EP22.

358 89 10
                                    

එදා රෑ වුන දේ ගැන අනිත් හැමෝම නාම්ජුන්ගෙන් ප්‍රශ්න කරද්දි එයාට ඒකෙන් බේරිලා ඉන්න බැරි වුනා.
"හරි හරි මං කියන්නම් මොකද්ද වුනේ කියලා.ඊයේ රෑ වාහනේ කැඩිලා මැනේජර් ඒක හදන්න අරන් ගියා යන්න පරක්කු වෙන නිසා ලියන් කිව්වා එයා ඇරලවන්නම් කියලා ඉතින් එයා මාව ඇරලුවා."
"ඉතින් ඊට පස්සෙ?😳"
"එයා...යනවත් එක්කම මැනේජර් ආවා.ලියන් ගෑණු ළමයෙක්නෙ එච්චර රෑ වෙලා තනියෙන් යවන්න මොකද්ද වගේ නිසා මං මෙයත් එක්ක ලියන්ගෙ වාහනේ පස්සෙන් ගියා.ටික දුරක් යද්දි ටිකක් පාලු පාරක් ගාව මිනිස්සු තුන්දෙනෙක් ඉදලා එයාගෙ වාහනේ නැවැත්තුවා.කරදරයක්ද කියලා හිතලා මං...මේ...මං...😞"
"මං මේ මං ගාන්නෙ මොකද්ද වුනේ මනුස්සයෝ😣?"
   ජින් කේන්තියෙන් වගේ ඇහුවා නාම්ජුන් බිම බලාගෙන ලැජ්ජාවෙන් වගේ හිටියෙ.
"ඉතුරු ටික කොහොම කියන්නද මෙයා කටක් ඇරලා."
    ඒ විදිහට කියන ගමන් ලියන් එතනට ආවා.
"ලියන් ඔයාවත් කියන්නකො මොකද්ද වුනේ කියලා?"
"මේකයි වුනේ ජින් එතන හොදටම බීපු මිනිස්සු තුන්දෙනෙක් හිටියෙ ෂේප් එකේ මං එතනින් යන්න හදද්දි මේ මෝඩයා ආවානෙ එතනට.මෙයාගෙ පණ්ඩිතකම් එතන දාන්න ගිහින් ඒ මිනිස්සුන්ට කේන්ති ගියා ඉතින් ගුටි කන්නයි ගියේ තල්ලු කරපු සැරේ වැටිලා මොහොක හරි වැදිලා තුවාල වුනේ අර අහිංසක මැනේජරුත් නිකන් ගුටි කන්න ගියේ මෙයා නිසා.😏"
"ඔව් කොහෙද මේකා කියන දෙයක් අහන්නෙත් නෑ පණ්ඩිතකම් කරන්න ගියා වෙලාවට ලියන් හිටියෙ එයා අර මිනිස්සු තුන්දෙනාට අරහෙටයි මෙහෙටයි දුන්නා පාරවල් වගයක්...අම්මෝ බලන් ඉන්නත් ආසයි.😀"
"එතකොට අපේ ජූන් අයියව කෙල්ලෙක්ද බේරගත්තෙ?"
"ඒ...ජිමින් කට.😶"
    තෙහ්‍යුන,ජිමින් දෙන්නා ඒ විදිහට මැද්දෙන් පැනලා කිව්වා.නාම්ජුන් මුකුත් නොකිය බිම බලාගෙන ලැජ්ජාවටම හිටියා.කොල්ලා ඉතින් කොහොමත් පොඩ්ඩක් ලැජ්ජා පොරක්නේ.😁අනිත් හය දෙනත් අත් වලින් කට වහගෙන හිනා වුනේ.ජින් නම් රවාගෙනම ඉදලා එක සැරේම හිනා වෙලා මෙහෙම කිව්වා...
"මදැයි ඔය කරගෙන තියෙන්නෙ වීරයා වගේ ගිහින්😂😂😂."

