" ජිමින් අද මීටින් එකෙන් පස්සේ ඔයා ෆ්‍රී නේද...? මොකද කියන්නේ මා එක්ක ඇවිදින්න යමුද....?"
නම්ජුන් දත් මිටි කාගෙන තරහෙන් වී දිහා බලාගෙන අහලා පුටුවෙන් නැගිටලා ජිමින් ලගට ගිහින් ලස්සන ඩිම්පල් හිනාවක් දැම්මා. ජිමින් ඇස් දෙකත් ලොකු කරගෙන හිටියේ අදහා ගන්න බැරුව වගෙයි. නම්ජුන් වී දිහාත් හොරෙන් බලන ගමන් ජිමින්ගේ ඉනට අත දාලා
" අපි දෙන්නගේ පලවෙනි ඩේට් එක..."
කියලා නම්ජුන් ජිමින්ට ඇහැකුත් ගැහුවා. අනේ ඔය මොකුත් නොතේරෙන වී නම්ජුන් ජිමින්ගේ ඉනට අත දාන් ඉන්න දිහා බලාගෙන හිතුවේ එයාලා මෙහෙම වෙන්නැති සුභ පතන්නේ කියලා. නම්ජුන් ජිමින්ගේ ඉන මිරිකලා ජිමින්ගේ කම්බුලට නැමුනේ වී ඉස්සරහා කිස් එකක් දෙන්නයි. ඒත් ජිමින් ඉස්සර වෙලා නම්ජුන් ලන් වෙද්දිම අහකට පැනලා බොරු හිනාවක් දාලා
" අපි යමුද.... ඔෆිස් යන්න පරක්කු වෙනවත් එක්ක....මන් ඉක්මන්ට එන්නම්... වී... ඔයාත් එනවද යන්න.. අද මීටින් එක 10ට..."
වී ඔලුව වනලා ජිමින් පස්සෙන් දිව්වා. නම්ජුන්ට හොදටම කේන්තී ඉතින් දැන් වීවත් එක්කන් යන්න වෙලා නිසා. තරහෙන් අත මිට මොලවලා ලගම තිබ්බ කබඩ් එකේ දොරට ගැහුවා. ගහපු සැර මාරම වේගෙන් වැදුන නිසා නිසා දොර කැඩිලා භාගෙට එල්ලෙන්න ගත්තා. දැන් එක වැටෙන්න ඔන්න මෙන්න වගේ.
" අනේ දෙයියනේ... එක කොහොමද කැඩුනේ..."
එතන්ට ජිමින් ආවා. නම්ජුන් ඇස් දෙකත් ලොකු කරගෙන උරහිස හැකිලුවා නිකන් එයා දන්නෑ වගේ. ජිමින් නම්ජුන් දිහායි භාගෙට වැටෙන්න ඔන්න මෙන්න තියෙන කබඩ් එක දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.
අන්තිමට ඒක අමතක කරලා ජිමින් නම්ජුන් එක්ක කා එකට යද්දී වී පන කඩාගෙන දුවගෙන ආවා. වී දුවන් එන දිහා බලන් හිටපු ජිමින්ට බඩ පැලෙන්න හිනා ඉතින්, වී අත පය හතරම විසික් කර කර වී දුවන් ආවේ දත් ටිකත් දාගෙන හිනාවෙවීයි. බ්‍රේක් නැතුව දුවන් ගිහින් වී, කෙලෙන්ම ජිමින්ගේ ඇගේ තමයි නතර උනේ. නම්ජුන් රවාගෙන බලන් ඉන්නවා ඉතින්. මෙච්චර කරලත් කොහොල්ලෑ වගේ ජිමින්ගේ ඇගේ ඇලෙනවනේ කියලා නම්ජුන් දත් මිටි කාගෙන කා එකට නැග්ගලා හයියෙන් දොර වහ ගත්තා.