20. ☘ බල ධාතුව

914 192 79
                                    

මාස දෙකාමාරකට පසු


පාන්දර 3ට විතර ටැක්සි එකකින් කොල්ලෝ දෙනෙක් ජන්කුක්ව උස්සගෙන ගෙදරට ආවා. විශාල සාලය මැද්දට වෙන්න තිබුනු සුවපහසු සැටිය උඩට ජන්කුක්ව අත ඇරපු කොල්ලෝ දෙන්නා හැරුනේ නම්ජුන් එන්න කලින් පැන ගන්නයි. ජන්කුක්ව හීන් සීරුවේ ඇතුල්ට උස්සන් එනවා මුල ඉදලම ඔක්කොම උඩ ඉදන් බලන් හිටපු නම්ජුන්

" අදත් එයා වැටෙන්නම බොනකල් උබලා දෙන්නා බලන් හිටියද..."

නම්ජුන්ගේ සද්දෙට කොල්ලෝ දෙන්නා ගැස්සුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම්ජුන්ගේ සද්දෙට කොල්ලෝ දෙන්නා ගැස්සුනා. දෙන්නට දෙන්නා මූන දිහා බලාගෙන හොර මීයෝ දෙන්නා වගේ ආයිමත් අනික් පැත්ත හැරුනේ ඔලුවත් පාත් කරගෙනයි. පඩිපෙල බහින ගමන් නම්ජුන් සැටි එක උඩ භාගෙට වැටෙන්න ඔන්න මෙන්න හිටපු ජන්කුක් දිහා බලාගෙන දත් මිටි කෑවා. නම්ජුන්ගේ මූන දැකලා අර කොල්ලෝ දෙන්නට මේ වෙලාවේ හැදෙන්න ඔන්නැති බරකුත් හැදුනා.

" අ..අ..අපි.. කි..."

" දැන් කියන්න හදන්නේ ඔයාලා එපා කිව්වත් එයා බලෙන්ම බිව්වා කියලනේ..."

කොල්ලෝ දෙන්නා තරගෙට ඔලුව වැනුවා.

" හහ් එහෙනම් බොනවා කියලා දැන දැනත් මොන එහෙකටද හවස මෙයාවත් අරගෙන කල්බ් එකට ගියේ..."

නම්ජුන් කෑ ගහද්දී කොල්ලෝ දෙන්නගේ කකුල් දෙකත් එක්ක ගැහෙන්න ගත්තා. මී ඇට පිම්බා වගේ කොල්ලෝ දෙන්නා හ්ම් සද්දයක් නොකර බිම බලා ගත්තේ නම්ජුන්ට බොරු කිව්වොත් ඊලගට බෙල්ල නැතුව යන්න වෙන්නේ කියලා දන්න නිසයි.

" මන් දන්නවා මේ දවස් ටිකේම ඔය දෙන්නා තමයි මෙයා එක්ක කල්බ් එකට ගියේ කියලා.. ඔය දෙන්නා කැමතිද ඔය ලස්සනට තියෙන දත් ටිකේ ඉස්සරහම දත් දෙක නැතුව යන්න එහෙම... "

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now