8. ☘ හමුව

1K 220 103
                                    

" අනේ එයාගේ ලාආආආස්සන......😲😱😱😱😱😱😱😱😱....."

" ඔන්න දැන්ම කිව්වා. එයා මගේ..."

" හරි හරි බලමුකෝ එයාව කාටද හම්බෙන්නේ කියලා.."

" ඔහ් ගර්ල්ස් කවුද දන්නේ එයාට කෙල්ලෙක් ඉන්නවද කියලා..."

" නෑ... එයාට මේ දවස්වල කෙල්ලෙක් නෑලූ... "

ඔෆිස් එකේ කෙල්ලෝ ටික ජනේලෙන් එබීගෙන නම්ජුන් එක්ක ඉන්න හැන්ඩි කොල්ලාට කෙල හලනවා.

වෙන කවුරුත් නෙවේ මේ ඉන්නේ ජන්කුක් තමයි මේ හැන්ඩියා. උදේම අමාරුවෙන් නැගිටලා භාගෙට නිදිකිර කිර තමයි ඔෆිස් ආවෙත්. ඔෆිස් එකේ ඉන්න කෙල්ලෝ ටිකව දැකලා කොල්ලගේ කම්මැලිකමනම් කොහෙන් ගියාද දන්නෑ. නම්ජුන් ස්ටාෆ් එකේ කට්ටියව ජන්කුක්ට අදුන්නලා දෙද්දී ජන්කුක් කෙල්ලන්ට ඇස් ගගහා පැනිය දැම්මා. (🙏)

කෙල්ලෝ හූල්ලනවා ඉතින් ජන්කුක්ගේ එක බැල්මටත්. ජන්කුක්ට තිබ්බේ ටිකක් දිග කොන්ඩයක්. පුංචි කොන්ඩයක් ගෙටගහලා කොල්ලා නිකන් වෙනම ලෝකෙකින් ආපු ඒලියන් කෙනෙක් වගෙයි. අත පුරා තිබුනු ටෑටු එක සිල්ක් සුදු කමිසෙන් විනිවිදව පෙවුනා. කමිසේ ඇගටම ඇලිලා තිබුනු නිසා පිරිනු මස් පිඩු හොදින් පෙනුනා. කෙල්ලෝ කටත් ඇරගෙන පිටසක්වල ජිවියා දිහා බලන් හිටියා ඉතින්. ජන්කුක් යන්නේ කොහෙද ඒ පස්සෙන්ම යනව ඇඹලයෝ වගේ.
කෙල්ලෝ ඒ තරමට ජන්කුක්ට වහ වැටුනා.

මීටින් එකට විනාඩි පහක් තියලා නම්ජුන් ජිමින්ගේ කනට ලන්වෙලා ජිමින්ට සුභ පැතුවේ එයාගේ පලවෙනි ප්‍රසන්ටේශන් එක ඉදිරිපත් කරන නිසයි. ජන්කුක්ගේ ඇස් දෙක නිකන් ලොකු උනා මේ මොන පුදුමයක්ද වගේ. නම්ජුන් ජිමින්ගේ මූන ලගටම පාත් වෙලා ජිමින්ට මොනාදෝ රහසින් මුමුනනවා. ජිමින්ගේ මූනත් එක්ක රතුවෙන හැටි ජන්කුක් බලන් හිටියේ කටත් ඇරගෙන.

ජන්කුක්ට අමුතු ඊරිසියාවකුත් ආවා එයාගේ හෙයොන් එයාට විතරනේ ආදරේ කියලා හිතන් හිටිය නිසා. ජන්කුක් ඉතින් එයාගේහෙයොන් හැරෙනකොට දන්නවා.

මීටින් එක පටන් ගන්න යද්දී කොල්ලෝ තුන්දෙනා ඇතුල්ට ගියා. එයාලා එනකල් බලන් හිටපු ප්‍රදාන කම්පැනීස්වල අය එයාලට ආචාර කරන්න හිට ගත්තා. නම්ජුන් හැමෝටම අත උස්සලා ඉද ගන්න කියලා කිව්වේ අහක බලාගෙනමයි. හැමෝම ඉස්සරහින් ගිහින් හිට ගත්ත නම්ජුන් ජිමින්ට ලගින්ම ඉද ගන්න කියලා ඇහෙන් පෙන්නලා ජන්කුක්ට ඉදගන්න කියලා අත දික් කරා.

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now