CHAPTER 16

110 16 19
                                    

ගෙදර ආපු ගමන් මන් ඩේටා ඔන් කරලා ගිහින් වොශ් දාගෙන කාලා බීලා ආයෙත් කාමරේට ආව...ඔව් මට පේනවා නොටිෆිකේශන් බාර් එකේ තිසරු ලමැදගෙ මැසෙජ් එකක් තියෙනවාආආ..ගෙදර ආවද කියල අහල..ඕකට රිප්ලයි කරපු ගමන් බනින්න ගයි අප්පහ් හැබැයි..මුදුම මගුලක් උනා මේක නම් දැන්..මෙච්චර දවස් මන් බැනුම් ඇහුවේ අපෙ තාත්තාගෙනුයි සුදු අක්කගෙනුයි විතරයි..දැන් මේකාගෙනුත් බැනුම් අහන්න වෙලානෙ..හරිම අසෝබනයි..හරිම අවිනීතයි..

මන් වට්සැප් එකට යන්නැතුව යූ ටියුබ් එක ඕපන් කරගෙන හෑන්ඩ් ෆ්‍රී එකත් කන් දෙකේ ගහගෙන ඇදෙන් හාන්සි උනා..මන් මීම්ස් රිවීව් විඩියොස් බලන්වා..හැමෝගෙම නෙමෙයි..සමහර උන් හිනා වෙද්දි උන් හිනා වෙන්නෙ බොරුවට කියල තේරෙනව අප්පහ්..එත්කොට මට එපා වෙනව...දැන් අවුරුද්දක් දෙකක් වගෙ ඉදන් මන් බලන්නෙ කොටාගෙ වීඩියො..ඒකත් මට ඔය fb එකේ පොඩි පොඩි වීඩියො කෑලි තිබිලා හම්බුනේ...පොඩ්ඩක් ඉතින් හෑන්ඩ්ෆී ගහගෙන තමා බලන්න ඕනේ..මුල් කාලෙ ඉතින් මන් දන්නැතුව සාලෙට වෙලා බල බල හිටියා...ඒ දවස් වල වීඩියො එක මැදින් අක්ක කෙනෙක් අහ්හ්හ් ගාන ටෙම්ප්ලේට් එකක් යනව..අම්මට හුඩු ඒ අක්කා එදත් මන් බල බල ඉද්දි මැදින් අහ්හ් ගාවා විතරයි මතක..සත පට සත්ත පඩි..එව්ව්ව්..ඒ කාලෙ හෙන මෝඩයි මන්..හිච්චි නෙ අනේඒඑ..දැන් කියල වෙනසක් නෑ මන් දන්නවා බට් ඉතින්..අර අක්කයි අයියගෙ මීම් රිවීව් එකත් මරු....

කොහොම හරි මන් වීඩියො දෙක තුනක් විතර බලලා ඇති හිතුනම fb එකෙත් උඩ පහල ගිහින් ඉන්සටර් එකෙත් ස්ටෝරි එහෙම ටිකක් බලලා ගියා වට්සැප් එකට....තිසරු ලමැද ඔන්ලයින් හිටියෙ නැත්තන් හොදයි..ටුන් ගලා රිප්ලයි කරල එන්න පුලුවන්..

මන් මැසෙජ් එක ඕපන් කරපු ගමන් බැලුවා ලාස්ට් සීන්..හප්පේඒඒඑ...විනාඩි දෙක්කට කලින් ඉදල..දැක්කනෙ මගෙ වෙලාව හොදයි..මන් ඉක්මනට ඔව් කියල දාලා බැක් උනා..ඉක්මනට් ඔෆ්ලයින් නෙමෙයීඊඊඊඊඊඊඊඊඊ...කෝල් එකක්...මට තඩි කෙල ගුලියක් ගිලුන..මේ බයකට නෙමෙයි හරිද..මන් ආස නෑ තරහෙන් ඉන්න මිනිස්සු එක්ක කතා කරන්න..ඒකයි හහ්..මන් කෝල් එක අන්ස්වර් කරලා ෆෝන් එක කනෙන් පොඩ්ඩක් එහට කරලා තියාගත්තා.කෝකටත් හොදයි නෙ ඒක.

•||...නුඹ හා...||•Where stories live. Discover now