Ep15

378 97 6
                                    

සභාපති යොංජු එක්ක මං හිටියෙ එයාගෙ උවමනාව මොන වගේද කියලා දැනගන්න එයාට මාව මතකද නැත්තම් මං කවුද කියලා නොදැනද ඉන්නෙ කියලා මට හිතා ගන්න බෑ.එයා මාත් එක්ක කතා කළා.
"ඔයාට පුලුවන්ද මට ඕනම විදිහට මගේ වැඩේ කරළා දෙන්න හැබැයි ඒක හොදම එක වෙන්න ඕන."
"ඔව් අනිවාරෙන්ම."
"මාත් එක්ක තරහින් නේද ඉන්නෙ?තාත්තගෙ ඇස් දෙකමයි තියෙන්නෙ."
    එයා එහෙම කිව්වම මං කළබල වුනා.මං එයාගෙ මූණ දිහා බැලුවා.
"මාව දන්නවා එහෙනම්."
"ඔව් මං හොදට දන්නවා ලී මින් ජුන් ගෙ ලොකු දුව ඔයා කියලා."
"මොන එහෙකටද මං ගැන හොයන්නෙ?"
"හොයලා බලන්න ඕන නිසා."
"එයත් එක්ක දැන් සතුටින් ඇතිනෙ මගෙන් ඈත් වෙලා ඉන්න."
"ඔයා එයා සතුටින් කියන්න එයාව දැක්කද?"
    මං එක සැරේම ගොලු වුනා.
"ඕ...ඔව් ඒත් එයාමද කියලා දැක්කෙ නෑ😶ටීවී එකේ දැක්කෙ ඔයත් එක්ක."
"නෑ...නෑ...එහෙනම් වැරදිලා එහෙම පේන්නැත්තෙ.එයා මාත් එක්ක ප්‍රසිද්ධියෙ ඉන්නවා එක සැරයක් හරි දැකලා තියනවද හරියට කවදාවත් නෑ.😏"
     එයා කතා කරන අතරෙ මං උඩ ඉදන් යටටම එයා දිහා බැලුවා.මාර ගණන් දේවල් පාවිච්චි කරන්නෙ.එයාගෙ අතේ පොඩි වෙනසක් තිබ්බා එයා බැදලා කිව්වට මුද්දක් තිබ්බෙ නෑ අතේ.එයා මං එයා දිහා බලන් ඉන්න හැටි දැක්කා.
"ජේහී...?"
"ආ...ඇයි මගෙන් ඕවා අහන්නෙ මට වැඩක්නෑ."
"මං ආයෙ හෙට එන්නම් ඇවිත් වැඩේ ගැන විතරක් කතා කරමු."
    එහෙම කියලා එයා එතනින් ගියා.ඇත්තටම තාත්තා ගියාට පස්සෙ එක සැරයක් වත් එයාව දැක්කෙනෑ.මං එයාගෙ ගෙදර ගිහින් හොයලා බලන්න ඉස්සර ඉදන්ම උත්සහා කරත් එයාව දකින්න වුනේ නෑ.සමහරදාට එයාගෙ ගේ ඉස්සරහට ගිහින් එතන ඉන්න මිනිස්සු එක්ක රණ්ඩු වෙලත් එක්ක ආවෙ ඒත් එයාව දැක්කෙනෑ මට ඉගෙන ගන්න කියලා එවපු සල්ලි විතරයි ලැබුනෙ ඒත් එයාව දකින්න නැතුව ඒවාගෙන් ඇති වැඩක් නැති නිසා කේන්තියටම ඒවා බාර ගත්තෙත් නෑ.

