Ep14

355 95 6
                                    

සෙක්ව දැකලා තෙහ්‍යුන් පුදුම වෙලා වගේ බලන් හිටියෙ.මොකද මං කිව්වෙ කාටවත් එයා මෙහේ ඉන්නවා කියලා කියන්නෑ කියලා.කොහෙද ඉතින් මේ මෝඩයා මං කියපු කිසිම දෙයක් ගානකට අරන්නෑනෙ.
"මේ...තෙහ්‍යුන් මං ආවට කමක්නැද්ද?😀"
"ආ...එන්න😮හැබැයි ඔයාගෙ යාලුවා නම් පේන්න නෑ."
"ආ...කමක්නෑ ගෙදර ඉන්නවනේ😀මං එනකන් ඉන්නම්."
    සෙක් ඇතුළට ඇවිල්ලා පුරුදු විදිහට පුටුවෙන් වාඩි වුනා.තෙහ්‍යුන් නම් ඇස් ලොකු කරන් තාමත් නිකන් ටියුබ් ලයිට් වගේ බලාගෙන හිටියෙ.ඊට පස්සෙ එයත් ඇවිත් වාඩි වුනා.
"ඉතින් ඔයාට අව්ලක් වුනේ එහෙම නෑනේ අපේ ජේහී එක්ක😀එයා නම් ඔයාට ගොඩක් කැමතියි."
"එහෙමද ඒත් මට නම් එහෙම එකක් පේන්න නෑ."
    ඒ අතර මං මේ මුකුත් නොදැන උඩට වෙලා වෙන වැඩක්.කාලෙකට පස්සෙ මං ටිකක් පිළිවෙලටක ලස්සනට ගවුමක් එහෙම ඇදලා ලස්සනට ලෑස්ති වෙලයි හිටියෙ.හැබැයි පහළ වෙන දේ දන්නවා නම් මං ඒ වැඩේ කරන්නෑ.මොකද සෙක් ඉතින් මං ගැන හැමදේම හොදට දන්න කෙනානේ.මං ඉතින් හිමීට එහෙම ලෑස්ති වෙලා එහෙම ආවා.

මං හොදට ලස්සනට ලෑස්ති වෙලා පහළට එනකොටම සෙක් දැක්කා.එයා එක සැරේම ඇස් ලොකු කරලා බලන් හිටියෙ කවදාවත් දැකපු නැති කෙනෙක් දැක්කා වගේ.සෙක් එහෙම බලපු නිසා තෙහ්‍යුනුත් පිටිපස්ස හැරිලා බැලුවා.එයත් ඒ විදිහටම ඇස් ලොකු කරන් කටත් ඇරන් බලන් හිටියා පුදුමෙන් වගේ.😮ඔක්කොමත් හරි එක සැරේම සෙක්ව දැක්ක ගමන් මං බය වුනා.

"සෙ...සෙ...සෙ...ක්?😳"
අයියෝ...මේ යකාට එන්න එපා කිව්වම එපා කියපු එක තේරෙන්නෑනෙ.දැන් ඉතින් අද නම් මං ඉවරයි තමා😬😬😬.
"ඒ...බං මොකෝ මේ වෙනස් වෙලා.😳😮උඹ කොහේ හරි යන්නද?"
    අයියෝ ලැජ්ජාවෙබෑ මේකා අද නම් මාව කයි වගේ.
"ආ...නෑ මේ...කොහෙවත් යන්නෑ..."
"එහෙනම් මොකෝ බං මේ...😂."
"ඇයි මොකෝ...මං කොහොමත් මේ වගේනේ😏."
"😂😂😂අනේ...ඔහොම විහිලු කරන්න එපා..."
"ඒ...යී...😣සෙක් කට."
"ඇයි බං වෙනදට මං ගෙදර එද්දි කොහොමද?😂😂😂"
     තෙහ්‍යුන් නම් මුකුත් නොතේරුන නිසා පුදුම වෙලා වගේ අපේ මූණු දිහා බලාගෙනම හිටියා.සෙක් කියවන එක නවත්තන්නෙත් නෑ අද නම් මූ මාව කාලම තමා නවතින්නෙ.
"වෙනදට මෙයා සමහර දවස් වලට දත් මදින ගමන් ඇවිත් දොර අරින්නෙත්😂😂😂කවදාවත් මෙහෙම ඉන්නවා නම් දැකලා නෑ මං😂😂😂."
     මට පරණ සිද්ධියක් මතක් වුනා.
[එදා මං දත් මදින ගමන් හිටියෙ.සෙක් ඇවිත් දොරට ගැහුවා බ්‍රෂ් එකත් කටේ තියන් කට වටේම ටූත්බේස් ගාගෙන අලි පිජාමා එහෙකුයි ටීෂර්ට් එකකුයි ඇදන් මං දොර අරින්න ආවෙ.
"මොකද මනුස්සයො දොර කඩන්නද හදන්නෙ?"
"අනේ...ජේහියෝ දැන්ද උඹ නැගිට්ටෙ?"]
    ආ...පෝ...දැන් මං ඒ විදිහට හිටියොත් තෙහ්‍යුන් නම් මෙහේ ඉන්න එකක්නෑ.
"අනේ...තෙහ්‍යුන් සොරි හොදේ.මෙයා කියන ඒවා ගනන් ගන්න එපා😁මෙහෙ එනවා යන්න.😣"
සෙක්ගෙ කියවිල්ල නවත්තන්න ඕන නිසා මං එයාව එතනින් ඇදගෙන ආවා.
"ඇයි මොකද බං මං අව්ලක් කරේ නෑ...ඔන්න.😁"
"එන්න එපා කිව්වම ආවෙ මොකෝ?😣"
"ඉතින් මං කළිනුත් ඇවිත් තියෙන්නෙ?"
"අයියෝ...මං ගැන එයා ආයෙත්...😬"
"ඇයි ඔයා ආයෙත් වැඩේ නා ගත්තද?"
"ඔව් අනේ😞පොඩ්ඩක් ෂේප් වෙන්න හදද්දි තමුසෙට කෑවානේ...වැඩේ."
"ඔහොම ලස්සනට ඇදලා කරලා හිටියම කොහොමද ෂේප් වෙන්නෙ.ඔයා හදන්නෙ එයාට ට්‍රයි කරන්නද?"
"පිස්සුද මෝඩයෝ😑මං කවුද එහෙම කරන්න."
    මං සෙක් එක්ක කතා කරලා ඉවර වෙලා එයා ගියාට පස්සෙ තෙහ්‍යුන් කොහෙද කියලා බැලුවා පේන්න නම් හිටියෙ නෑ.එයා කුස්සියෙ මොනවා හරි හොයනවා.කබඩ් ඇද ඇද මොනවා හොයනවද මන්දා.එක කබඩ් එකක් ඇරියම එයාට බෙහෙත් බෝතලයක් හම්බුනා.

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now