5. ☘ කලුවර

1K 226 80
                                    

" මට කියන්න මට ඔනේ දේ මට ගෙනත් දෙන්න පුලුවන්ද ඔබට..."

" අමතකද ඔබ තමයි අදුරේ දේවතාවිය.. ඔබ අපට අණ කලොත් අපි අනිවාරෙන් ඒ දේ කරනවා... කියන්න ඔබට ඕන මොනාද..."

" කිම් වගේම ජියොන්ව..."

" ඔබගේ කැමැත්තට අප බැදී සිටිනවා දේවිය.. "

මූන් වගේම බ්ලැක් මැජික්කාරයෝ මේ වෙනකොටත් ලෑස්ති ජියොන්වත් කිම්වත් මරන්න.

මූන් පලිගන්නා වාරයක් පාසා මූන් තුලින් පිටවෙන ශක්තියෙන් බ්ලැක් මැජික් කරුවන් බලවතුන් වෙනවා.

බ්ලැක් මැජික් කරුවන් මායා ලෝකයක් නිර්මානය කලා.

මිනිස් ලොවට නොපෙනෙන මායාලොව හැන්ගලා තිබුනා.
මායාලොව කැඩපතක්.
පිටට පේන කැඩපතේ ජායාව නෙවෙයි ඇතුලින් පේන්නේ. කැඩපතට ඇතුල් වුන විට තමයි සැබෑම මායාලොව පෙනෙන්නේ.
පිටතින් පේන දේ සාමන්‍යයි.

මායා ලොව, මැජික් කරුවන් නිර්මානය කලේ මිනිස් ලොව තුලම කැඩපත් ඇතුලතයි. සාමන්‍ය මිනිසුන්ට ඇතුල්වෙන්න බැරි විශේෂ අයට ඇතුල්විය හැකි මායාලොව, අදුර රජ කරන නපුරු මායවන්ගෙන් පිරුනු තැනක්.

නරකම දේ,
මැජික් කරුවන්ට තව එක් අවස්තාවකට පමනයි මේ මූන්ව අවශ්‍ය. අදාල බලය ලැබුනම මැජික් කරුවන් මූන්ව අත අරිනවා. අදාල බලයෙන් ඔවුන්ට පුලුවන් වෙනවා මිනිස්ලොව නැත්තතටම නැති කරලා මායාලොව එලියට ගන්න.

මොවුන් මුලසිටම දැනම් හිටියා අනාගත වාක්‍ය ගැන. මූන්ව ඔවුන් නිර්මානය කලෙත් ඒ අනාගත වාක්‍යට අනුව ඔවුන්ගෙ ලෝකය නිර්මානය කර ගන්නයි. වැඩකට නැති කිසි බලයක් නැති මිනිස් වර්ගයාව තුරන් කරලා අදුරු මායාවන්ගෙන් පිරුනු ලෝකයක් තනන්න අනාගත වාක්‍යට අනුව වැඩ කලා. ඒත් ඔවුන් දැනම් හිටියේ එක කරුනයි. මේ නපුරත් එක්ක සටන් කරන්න කෙනෙක් එනවා කියලා එයාලා දැනම් හිටියේ නෑ.

මූන් කියන්නේ ඔවුන්ගේ නිර්මානයක්නම් කිම් කියන්නේ කවුද. කිම් ඉපදෙන්නේ වැරදීමකින් කියලයි මැජික් කරුවන් පස්සේ හොයාගත්තේ ගත්තේ.
නිවුන්දරු උපතක් ඔවුන්ට උවමනා උනේ නෑ. ඔවුන්ට උවමනා එක් බලවත් අදුරු මායවන්ගෙන් පිරුනු කෙනෙක් පමනයි. ඒත් නම්ජුන්ට බලයන් තිබුනේ නෑ. ඔහු සාමන්‍යයි. කිසි බලයක් නැති නිසා ඔහුව මැජික් කරුවන් ලන් කර ගත්තේ නෑ. කිම්වත් ජියොන්වත් රාජකීය සුනඛයන් විදිහට මැජික් කරුවන් සැලකුවා. මායාවන්වන්ට තැනක් රජකාලේ එයාලට ලැබුනෙ නැති නිසාත් ඔවුන්ගේ නෑ පරපුරම හිටපු අධිරජු විනාශකරපු නිසාත් බ්ලැක් මැජික් කරුවන්ට ඒ පලිය ගන්න ඔනේ උනා.

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now