුරුදු ගානක් ආදරෙ කරා කියලත්..ඉතින් මට කවදාවත් කොල්ලෙක් ගැන හිතිලා නැ..මන් කියන්නෙ..මෙච්චර දවසක් මන් ගේ නෙමෙයි..ඔයාට තේරෙනවනෙ"

•||...නුඹ හා...||•Where stories live. Discover now