1.☘ අවසන් ඇවටා

6.6K 346 152
                                    


" ඔහු ආයෙත් එනවා..."

           ඔබට දැන ගන්න ලැබෙයි ඒ කවුද කියලා. මෙය පටන් ගැන්මක් නොවන බව ඔබ දැනුවත් විය යුතුයි. මම මුල් පොතේ සැබෑම  හිමිකාරයා වන නිසා ඔබට සිදු වනවා ඉදිරියට සිදුවන ඔනෑම දෙයකට හොදින් හෝ නරකින් මුහුන දෙන්න.

        
      " මේ ජන් රජුගේ රාජ්‍ය සමයයි. රජු ඉතාමත් කරුනාවන්ත පුද්ගලයෙක්. රට වැසියන් තුව පවා අධිරජු  හොද නමක් තියා ගත්තා.
         අග රැජිනියට දරුවන් සිටියේ නෑ. මුලු රජවාසලම රැජිනියට දොස් කිව්වා. ඇය හුගාක් අහිංසක කාන්තාවක්. ඇයට සිද්ද උනා කොහොම හරි දරුවෙක් හදන්න.
රැවුම් ගෙරහුම් නිසා ඇය රජවාසලෙන් පිට උනා කෙසේ හෝ දරුවෙක් හදාගන්න මගක් හොයාගෙන.

ඇය ඇතුලු උනේ මුර්ගයන් ජීවත් වන වනාන්තරයට. ඇය මගදී  බැලැක් මැජික්කරුවන්ගේ උගුලකට අසු වනවා.

ඇයට සිහිය එනවිට ඇය සිටියේ ඇයගේම කුටියේයි. කිසි දෙයක් හිතා ගන්න බෑ. කකුල්වල මඩ තැවරුම් නෑ. ඇය පිරිසිදුයි. රජු කොහෙන්දෝ එකපාරටම පැමින ඇයව බදාගෙන අඩන්න ගත්තා.

   ඔහු ඉකි ගගහම කිව්වේ ඇය මව්ක් වී සිටින වගයි. රජුගේ දෑස් වලින් පැමිනියේ සතුටු කදුලු වුවත්, එය සතුටටම උනන කදුලු නොවේ.

     රජු දැන සිටියා කුසේ සිටින්නේ ඔහුගේ දරුවෙක් නොවන බව. දවස් තුනකට පෙර ඇය මාලිගයෙන් පිට වුනු හැටි රජු දැක්කා.

ඇය පසුපස රජු අසරුවන් යැව්වා. ඇය වනයට ඇතුල් වන සැටිත් බ්ලැක් මැජික් කරුවන් විසින් ඇයට කරපු බන්දනයත් අසරුවන් දැක්කා. පසුව මැජික්කරුවන් ඇයව එතනම දමා ගිය පසු අසරුවන් ඇයව මාලිගයට ගෙනාවා. 

ඇයට සිහිය එන්න දවස් තුනක් ගියා.

රජු ඇයට කිසිම දෙයක් නොකියා ඉන්න වග බලා ගත්තා. රජු ප්‍රදාන වෙදැදුරන් ලව්වා ඇයව පරීක්ෂා කෙරෙව්වා. ඇයගේ කුසේ දරුවෙක් පිලිසිදගෙන ඇති වග දැන ගත්තා. එක් දරුවෙකු නොවන වගත් ඇය තුල දරුවන් දෙදෙනෙක් සිටින වගත් දැනගන්න ලැබුනා.

වෙදැදුරන් කියා සිටියේම දරුවන් නැති කර දමමු කියා උනත් රජුට එය  කිරීමට බැරි උනා. රජු හොදින්ම දැන සිටියා බැලැක් මැජික් කරුවන් මෙය කලේ ඔහුව මරා දමන්නත් ඔහුගේ රාජ්‍ය විනාස කර දමන්නත් කියා.
ඒ වගේම දරුවන් විනාස කලොත් ඒ සමගම රජුට රැජිනියත් අහිමිවන වග දැනගත්තා. බැලැක් මැජික් හුගාක් බලවත්. එය සිදු කරන්න බැරි ඒ නිසාමයි.

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now