28. ☘ ආපහු එන්න

802 183 68
                                    



"ඒ කියන්නේ ජන්කුක් ඔයා ලග නෑ..."

එකපාරටම නම්ජුන්ගේ හිත කියවලා වගේ නම්ජුන්ව දැක්ක ගමන් ඒ කෙනා කිව්වා.

" වී..... "





" එතකොට මේ වෙනකොටත්...."



" වී...... මොනාද මේ සිද්ද වෙන්නේ.... වී ජිමින්..."

ආගන්තුක ආත්මය වීගේ ඇවටා ආත්මයයි.
නුහුරු හිනාව නපුරු හිනාවයි.
මේ දෙකම ඇත්තේ ඇවටටයි.
පරිපූර්න ඇවටා කිව්වොත් නිවැරදී.

නම්ජුන් පුදුමය පැත්තට විසික් කරලා තවත් සීතල වෙන ජිමින්ව වීට පෙන්නුවා. ඒත් ඒ පැත්තවත් නොබලපු වී තවත් කල්පනා කරන්න පටන් ගත්තා.

" නෑ මේ වෙනකොටත් එයාව අල්ලගෙනද... මන් පරක්කු වැඩි වෙන්න විදිහක් නෑ. මේක නෙවේ කාලය.. ඒක සිද්ද වෙන්න තවත් පොඩි කාලයක් තියෙනවා.... "

"වී අනේ මගේ ජිමින්ව බේරලා දෙන්න.... වී........ මේ බලන්න එයා මැරෙවී... මේ සීතල එයාට දරා ගන්න..."

නිකටට ඇගිලි යවමින් කල්පනා කර කර බිම බලන් ඉදපු වී එක පාරටම අනික් අත උඩට කරලා ඇගිලි දෙක එකට අතුල්ලන ගමන් පොඩි සද්දය්ක් දැම්මා. ඒත් එක්කම නම්ජුන්ගේ අතේ හිටපු ජිමින්ව සැනෙකින් අතුරු දහන් වෙලා ගියා. නම්ජුන් දෑත් නිසල උනා වගේම බයෙන් වෙව්ලන්න පටන් ගත්තා. ඒ හදවත කෑ ගහන්න ගත්තා කෝ ජිමින් කියලා. කෝහොමද අතේ හිටපු ජිමින්ව අතුරු දහන් උනේ කියලා වට පිට බලපු නම්ජුන් කලබලෙන් හති දාගෙන ජිමින්ගේ නම කිය කිය කෑ ගහන්න පටන් ගත්තා.

වී ගේ මූන ඉස්සරහයින් එක පාරටම නිසොල්මන්ව නිදහස් අවකාශයේ පාවෙමින් සුව නින්දක වැතිරිලා ඉන්න ජිමින්ව මතු උනා.

නම්ජුන්ගේ ඇස් තවත් අද ගන්න බැරි උනා.

මොනාද මේ සිද්ද වෙන්නේ...

මුලු කාලයේම ඔය ප්‍රශ්නය නම්ජුන්ගේ ඔලුව ඇතුලේ නටන්න පටන් අරගත්තා.

ජිමින් සුදු මැලී වෙලා හිටියා මේ දරා ගන්න බැරි සීතල නිසා. රෝස කම්බුල් රතු තොල් සුදුමැලි වෙලා ගිහින්. ඒ ඇස් පිහාටු අයිස් වලින් මිදිලා තිබුනා.

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now