16. ☘ අහුන්ට කපපු වල

1K 207 140
                                    

   
    " ආ............................. "

ජන්කුක් කෑ ගහන ගමන් වීව පිටිපස්සට කරා. ජන්කුකාගේ ඇදුම ගන්න දෙයක් නෑ. වී දෙපැත්තට වැනි වැනි ශීට් එකට හේත්තු වෙලා ඇස් පියා ගත්තා..

      " ඔහේ............ ආශ්..."

වීට ඇගිල්ල දික් කරලා බනින්න කට හදා ගත්ත ජන්කුක් වීගේ මුන දිහා බලන් ඉදලා කටට හුලන් පුම්බගෙන ඇස් කරකවලා පුම්බපු හුලන් ටික පිට කලා. 'බැනලා වැඩක් නෑනේ මේකා හොදටම බීලනේ' කියලා හිතුව ජන්කුක් ටිශූ වගයක් කොහෙන්දෝ අස්සකින් ඇදලා අරගෙන එක අතකින් නහයත් වහගෙන මූනත් ඇබුල් කරන් අප්පරියාවෙන් දත්මිටි කාගෙන අතපය පිහි දා ගත්තා.








                  .................⏳................

ජන්කුක් දැන් විනාඩි දහයක් තිස්සේ මේ මහ රෑ මුලු නගරෙම ඇහැරොගෙන හෝන් ගහනවා, වීගේ ගේ ඉස්සරහා කා එකත් නවත්තගෙන. ජිමින්ට වීව දීලා ජන්කුක්ට ඔනේ උනේ ඉක්මන්ටම ගෙදර ගිහින් ජරා ඇදුම් ටික ගලවලා දාන්න. ඒ මදිවට කා එකත් ගන්න දෙයක් නැ. කොල්ලට හොදටම මල පැනලා. ඒත් ජිමින් තියා මොකෙකවත් ගේ ඇතුලෙන් එලියට ආවේ නෑ.

   අන්තිමට හෝන් ගහන එක නවත්තලා ජන්කුක් කා එකෙන් බැහැලා ජිමින්ගේ ගේ දිහාවට ඇවිදගෙන ගියේ වට පිටත් බල බල මිනිස්සු එහෙම ඉන්නවද කියලා. මොකෙක් හරි දැක්කොත් මීඩියාකාරයෝත් දැනගෙන ගේ වටේ රොක් වෙන්න පුලුවන්නේ. ඉක්මන්ට දොර ලගට දුවපු ජන්කුක් දොරට තඩි භාන්න ගත්තා. ඒත් ජිමින් තියා කවුරුවත් ඇතුලෙන් හ්ම් සද්දයක් නෑ. මුලු ගේම පාලු හොල්මන් ඉන්න තැනක් වගෙයි. ජන්කුක් තට්ටු කර කර දොර ලගටම වගේ වෙන්න තිබ්බ ජනේලෙන් ඇතුල බැලුවා. ඇතුල කලුවරයි එතකොටමයි ජන්කුක්ට මතක් උනේ ජිමිනුයි නම්ජුනුයි මේ වෙද්දී හිජේ හොටෙල් එකටත් ගිහින් නේද කියලා. 

  " යාආආ🗣️ආආආආ......................."

    ජන්කුක් හයියෙන් කෑ ගහලා දොරට පාරක් ගැහුවා. දැන් මොකද කරන්නේ කියලා කල්පනා කර කර ජන්කුක් දොර ට හේත්තු උනා. ටිකකවෙලා ඉදපු ජන්කුක් එයාගෙම කොන්ඩේ දෑතින්ම හොදටම අවුල් කරගත්තා පිස්සෙක් වගේ. අනුන්ට කපපු වලේ එයාම වැටුනා කියලා ජන්කුක්ට හරියටම තේරුනේ දැන් තමයි.  දැන් ඉතින් මොනා කරන්නද කියලා, හිතා ගත්ත ජන්කුක් ෆෝන් එක අතට අරගෙන කාටහරි මැසේජ් එකක් දැම්මා.

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now