ඒ අතර උදෙන්ම මං වැඩට ගියේ වෙනදා වගේම ටිකක් පරක්කු වෙලා තමා ඉතින්.මං යද්දි සෙක් හිටියා හැමදාම වගේ මං ආපු ගමන් උදේට good morning කියන්නෙ මුලින්ම සෙක් තමා.හැබැයි අද මං යද්දි කොල්ලගෙ මූණ හොදටම අව්ල් වෙලයි තිබ්බෙ.
"Good morning සෙක්.ඒ...බන් උඹට කියන්න ගොඩක් දේවල් තියනවා හලෝ...😊මොකෝ මේ සද්දයක් වත් නැත්තෙ🙁?"
"ආහ් ජේහියෝ...good morning බන්."
"මොකෝ...මේ?මූණත් අව්ල් කරන්🙁මාත් එක්ක තරහා වෙලාද?මං වැරැද්දක් වත් කළාද?"
"උඹ මුකුත් කරේ නෑ බන්.ඒක ඕන්නෑ ආ...boyfriend කෙනෙක් සෙට් වුනා කිව්වනේ.කවුද ඒ?"
    එයාගෙ අව්ල හංගලා කතාව වෙනස් කරලා මගෙන් වෙන ප්‍රශ්න අහන්න ගත්තා ඒත් මට දැන ගන්න ඕන වුනා හැමදාම හිනා වෙලා හිටපු සෙක් ඇයි මෙහෙම දුකින් ඉදලා ඒක හංගන්න හදන්නෙ කියලා.වෙනදට මට ප්‍රශ්නයක් ආවම කාටත් කලින් මාත් එක්කම හිටියෙ මගේම සහෝදරයටත් වඩා ළඟින් සෙක් තමා.
"ඒක ඕන්නෑ ඒක කියන්නෙ මං ඔයාගෙ ප්‍රශ්නෙ මට මුලින්ම කිව්වොත් විතරයි.ඇයි අම්මා ආයෙ අසනීප වුනාද?"
"අම්මට ප්‍රශ්නයක් නෑ.හැබැයි මං අම්මට වෙච්ච එක පොරොන්දුවක් ආයේ කඩන්න වුනා😞."
"මොකද්ද ඒ?"
"මං යාලුවෙලා හිටපු කෙල්ල...එයා...එයා තනිකර බොරුවක් කරලා තියෙන්නෙ."
"බොරුවක් කිව්වෙ කොහොම දෙයක්ද?"
"එයාට වෙන කොල්ලෙක් ඉන්නවා උන් දෙන්නම එකතු වෙලා මේක කරලා තියෙන්නෙ.පුලුවන් තරමක් කඩාගන්න හදලා තියෙන්නෙ.😫ෂික් මට තේරුම් ගන්න බැරි වුනානේ හම්බවෙන්න බෑ බෑ කියද්දි අව්ලක් තියනවා කියලා."
   මට ඉතින් හොදටම කේන්ති ගියා.අම්මපා මූ ඒක ලැජ්ජාවක් නැතුව කියපු හැටි.මට සෙක්ගෙ බෙල්ල මිරිකන්න හිතුනෙ කරන ගොං වැඩ වලට.ඒ මොනවා වුනත් හරිම හිත හොද කොල්ලා ඌ ආදරේ කරන කෙනාට වරදක් නම් කරන්නෑ කියලා මං දන්නවා ඒ නිසා මට එයා ගැන ගොඩක් දුක හිතුනා.
"😣කවුද ඔය කෙල්ල?උඹ මට වත් අඩුමගානේ ඒකිගෙ නම කිව්වෙ නෑනේ.තමුසෙ මෝඩයා වගේ ලව් කළා අඩුමගානේ කීසැරයයිද හම්බුනා කිව්වෙ.මං හිතුවා ඔලුව උඩ තියාගෙන ඉද්දි මොකක් හරි නැට්ටිච්චියෙක් තමා කියලා.තමුසෙ දැන් අම්මට මොකද්ද කියන්නෙ.ඕවා කියලා ඒ මනුස්සයව තවත් ලෙඩ කරන්නද හදන්නෙ?"
"මං අම්මට පොරොන්දු වුනා එයාව මුණගස්සනවා කියලා.😞තනිකරම රඟපෑමක් විතරයි මාව අන්දලා කරලා තියෙන්නෙ."
"කොහොමද ඕක දැන ගත්තෙ?"
"මගෙ යාලුවෙක් පෙන්නුවෙ එයාගෙ කොල්ලගෙ ෆේස්බුක් එකේ තිබිලා දෙන්නගෙ ෆොටෝ."
"අනේ ඇත්තමයි තමුසෙ වගේ මෝඩයෙක්.අම්මට කෝල් එකක් අරන් දෙනවා මං හරි ඇන්ටිට කියලා විසදලා දෙන්න.එයාට ඔයාට වඩා මාව ෂුවර්😑."
"අනේ...ජේහියෝ උඹ නම් දෙවියෙක් නෙමේ දේවාලයක්😀මේ දැන් උඹ කියපන් උඹට සෙට් වුනා කිව්වෙ🤔???"
    සෙක් එයාගෙ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා ලොකු කුතුහලේකින් මගෙන් එහෙම ඇහුවා.
"🤭මට ඒක කියන්න නිකන් ලැජ්ජයි වගේ.😊හැබැයි උඹ ඒක කාටවත් කියන්න බෑ."
"පිස්සුද මං කාට කියන්නද?"
     මං හිමීට රහසින් එයාට කිව්වෙ ඒක නැත්තම් අර සෙයොන් කොහෙන් හරි අහන් හිටියොත් කියලා.
"එයා තමා තෙහ්‍යුන්.හිතා ගන්න බෑනේ?🤭🤭"
"නෑ...එයාද ඒ මොලේ අමාරුකාරයා😳😮?"
"😑මේ...සෙක් ඕන්නැති ඒවා කියන්න එපා හොදේ."
"අම්මෝ...හරි හරි ඉතින්."

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now