15. ☘ එක්ස්ගේ පාටිය

989 211 157
                                    


* v p.o.v. *

දැන් පැය දෙකකුත් ගිහින්. ජන්කුක් ඒ කෙල්ල එක්ක තාමත් ඇතුලෙ ඉන්නේ. මන් ආවා දැකලත් මට ඇතුල්ට එන්නවත් කිව්වේ නෑනේ..

" ආ සර් ඔයා මෙතනනේ..."

මිස් යූරී ඇතුල්ට එනගමන්ම කිව්වා. ස්ටාෆ් එකේ අය ෆ්‍රී වෙලාවට මෙතනට ඇවිල්ලා කතා කර කර ඉදලා ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා.
:ඔව් එයාලා කාලය කනවා: මන් දැන් කරනවා වගේ.
මිස් යූරි ලගම තිබ්බ පුටුව මන් ලගට ඇදලා අරගෙන ඉද ගත්තා.

" මිස් යූරී... අර.."

" මන් දන්නවා සර්.. ඒ ආපු කෙල්ල ගැනනෙ ඔය අහන්න හදන්නේ... ඒ ජන්කුක් සර්ගේ එක්ස් ගර්ෆෙන්ඩ්.. ජන්කුක් සර් ඒ කෙල්ලට පොඩ්ඩක්වත් කැමති නෑ දැන්... ඒ උනාට ඒ කෙල්ල ජන්කුක් සර්ගේ පස්සෙන්මයි.. අදත් ඔය ඇවිල්ලා ඉන්නෙ සර්ට එයාගේ බර්ත් ඩේ එකට එන්න කියන්න.. එතකොට සර්ව අල්ල ගන්න පුලුවන්නෙ..."

" ආහ්..."

ඒත් ඇසිස්ටන් කියලා නේද ස්ටාෆ් එකේ අය කිව්වේ. අනේ මන්දා.

" ඒක නෙවෙයි සර්... අද නම්ජුන් සර්රුයි ජිමින් සර්රුයි ජේ කම්පැනි එකේ ඩීල් එකේ වැඩේට සියොල් වලින් පිට වනවා නේද... එතකොට වී සර් රුත් යන්න ඔනේ නේද ඒ ගමන.."

" හ්ම්... එයාලා අද යනවා.. ජන්කුක් එක්ක මටත් යන්න වෙනවා.. "

" අදම..."

" හෙට හවස.."

ඇයි මන් යන්නේ මේ නපුරු මිනිහා එක්ක. ආශ්... මොචීයෝ.... මාව නවත්ත ගන්නකෝ..

මිස් යූරි ස්ටාෆ් එකේ අය ගැන එක එක ඒවා කියවන්න ගත්තා. ඇත්තටම කෙල්ලෝ කියන්නේ එතකොට ඊරිසියාවෙන් පිරුනු කොටසක්... කොල්ලෝ කියන්නේ මොන වගේ අයද.. මෙයා කියන විදිහට කෙලෝ රෙදි පටලෝගෙන මූනේ එක එක ඒවා ගාගෙන ඇවිදින්නේ කොල්ලන්ගේ ආකර්ෂණය දිනා ගන්නලු. අහ් හහ්... ඒකත් එහෙමයි... 🤔

මන් ඕඩර් කරපු මිල්ස් ශේක් එක හම්බුනේ මිස් යුරීගේ ඕඩර් එකත් එක්කමයි. මන් මිල්ක් ශේක් එක අතට ගනිද්දිම

" අනේ ජේකේ ඔප්පා....මට එහෙම කරන්න එපා... අනේ පීස් මන් ගැන ඔයාට දුක නැද්ද... අනේ ඔප්පා......"

'HiM_oR_ DeSTinY'~👑️Where stories live. Discover now