ආහ්...සභාපතිතුමිය ගියාට පස්සෙ මං තනියෙන් මෙහෙම කියාගත්තා.
"ආහ්...බොරු සෝබනේ විතරයි.අඩුමගානේ කසාදයක් කරගත්තට අතේ මුද්ද වත් නෑ😑🤔පොඩ්ඩක් ඉන්න මුද්දක් තිබ්බෙ නෑනෙ ඇත්තටම...ඒත් අපිට ආරංචි වුනේ බැන්දා කියලනේ.ඒත් කවුරුත් දැක්කෙ නෑනේ ඒක.අයියෝ ජේහී ආයෙත් හිතන්න ගත්තා ඕන්නැති ඒවා..."
    ඒ වෙලාවෙ සෙක් ආවා.
"මේ...ජේහි අන්න කවුද ඔයාව හම්බවෙන්න ඇවිත්."
"කවුද මාව හම්බවෙන්න ඉන්නෙ?"
"දන්නෑ...දැකලා නෑ කලින් ගිහින් බලන්න."
        මං ඉස්සරහට ගියා ඒ කවුද කියලා බලන්න.පිරිමි ළමයෙක් අපේ මල්ලිගෙ වයසෙ වගේ.
"මේ...ඔයා කවුද?මාව හම්බවෙන්න ආවා කිව්වේ...?"
"😊ආහ් ඔයාද ජේහී.හමුවීම සතුටක් අක්කේ."
      ඒ කොල්ලා හොදට හිනා වෙලා ඔලුව නවලා ආචාර කළත් එක්ක.මං නිකන් ටියුබ් ලයිට් වෙලා හිටියෙ.
"ඕ...ඔයා කවුද?"
"ආ...මං සොං යොංදෝ.ඔයා මාව අදුනන්නෑ ඒත් මං ඔයාව දන්නවා.මං සොං සභාපතිගෙ පුතා."
"මොකක්😮එයාට ළමයි හිටියෙ නෑනේ.මේ මොකද්ද වෙන්නෙ."
"ඔයා නොදන්න ගොඩක් දේවල් තියනවා😊.මං එයාගෙම පුතා නෙමේ එයා මාව හදාගන්න ගත්තෙ.ඒත් දැන් මං එයාගෙම පුතා."
"අනුන්ගෙ පවුල කඩලා මදිවට දැන් එයා අනුකම්පාව ගන්නද ඔයාව එව්වෙ ඔය කතාව කියන්න.😑"
"ඔයා මේක වැරදියට තේරුම් අරන් ඉන්නෙ.අම්මා ඔයාව හොයන් ආවා කියලා දැන ගත්ත නිසයි මං එයා පස්සෙන් අක්කව හොයන් ආවෙ.ඔයා කොයි වගේද කියලා දැනගන්නයි ආවෙ😊."
"අහ්😂😏මොන විහිලුවක්ද මේ?අම්මයි පුතයි මට පිස්සු හදවන්නද හිතන් ඉන්නෙ?😏මෙතනට ඇවිත් ඔහොම හොද මිනිස්සු වගේ කතා කරාම මගේ හිත උණු වෙලා ඔක්කොම අමතක කරයි කියලද හිතන් ඉන්නෙ?ආ..."
"සමාවෙන්න කරදරයක් නම්.මං ආවෙ ඇත්තටම මේක දීලා යන්න අක්කා මේක ගැන හොයලා බැලුවොත් හොදයි ඒකයි."
    මං ඒ පොඩි කොල්ලට තදින් කතා කළේ ඒත් එයා වැඩිය ගණන් ගත්තෙ නම් නෑ.එයා මට මොකද්ද ෆයිල් එකක් දුන්නා.ඒක අවුරුදු ගාණකට කලින් සභාපතිතුමිය කරපු ප්‍රජෙක්ට් එකක් ගැන තිබ්බෙ.
"මට මොකටද ඔයාගෙ අම්මගෙ වැඩ ගැන ෆයිල්."
"මේක කරපු කාලෙ ඔයාගෙ තාත්තා අපේ අම්මා ගාව වැඩ කරේ.එයාට මේකට ගොඩක් උදව් කරළා තිබ්බා."
"දැන් මොකටද මට මේක දෙන්නෙ?"
"මං යන්නම් ඔයා මේක ගැන හරියට හොයලා බලන්න.😊"
    එහෙම කියලා අර ෆයිල් එක මගේ අතට දීලා එයා ගියා.මට තාම තේරුම් ගන්න බැරි මොකද්ද ඒ සැරේ මේ ලිහාගන්න බැරි පටලැවිල්ල කියලා.

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now