CHAPTER 10

139 19 26
                                    

"ළමයො අර පුටු ටික ගෙනෙන් මේ හට් ගහලත් ඉවරයි දැන්..කීයටද ඕවා කරන්නෙ..6ත් පහු වෙලා දැන්.."

"හා හා අනේ....තිසරු ල- නැ..අයියෙ යන්ද පුටු ටික ගේන්න.."

මූ හොදට කියවනව බිස්කට් එක්කුත් හප හප ලොකු මස්සින එක්ක..සුදු අක්කගෙ රාවනා එන්නෙ නැද්ද දන්නැ දානෙ බත් ටිකක් කන්න..පව්නෙ ඉතින්..එයාගෙ සීතා හාමිනෙ..අසෙ රාවනගෙ නෙමෙයි නෙ  සීතා..මතකත් නැ ..කමක් නැ.මට වැඩක් නැනෙ..කොහොම හරි හාමිනෙ නෙ..දැන් මොකක්ද මන් කරන්න හිටියෙ...ඇයි මෙ තිම්සරු අත වනන්නෙ මූන ඉස්සරහින් මගෙ.

"යන්ද......."

"අහ් කොහෙ"

"අනෙ ඇත්තමයි මල්ලි..වරෙන් යන්න"

"අ..ත..අත...අතාරින්න.."

යකෝව්ව්ව්ව්...කොහෙද මෙ කගවේනා වගෙ යන්නෙ මාවත් ඇදගෙන...හෙමීට පලයන්කො...

මූ මාවත් ඇදගෙන පාරෙ ටිකක් එහාට වෙන්න නවත්තල තිබ්බ ලොරිය ලගට ආවා..අහ්හ් පුටු බාන්න.හේ හේ...කලින් කියන්න එපැයි..අමතක වෙනවනෙ.

"ම්ම්ම් සෙට් හතරක් තියනව නෙ...අපි එකක් අරන් යන ගමන් විහගට එන්න කියමු...නැත්තන් හතර පාරක් එන්න එපැයි"

තිසරු ලමැද ලොරිය ඇතුලට නැගල එයාගෙ ගනනය කිරීම ඔක්කොම ඉවර වෙලා ලොරියෙන් එලියට ඔලුව දාලා මට කිව්ව..මූ කියන දෙයක් තමා ඉතින්..

"හා "

"අයියෙ මෙ ටික බිමට බාමුද"

"හරි මල්ලි අල්ලමු"

මන් චුට්ටක් පස්සට වෙලා දෙන්නට පුටු සෙට් ටික බිමට තියන්න ඉඩ දුන්නා.දැන් ඉතින් උස්සමු පුතා..

"ඔය ඉස්සරහින් යනවද නිකි.පස්සහින් එනවද"

"ඕන එකක්"

අනෙ මුටත් පුදුම සෝබන..මන් ගිහින් පුටු කකුල් තියන පැත්තෙන් උස්සද්දි තිසරු ලමැද ඉස්සරහින් අල්ලගෙන පස්සෙන් පස්සට ගිය..මන් ඉතින් මග පෙන්නුවා..මන් පෙන්නන පාරෙ ගියොත් කවදාවත් වරදින්නෙ නැ තිම්සරු අයියෙ..

කොහොම හරි විහග අයියයි චූටියයත් උදව්වෙන් පුටු ටික හට් ඇක් ඇතුලට ඇද්ද..තව එකයි තියෙන්නෙ..මායි තිසරු ලමැදයි ඒක ගන්න ආවා පාරට.

•||...නුඹ හා...||•Where stories live. Discover now