CHAPTER 08

135 15 26
                                    

හම්මො හති අප්පා මෙ ටික පයින් ආවාම...අද ගමේ බස් එක තිබ්බෙ නෑනෙ..හන්දියෙන් බැහැලා පයින් ආවා ඉතින්..අවුවත් එක්ක අනෙ..ගිහින් නාගෙන නිදාගන්න.අප්පහ්.මොන නිදාගැනිලිද තාත්තා කිව්වා ගේ ඉස්සරහ ටික සුද්ද කරල දාන්න කියල..වල් වැදිලා අප්පහ්.අර කවිදුවගෙ හිත වගෙ..ඉව්ව් ඌ නම්..අද හවස පීරියඩ් එකක් හිස් තිබ්බා අපි දෙගොල්ලන්නටම.මූ මාව හොයන් ආවනෙ..සෙනුරලා කට ඇරන බලන් ඉන්නව.ඇයි ඉතින් මන් එහෙම කියවන කෙනෙක් නෙමෙයි නෙ වෙන අය එක්ක.

කවිදුට ඊයෙ විහග අයියා බැන්නලුනෙ..මන් කිව්වනෙ මුන් දෙන්නා අතරෙ යමක් තියෙනව කියල..හහ්...මු ඉතින් මට දුක කියනව.මාත් අහන් ඉදලා ඉතින් හැමෝම කියන 'ඕවා ඔහොම තමයි බන්.වැඩිය හිතන්නෙප කිව්වා'..වෙන මොනා කියන්නද..මට කෙල්ලෙක් ගැන නම් මොකක් හරි කියන්න තිබ්බ..කොල්ලෙක් එක්ක ඉද්දි මොනවගෙ හැසිරෙන්න ඕනිද කියල තේරුන්නැ අප්පාඅහ්හ්හ්හ්

ආව්ව්ව්ව්ව්...හු...කවුද යකො.ගේට් එක එහාපැත්තෙ කටු කම්බි දැම්මෙ.ශිට්..අතත් හීරුනා අනෙ...
මන් අතත් අතගගා ගේ ඇතුලට ගියා..

"මන් ආවාආආආ"

"හියුන්න්න්න්න්න්න්"

අයියො ඔන්න එනව..ඇගට නම් එන්නෙපා මහන්සියෙන් ඉන්නෙ..නැ නැ ඇගටාඅවෙ නැ ..මු මගක් එද්දි ලොකු නැන්දා කරෙන් අල්ලගත්තා.හොද වැඩෙ.

"අහ් නිකි..පුතෙ වොශ් එකක් දාලා එන්න මන් දෙන්නටම කවන්නම්..මේකා කෑවෙ නැ ඔයා එනකන්"

"විනාඩි 5න් එන්නම්..."

සීයත් ඉන්නව සාලෙ..තට්ටුවක් දාගෙනම ඉක්මනට ආවා බත් කවාගන්න...මාර රසයි අනෙ කවුරු හරි කවද්දි...ලොකු නැන්දා කවද්දි වැඩියෙන් රසද මන්දා.චූටියයි මායි දෙපැත්ත් ඉදගෙන කවාගත්තා.

"කෝ අනෙ මෙ තාත්තා..අර බත් එක බෙදල කොයි වෙලේද දැන්..අර සින්දු මගුලක් දාගෙන ඇත්තමයි..කෝ හරියට කට ඇරපන් චූටි..බත් ඇට දහයක් කටට යන්නැ"

"ඔම්මා... හාල්මැස්සෙක් අනන්නකො"

"අනනවා අනනවා බන්..ඔක්කොම උබට කැව්වම හරිද"

ලොකු නැන්දලා ගෙදර ආවම ගෙදරම පිරිලා වගෙ..චුටිය උනත් කෑගගහ ඉන්නවනෙ..අනික ඌ ආවම අපෙ සීයා අහන්නෙ කොරියන් සින්දු..ඩීන් ඩින් ගානවා බේස් එකත් හොදටම වැඩි කරගෙන..ඒ මන්දා...වෙනදට ඉතින් හරිම සන්සුන් මේ ගෙදර..මන් ඉතින් කමරේට වෙලා ඉන්න එකනෙ..සද්දයක් බද්දයක් නෑ.

•||...නුඹ හා...||•Where stories live. Discover now