10. ☘ මන් විතරද ආදරේ

1K 217 113
                                    

" මන් යන්න ඔනේ..."

ජිමින් නම්ජුන්ගේ අත අත ඇරලා යන්න ගියේ ඇස්වල කදුලුත් පුරෝගෙනයි. නම්ජුන් ඇස් දෙකත් ලොකු කරගෙන එතනම ගල් වෙලා මේ මොකක්ද මේ උනේ කියලා කල්පනා කලා.

ජිමින්ගේ හිත පෑරුනේ නම්ජුන් සැරෙන් කතා කරපු නිසාමත් නෙවෙයි ජිමින්ට හිතුනා නම්ජුන් එයාට බොරුවට ලන්වෙලා රවට්ටන්න හදනවා කියලා. මොනා උනත් නම්ජුන් කියන්නේ සල්ලිකාරයෙක්. ජිමින් නම්ජුන්ට ආදරේ කරන්න පටන් අරන් ඉවරයි. ඒත් නම්ජුන් හැමෝම ඉස්සරහා බැන්නම ජිමින්ට දුක හිතුනා නම්ජුන් කරන්නේ බොරුවක් කියලා.

නම්ජුන්ට නිකමට වගේ හිතුනා ටිකක් සැරෙන් කතා කරපු එකට වෙන්න ඇති ජිමින්ට දුක හිතුනේ කියලා. මොකද එයාලා අතරේ වෙන කිසි දෙයක් සිද්ද උනෙත් නැති නිසා. ඒ වගේම ජිමින්ට නම්ජුන් කෑ ගහලා නෑ මීට කලින්. නම්ජුන් එවෙලෙම එලියට දුවන් ගියේ ජිමින්ව නතර කර ගන්න හිතාගෙනයි. ඒත් ජිමින් කොහෙවත් හිටියේ නෑ. නම්ජුන් කෙලින්ම දුවන් ගියේ කා එකට. නම්ජුන්ගේ මිනිස්සු නම්ජුන් පස්සෙන් ආවත් මිනිස්සුන්ව තල්ලු කරලා නම්ජුන් කෙලින්ම වාහනේ අරන් ජිමින්ගේ ගෙදරට එවෙලෙම ගියා.

ජිමින්ගේ ගේ පාලුයි.
තාම කවුරුතඇවිත් නැති පාටයි. වීවත් තාම ඇවිත් නෑ. නම්ජුන් කා එකෙන් බැහැලා ජිමින්ගේ ගේ දොරකඩටම ගිහින් හිටගෙන දොරට තට්ටු කරන්න අත දික් කරත් ඒත් අත අහකට අරගෙන කල්පනා කරන්න පටන් ගත්තා. නම්ජුන් ආයෙමත් හැරිලා යන්න හැදුවේ ජිමින්ට එයා වදයක් වෙනවා කියලා හිතිලයි.

ඒත් ඕන දෙයක් හිතුවාවේ කියලා නම්ජුන් දොරට තඩි බාන්න පටන් ගත්තා. හුග වෙලාවක් දොර කැඩෙන්නම දොරට ගැහුවා. ඒත් කවුරුත් දොර ඇරියේ නෑ. නම්ජුන්ගේ මිනිස්සු ඒ වෙනකොට නම්ජුන් වාහනේ අරන් ආපු නිසා, නම්ජුන්ගේ පස්සෙන් එතන්ට ඇවිත් හිටියා. නම්ජුන්ගේ මිනිහෙක් දොර හරිම ලේසියෙන් ලොක් එක කඩන්නේ නැතුව ඇරලා නම්ජුන්ට ඇතුල් වෙන්න දුන්න. නම්ජුන් මුලු ගේම පීරලා ජිමින්ව හෙව්වා. ඒත් ජිමින් නෑ.
පස්සේ හොයන එක අත ඇරපු නම්ජුන් ජිමින් එනකල් ඉන්නවා කියලා හිතාගෙන සැටි එකේ ඉදගෙන බලන් හිටියා.

'HiM_oR_ DeSTinY'~👑️Où les histoires vivent. Découvrez maintenant