Intro And Ep01

2.3K 194 19
                                    

ගෙවෙන හැම මොහොතක්ම අපේ ජීවිත වලට ගොඩාක් වටිනවා.ඒ නිසා කරන්න ඕන හොදම දේ ඒ අවස්ථාවට කරන එක හොද දෙයක්.
මං එහෙම කිව්වෙ ඒක අපේ ජීවිත වලට වටින දෙයක් වෙන නිසයි.
මිනිස්සු එක එක විදිහයි.හැසිරීම,තරාතිරම අනුව මිනිස්සු හැමෝම වෙනස් වෙනවා ඒත් හැඟීම් කියන්නෙ කාටත් පොදු දෙයක්.ආදරේ කියන හැගීම ඕනම කෙනෙකුට මොන විදිහකට හරි ඇති වෙන දෙයක්.දෙමාපියන් දරුවන්,පෙම්වතුන්,සහෝදර සහෝදරියන් නැත්නම් මිතුරන් අතර මේ දේ කාටත් ඇති වෙනවා.කවදා හරි එහෙම දෙයක් නිසා කෙනෙක්ගෙ ජීවිතේ වෙනස් වෙන්න පුලුවන් නම්.හොද හෝ නරක විදිහට?බලමු කොහොමද කියලා
🍂.....................................🍂

මගෙ නම් Lee Jaehee.
වයස අවුරුදු 23යි.
Fashion designing මං නිරත වෙලා ඉන්න ක්ෂේත්‍රය.
දැනට සෝල් වල මගේම ගෙදරක ඉන්නෙ.
ඒත් මගෙ අම්මයි,මල්ලි ඉන්නෙ ඉල්චං වල.අපේ තාත්තා නම් දැන් වෙන් වෙලා ඉන්නෙ.එයා වෙන කසාදයක් කර ගත්තා ඒත් එයා කාලයක් යනකන් අපි ගැන හොයලා බැලුවා ඒත් දැන් එහෙම නෑ.

මං විශ්වවිද්‍යාලයට යන්න ගොඩක් ආසාවෙන් හිටියෙ ඒත් අපේ පවුලෙ තත්වෙ එක්ක මං ඒ තීරණේ වෙනස් කරා.මං මගේ ඉගෙන ගත්ත දැනුම හැකියාවට රස්සාවක් කරනවා.දැන් මං දියුණු වෙච්චි ගෑණු ළමයෙක් මට තනියෙන් නැගිටින්න පුලුවන්.මල්ලි දැන් උසස් පාසලේ ඉන්නෙ එයා ගැනත් සෝල් වල ඉදන් මං බලන්නෙ.අම්මට බරක් වුනේ නැති එකයි මට තියන ලොකුම සතුට
🍂..............................................................🍂
ඉතින් ඔන්න වෙනදා වගේම අදත් සුපුරුදු විදිහට මං උදෙන්ම එළියට බැස්සා office යන්න.මං වැඩිය ලස්සන කෙනෙකුත් නෙමේ ඒත් ගැලපෙන විදිහට සරලව පිළිවෙලට ඉන්න කෙනෙක් මං.😊වෙනදා වගේ නිකන් ඔෆිස් කිට් එක තමා හැමදාම ඉතින්🤭
ආ ඔන්න බස් එක ආවා.
මං බස් එකෙන් ගිහින් office එක ගාවින් බැහැලා ඇතුළට ගියා.අයියෝ...ගිය ගමන්ම ඇහුනෙ මැඩම්ගෙ තොරතෝන්චියක් නැති කියවිල්ල.
එයා තමා මෙතන මැනේජර් වගේම වැඩ බාරව ඉන්න කෙනා.නම Lenda(ලින්ඩා).එයා ටිකක් සැරට සද්දෙට කතා කරනවා ඒත් හරිම හොදයි මාත් එක්ක නම් හොදට ෆිට් එකේ ඉන්නවා.වැඩ හොද ඕන කෙනෙක් එක්ක එයා එහෙමයි.ඒ වගේම එයා ගොඩක් fashionable කෙනෙක්.

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now