Part 2 ❀

275 16 1
                                    

ටික දවසක් හරිම සාමකාමි විදිහට ගත උනා..අයියත් ආව නිසා හැමදාම college යන්න මට සිද්ද උනා..A/l කරන්න බෑ අප්පා..මං ඕක කරා කියලා ඇති වැඩක් නෑ..කොහෙද මේ අයිය එක්ක බෑ නේ..business වලට ජොයින් වෙන්න කලින් මොලේ පාදන් ඉන්නලූ..හෑ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න..එතකොට ඌ කියන්නෙ මට මොලේ නෑ කියලද..

college ගියා කියලා අපි cls එකේ ඉන්න ළමයිනම් නෙවෙයි..මොකක් හරි හේතුවක් හදන් dancing room එක අස්සට තමා රින්ගන්නෙ..

"නෙහස් කෝ දනුකයා.."

"උන්ට අද cadet practice බං අන්න ground එකට ගියා.."

" අපිත් යන්කො ඒ පැත්තට.."

"අප්ප කල්‍යාණි teacher "

"කොහෙද අප්පේ මේ යන්නෙ සේපාලිකා මල් වට්ටියක් වගේ.."

"කෑ ගන්න එපා නෙහස් පිස්සුද..කොහෙද යන්නෙ මේ ඇයි පංතිවල උගන්නන් නැද්ද.."

"උගන්නනව ඇති නේ..නැද්ද බං දේශ්.."

"අහ් මේ දේශාන්..පුලුවන් වෙලාවක dancing room එකට එනවද පොඩි වැඩක් තියනව කරන්න..අනිත් ළමයිවත් එක්කන් එන්න.."

" හා teacher මං එක්කන් එන්නම්.."

"දැන් යනව පංතිවලට රවුන් ගහන් නැතුව.."

" බායි සුදූ.."

" ඈ බං මෝඩයා ඔහොම හැසිරෙන්න එපා යකෝ..එයාටමයි ප්‍රශ්නයක් වෙන්නෙ උබලගෙ ඔය වැඩ නිසා..චූටියට හිටියට එයා teacher කෙනෙක් කියල මතක තියා ගන්නවා.."

" ආ...ඇයි දුකද එයාට ප්‍රශ්නයක් උනොත්..ඌයි යකෝ ගහන්න එපා..හරි හරි උබට ගෑණුන්ගෙන් වැඩක් නෑ කියන්න දන්නවා.."

ඒ ඉතින් අපෙ ආදරණීය dancing teacher ඇත්තටම අද ලස්සනයි සේපාලිකා මල් වට්ටියක් වගේ..එයා ගොඩක් තරුණයි..හැබැයි ඉතින් හොදට හොදයි නරකට නර....කායි..

teacherටත් බායි එකක් දාන් අපෙ ආව ground එකට..අර ඉන්නෙ ඇටි කුකුලා කෑ ගහ ගහ..ඌ commad කරනවා අනිත් උන්ට..cadet කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි..කිසිම හුරතල් කිරිල්ලක් නෑ පනපිටින් මරවනව වගේ මටනම් පෙන්නෙ..අපෝ මේ අව්වෙ දැන් පැය ගානක් මුන් කොහොම ඉන්නවද මංද..

හෝව් හෝව් අර මොකාද..රොමියෝ නේද ඌ මොකද එතන..ඈ අපෙ එකාට command කරන්න කියල දෙනව නේද..ලැජ්ජාවෙ බෑ නේ ඉතින්..යෝහ්...උගෙ voice එක මාරම deep..මගෙ ඇගේ නිකන් current එකක් ගියා වගේ..සැක් නෙහසත් කට ඇරන් බලන් ඉන්නෙ ඒ දිහා..

RED EYES 🐺🔞 ( hyunlix )Donde viven las historias. Descúbrelo ahora