6. ☘ පලමු හමුව

1.1K 216 67
                                    

  " මොනාද කරන්නේ....බොස් බලන් ඉන්නේ දැන් කොච්චර වෙලාවක ඉදලද.... ඉක්මන් කරනවා...🤨"

          " ජෙකෝ ඔයිටවඩා මිනිස්සුන්ට ගරු කරලා කතා කරන්න ඉගෙන ගන්න වෙයි... ඔය සර්ට නගින්න         "  දොර අරින්න..."

        " අ..අ.. මියානේ බොස්... මන්.... කරන්නම්... "

කා එකේ ශටර් එකෙන් අත දාලා ඩයිවින් ශීට් එකේ හිටපු කෙනා ජිමින්ට නගින්න කියලා කෑ ගැහුවත් පිටිපස්සේ හිටපු කෙනා ඒක වැලැක්කුවා. බොස් කියන මේ කෙනාට ඔලුව නවාගෙන කා එකෙන් බැස්ස කෙනා පිටිපස්සේ දොර ඇරලා අර බොස් කියන කෙනා ලගින්ම ඉදගන්න අත දික්කරලා සංඥා කලා.  ජිමින් කා එක ලගට ඇවිත් නැවිලත් බැලුවා මේ බොස් කියන කෙනා කවුද කියලා.

   ජිමින් එක්ක නිකන් හරි තරහක් තියෙන්නේ සී ඊ ඕ ටනේ. එයා එන්නේ නැතුව වෙන කෙනෙක්ව එවලා තියෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ ජිමින්ට ආවා. කා එක ඇතුලේ පුදුම කලුවරක්නේ තියෙන්නේ. තාමත් ජිමින්ට ඉන්න කෙනාව හරියට බලාගන්න ලැබෙන්නෙම නැති පාටයි.

දොර ඇරම් හිටපු කෙනා ජිමින්ගේ උරහිසට පොඩි තට්ටුවක් දැම්මම ජිමින් ඇස් ලොකු කරන් බයෙන් බයෙන් කා එකට නැග්ගා. ඒත් එක්කම කා එකේ දොර වැහුනා. ජිමින් ගැස්සුනු පාර ෂටර් එකේ ඔලුවත් වැදුනා. ඔලුව අල්ලගෙන එහා පැත්තේ ශීට් එකේ අදුර අතරින් පේන කෙනා දිහා බලන් හිටියා. ඒ කෙනා එකපාරටම ජිමින් ලගට ලන් උනා

   " මියානේ මියානේ... අනේ මන් එදා වෙන සිහියක හිටියේ.. මට සමාවෙන්න... ඔබතුමාට එදා හැමෝම ඉස්සරහා මම අගෞරව කලානම් මට සමාවෙන්න....."

  " කට......🤫"

  ජිමින්ගේ මූන ලගටම ලන් උනු ඒ කෙනා ජිමින්ට තවත් වචනයක්වත් කියන්න දුන්නෑ. ඒත් එක්කම ඒ කෙනාගේ මූනට එලියක් වැටුනා. ජිමින්ගේ ඇස් පුදුමෙනුත් පුදුමවෙලා කටත් ඇරුනා. ජිමින්ගේ පපුව ගැහෙනවා හරියට පුපුරන්න ඔන්න මෙන්න තියෙන බෝම්බයක් වගේ.

  " න...න...ම්ජුන්..... ස...ර්..ර්...😨"

" ඔලුව වැදුනා නේද...රිදුනද..."

" ම්..ම්...මියාන්...නේ....😨"

" ආහ්.... දැන් මොන එහෙකටද සමාව ගන්නේ... "

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now