CHAPTER 07

151 15 10
                                    

"මල්ලි...නිකි.නැගිටල එන්න තේ බොන්න..කෝ."

"හ්ම්...."

"එන්න එන්න..මේ ක්‍රීම් එක ගාන්නත් ඕනි මූනෙ..බලන්නකො ඉදිමිලා හොදටම.කෝ..නැගිටින්න ඉතින්.."

"හ්ම්ම්...හ්ම්ම්.."

"දෙනවා උබට මන් දෙකක්....පොඩි මාමා කතා කරනවත් එක්ක..ආයෙ ගහයි උබට අවොත්"

"අනෙ..එයා.දන්නෙ..ගහන්න..විතරනෙ.."

"හරි හරි නැගිටින්නකො හොද මල්ලි වගෙ"

අයියෝඕඕ මේ සුදු අක්කා නම්..නිවාඩු දවසෙ නිදාගන්න දෙන්නැ නෙ අනේඒඒඒ..
ඇගෙ හිරි ඇරලා මන් හෙමීට නැගිට්ටා..කම්මුල දනවනෙ අප්පා.

"යන්න ගිහින් කට හෝදගෙන තේ එකත් අරගෙන එන්න මේක ගාන්න.මට තාත්තා එක්ක යන්න තියෙනවා ."

"ම්ම්ම්."

මන් නිදිමතෙ වැනි වැනි කුස්සියට ගියා..කො.මෙ කොප්පේ...පේන්නෙත් නැ අනෙ.නැගිටපන් නිකිත්ත්ත්ත්ත්...
හපූ සීතලයි අනෙ වතුර.දත් ටිකත් හිරි වැටුනා..
උනු වතුර ටිකකුත් බීල ආවා ආයෙ කාමරේට..කෝ මේ චූටිය.බුදිද තාම.තාත්තා නම් සාලෙ ඉන්නවා මන් දිහා බලාගෙන.මන් තරහයි නෙ..දැක්කෙ නැ වගේ ආවා කාමරේට.

"ආව්ව්ව්..අක්කෙ හෙමීට ගාන්නකො"

"එච්චර හයියෙන් ගැහුවද මල්ලි පොඩි මාමා..අනෙ මන්දා අප්පා."

"මන් ඉතින් ආව්ව්...වැරදි...ආනේඒඑ රිදෙනවා නේ....."

"හරි චුට්ටයි චුට්ටයි"

ආයෙ නම් යන්නැ අප්පා කොහෙවත් මගුල..මේක කරන්න බැනෙ අනේ.....

"හරි..ටිකක් වෙලා ඉන්න ඔහොම..දැන්ම මූන එහෙම හොදන්න එපා..මන් තාත්තා එක්ක හොස්පිට්ල් එකට ගිහින් එන්නම්..චූටියා එක්ක ඉන්න හරිද..ලොකු මාමා එක්ක රන්ඩු වෙනවා එහෙම නෙමෙයි"

"හරි හරි.."

සුදු අක්කා මගෙ ඔලුවත් අතගලා කාමරෙන් යද්දිම මගෙ ෆෝන් එක වයිබ්‍රේට් උනා.ඕහ්හ්හ්හ්..අවුරුදු කුමාරයා උදෙන්ම..

"හෙලෝ"

"හෙලො ගුඩ් මොර්නින් මල්ලි.මන් ඊයෙ ඉදන් ගත්තා ඔයා ආන්ස්වර් කරෙ නැනෙ...තිසරු කිව්වා තාත්තා ගැහුව කියලත්..මොකද උනෙ මල්ලි.."

•||...නුඹ හා...||•Where stories live. Discover now