No one p.o.v.
ඔවුන්ගේ අවසන් රාත්‍රිය.
සුදු මකරට සමු දෙන්න වෙලාව ඇවිත්. ඇවටා දැනගෙන හිටියේ නෑ මේ ගෙවෙන්නේ මකරගේ අවසන් මොහොත කියලා. මුලු කැලයම අදුරට යනවා වගේ හැගීමක් ඇවටට ආවා. ඒත් කිසිම දෙයක් ඇවටටනම් තේරුනේ නෑ. මකරව දාලා යන්න ඇවටට හිතකුත් නෑ.ඒත් එයාට යන්නම වෙනවා. එයා ඉපදුනේ විශ්වය විනාස වෙන්න යන නිසයි. එයා අනාගත වාක්‍ය සම්පූර්න කරන්න ඕන.
සුදු මකරාගේ කීම නිසාම ඇවටා කැලෙන් එලියට ආවා. ඇවටා තාර පාරට දකුනු කකුල තියනවත් එක්කම මුලු කැලයම නිහඩ උනා. ඇවටා ආයිත් පිටිපස්ස හැරිලා බැලුවා. කිසිම සතෙක් පෙන්න හිටියේ නෑ. ඇවටගෙන් සමුගන්න කවුරුත්ම නෑ. ඇස්වල කදුලු පුරෝගෙන කැලේ දිහා බලන් හිටියා.
" මම යන්නම... ඔනිද.... 😓"
ඇවටාට ඔනේ උනා ආයෙමත් මකර ලගට යන්න. දෙපාරක් නොහිතා එයා කැලේට දිව්වා.පොකුන ලගින් නැවතුනු ඇවටා වට පිට බැලුවා. හැමදේම අදුරුයි. වෙන්දට කනාමැදිරියෝ පොකුන වටේට එකතු වෙලා ඉන්නවා. කැලේ හැම සතාම පොකුන ලග ඉන්නවා. ඒත් දැන් කවුරුත්ම නෑ. ඇවටගේ යාලු වලස් පැටියා වගේම හා පැටියවත් පේන්න හිටියේ නෑ. කදුලු පිරුනු ඇස් හෙව්වේ එයාගේ මකරව.
අප්පා වගේම ලගින් හිටපු ඒ මකරව.
ඇවටා පොකුන ලගට ඇවිදන් ගිහින් පොකුන ලග දනින් වැටුනා. පොකුනේ සීතල වතුර උඩ රටාවකට ඇගිල්ල එහා මෙහා කරපු ඇවටාගේ ඇස් වලින් එක දිගටම කදුලු වැටෙන්න පටන් ගත්තා.
ඒත් එක්කම ඇවටට දැන් ටිකකට කලින් මෙතන සිද්ද උන හැම දෙයක්ම පේන්න ගත්තා.
මකරා හිමීට හිමීට තුරුදහන් වෙන හැටිත්, සත්තු මකරගේ වටේට වට වෙලා ඔලුව නවාගෙන අවසන් ගෞරව දක්වන හැටිත්. මේ හැමදේම එක ක්ෂනයෙන් ඇවටගේ ඔලුව තුල මැවිලා පෙනුනා.
ඔලුව බදාගෙන ඇවටා කෑ ගහන්න ගත්තා.
" නෑ නෑ... නෑ..... 😫 වේ.... වේ...... මා...ව....දාලා යන්නේ කොහොමද.... අ....ප්..පා...... වේ........ 😭"
පොකුන ලග වැතිරුනු ඇවටා රැය පහන් කලේ බොදවෙලා පේන හද දිහා බලාගෙනයි. හද වෙනදා වගේ දීප්තිමත්ව බැබලෙන්නේ නෑ කිය්ලා ඇවටට දැනුනා. මුලු කැලේම මූසල අදුරකින් වහගෙන. ඒ අදුරට බයේ සත්තු හැන්ගිලා වගේ ඇවටට දැනුනා.