* v p.o.v. *මොනාද දැම් මන් කරන්නේ.... මේකට ගහලත් මදී... මට එන කේන්තියක්...😶
ඇයි ඔයා මට මෙහෙම කරන්නේ...😶
තවත් මන් කොහොමද ඔයාට දුශ්ට වෙන්නේ... ඒත් මන් මන්.. මන් හරිනම්... 😶" ඕ...හොහ්..... කොටියෝ... 😬 ටිකක් සංසුන් වෙලා ඔය මල්පෝච්චිය බිමින් තියන්න...................... 😮හිමීට...."
මට යන්න තිබ්බ හොදම අවස්තාවත් ඔයා මට නැති කලා. ඔයා නොදැන කරන මේ දේවල් කොච්චර දරුනුද කියලා ඔයා දන්නෑ ජන්කුකී...
ඔය ඇස් මාව ඇයි මෙහෙම හැමදිස්සෙම නවත්තන්නේ..මට තිබුනු බලය දැම් නැ.. මට බයයි.. ඊලගට මොනා වෙයිද කියලා මන් බයයි...
ඒත් මට කාට මොනා උනත් කමක් නෑ කියලා හිතෙන්නේ ඇයි ඔයා ලග ඉද්දී...
මට ලොකු වැරැද්දක් වෙනවා වගේ දැනෙනවා...
මොකක් හරි දෙයක් වෙන්න යනවා... මට ඒක දැනෙනවා...ජන්කුකී....
හැමදේම ඉක්මන්ටම ඉවර වෙන්නයි යන්නේ...
මේ හැමදේම ඉවර වෙන්නයි යන්නේ... ඉස්සරට වඩා මට ලොකු අමුත්තක් දැනෙනවා ජන්කුකී... මට බෑ ඒක දරා ගන්න.. අනේ ඒක මගේ ඔලුවට බර වැඩී... 😶මට දැනුනා මගේ මුලු ඇගම පන නැතිවෙනවා වගේ.. අත් දෙකෙන්ම උස්සන් හිටපු මල් පොච්චිය මන් නිකන්ම බිමට අත් ඇරියා. ඒ මල්පොප්ච්චියත් එක්කම මාත් බිමට ඇදගෙන වැටුනා. කකුල් දෙකට තිබුනු ශක්තිය එකපාරටම හීන වෙලා ගියා. මන් වැටෙනවා කියලා මට දැනුනෙත් නෑ.
මගේ ඇගිලි තුඩූ සීතල වෙලා චිමීගේ අයිස් පෙට්ටිය වගේ වෙන්න පටන් ගත්තා.
මන් වැටෙනවත් එක්කම ජන්කුක් පැනලා මාව අල්ල ගන්න හැදුවා. ඒත් මල්පෝච්චිය බිම වැටිලා කුඩු වෙනවත් එක්කම ඒ උඩටම මාව වැටුනා. වීදුරු කටු මගේ හම තුවාල කරම් ඇතුලටම ගිහිල්ලා රතුපාටින් ලේ ආවා.
මගේ ඇගිලි හොදටම ගැහෙනවා. ඇගිලි විතරක් නෙවෙයි මගේ මුලු ඇගම.මට හෙල්ලෙන්නවත් බෑ. කොච්චර උත්සාහ කලත් බෑ. මන් මගේ බලය පාවිච්චි කලත් කිසිම දෙයක් උනේ නෑ.
මට මගේ ශරීරය තියෙනවද කියලා දැනුනේ නෑ. අඩුම තරමේ හිරි වැටීමක්වත්...