22. ☘ අලුත් තුවාල

876 182 125
                                    


       කාලය නැවතත් වර්තමානයට.
       

             කිම් කම්පැනි එකම පාලුවට ගිහින් වගෙයි. කොරියාවේ දෙවනියට විශාලම කම්පැනි එක පාලුවට යනවා කියන්නේ හිතා ගන්න පුලුවන්ද.

          වී කියන්නේ මාස 4ක් විතර මේ කම්පැනී එකේ වැඩ කරපු කෙනෙක්. ජන්කුක් වී දෙන්නම  පොඩි කාලයක් තමයි මේ කම්පැනි එකත් එක්ක සම්බන්ද වෙලා හිටියේ. ඒත් මේ පොඩි කාලයේදී මුලු කම්පැනි එකම මේ දෙන්නව අදුරගත්තා. විශේශයෙන් වීව. ජිමින් වගේ වෙන්න දගලපු වී මිනිස්සුන්ගේ හිත් දිනා ගන්න හුගාක් දක්ශ උනා. වී මනුස්සයන්ගෙන් මනුස්සකම පිරුනු කෙනෙක්ව පෙන්නන්න කිව්වොත් පෙන්නන්නේ ජිමින්ව. වී දැක්කේ ජිමින් කියන්නේ මිනිස් ලෝකයේ ඉන්න එක්තරා දේවදූතයෙක් විදිහට. වීගෙත් ජිමින්ගෙත් සම්බන්දය යාලුකමකට වඩා ඉහල බැදීමක් තිබුනු හරි ලස්සන දෙයක් උනා.

          වී කම්පැනිඑකට ආවාට පස්සේ   ඒ ආපු මුල් දවස්වලදී කෙල්ලෝ වීව දාගන්න පුදුම විදිහට ට්‍රයි කලා. ඒත් ඕවා දිහා බලාගෙන එක තත්පරයක්වත් ජන්කුක්ටනම් ඉන්න බැරි උනා. කෙල්ලෝ එක්ක තමයි ජන්කුක්ට හුගාක්ම කේන්ති ගියේ ඒත් ඒ තරහා පිට කලේ වීගෙනමයි. දෙන්නාගේ රන්ඩු කෙලවරක් නෑ ඉතින්. ජන්කුක් රන්ඩුවට පැටලෙන්නම කෙල්ලෙක් නිසාමයි. වීත් ඒකටම හරියන්න ඇවිස්සෙනවා. ජන්කුක් වී ඉස්සරහයි ගොඩාක් වෙලාවට කකුල පැටලිලා වැටෙන්නේ. ජන්කුක් හිතන්නේ ඒක එයාගේ අන්ලකී කම කියලා. ඒත් ඉතින් එයා දන්නෑනේ වී තමයි එයාව එහෙම වට්ටන්නේ කියලා. ජන්කුක්ගෙන් තරහා පිට කරන්න ඔනේ උනාම වී ඔය වගේ වැඩ හැම දිස්සෙම කරනවා. ජන්කුක් දවසට තුන් හතරපාරක් කොන්ද බිම ඇනගන්නවාමයි. ඒත් ඉතින් ජන්කුක් වීව අවුස්සන එකනම් දිගටම කරගෙන ගියා.

  වී අනන්තවත් ජිමින්ට කියලා ඇති ඔෆිස් එකෙන් එයාව වෙන තැනකට දාන්න කියලා. ඒත් ජන්කුක්නම් වීට ඒ වැඩේ කරන්න ඉඩ දුන්නේ නෑ. ඔය මොනා උනත් වීව ලගින් තියා ගන්නයි ජන්කුකාට ඔනේ උනේ උනේ. ඒ ඇයි කියන්න එයා දන්නේ නෑ. ඒත් එයාට දැනුනේ වී කියන්නේ එයාගේ දෙයක් කියලා.

   වී ජිමින්ගෙන් ඈත් කරන්න ඔනේ නිසා නම්ජුන් වී එක්ක වැඩ කරන්න මිස් යූරී වගේ තව ග්ර්ස්ලවත් දාලා තිබ්බා. වී ඒ අයත් එක්ක වැඩ කරද්දී ජන්කුක් අනන්තවත් උගුර පාද පාද ඒ වැඩ වලට බාදා කලා. අන්තිමට බලන් ඉන්න බැරිම තැන මිස් යූරි හැර අනික් අයව අස් කලා බොරු හදලා.

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now