Ep18

352 98 20
                                    

තෙහ්‍යුන් මොකෝ අපි වැඩ කරන තැනටම ආවෙ එයා ඇත්තටම වැඩක් කරගන්නද ආවෙ නැත්තම් වෙන දේකටද?...
"මේ...😊ඔයාට කාවද හම්බවෙන්න ඕන.කොහොම දෙයක්ද සර්ට අපෙන් වෙන්න ඕන.අලුත් විදිහෙ fashion දැන් හුගක් ඒවා තියනවා...😀"
  මැඩම් ඒ විදිහට හොදට හිනාව දාගෙන තෙහ්‍යුන්ගෙන් ඇහුවා.
"මට පොඩ්ඩක් ඒ ගැන අරයත් එක්ක කතා කරන්න පුලුවන්ද?👉"
   එයා මගේ පැත්තට ඇඟිල්ල දික් කළේ.ඒ සැරේ ඔක්කොම ඇසුත් ලොකු කරන් මං දිහා බලන් හිටියෙ නිකන් කන්න වගේ.👀කොහොම හරි ඊට පස්සෙ අපේ office එකේ වැඩ කරන කාමරයක් තිබ්බා එතන තිබ්බ ලොකු මේසේ ගාවින් වාඩි වෙලා මං බල බල හිටියෙ මෙයා මොකටද ආවෙ කියලා.
"ඇයි ඔයා මට කතා කරන්න ඕන කිව්වෙ.මොකද්ද වෙන්න ඕන.කොහොමද design එකක්ද ඔයාට ඕන."
"පුදුමයිනේ...😏දැකපු පළවෙනි දවසෙ වත් වචනයක් කියාගන්න වත් කට තිබ්බෙනෑ මූණ බැලුවෙත් නෑ හරියට දැන් නිකන් ලොක්කෙක් වගේ කතා කරන හැටි."
"ඒ...මුලින් තිබ්බ නුපුරුදුකම නිසා.😶"
"දැන්නම් මොන නුපුරුදුද නේ...?😏."
    මං එයා මුකුත් කියන්නත් කලින් එක දිගට කියව ගෙන ගියා.එයා ආවෙ ඇත්තටම මොහොකටද?
"මං ආවෙ දේවල් දෙකක් කියලා යන්න."
"මොනවද ඒ...?"
"මං අද එහේ එන්නෑ.අද කියන්නෙ ආයෙ දිගටම එහෙම තමා.ඒත් මගේ බඩු නම් තාම එහේ හෙට තමා ඒ ටික ගන්න වෙන්නෙ."
   එයා එහෙම කිව්වම මට අමුතු දුකක් ආවා.මගේ මූණත් එක සැරේම අව්ල් ගියා.
"ඇයි ඔයා...මාසයක් වගේ ඉන්නවා කිව්වෙ?🙁"
"මේකයි ආහ් ඔයා හිතන්න එපා ඒක ඔයාගෙ වැරැද්දක් නිසා කියලා මං එහෙම පිට ඉන්නවා කියලා ආවෙ මගේ වැඩක් ටිකක් නිදහසේ කරගන්න කියලා ඇත්තටම ඒත් මං පිට හිටියා කියලා නෑ දැන් මට ඒක ගැන අවධානයක්නෑ.මං නිකන් එහෙම ඉදලා වැඩක්නෑනෙ."
"මගෙ අතින් පොඩි පොඩි වැරදි වුනා තමා අනේ ඒත් ඉතින් ඒක එච්චර අව්ලක්වත් වුනාද?🙁මං බාධා නොකර ඉන්නම්."
"අයියෝ...නෑ මං කිව්වෙ ඔයා නිසා නෙමේ වැඩක් නැතුව මං එහෙම ඉන්න එක තේරුමක්නෑනේ අනික මං ගොඩක් දවස් මගේ ගෙදර නැති වෙද්දි කට්ටිය ටිකක් හොයනවා ඒවා."
   එයා එහෙම කියද්දි අකමැත්තෙන් වුනත් අහන් ඉන්නවා ඇරෙන්න වෙන මොනවා කියන්නද මං.
"හරි ඔයාගෙ කැමැත්තක්.😞"
"හෙට හවසට මං ඔක්කොම කුලියත් දෙන්නම් හැමදේටම."
"හරි...😞"
"මේ...තව දෙයක් කියන්න තියනවා.පුලුවන් නම් හෙටත් නිවාඩුවක් දාගන්නවද?නැත්තම් මං නිවාඩුවක් අරන් දෙන්නද?"
"ඈ...😳"
   ඒ...මොකද්ද එයා ඒ කිව්ව කතාවෙ තේරුම.මං පුදුම වෙලා වගේ එයා දිහා බලන් හිටියෙ ඒකේ තේරුම මොකද්ද කියලා.
"මොකෝ...ඔහොම මං දිහා බලන් ඉන්නෙ?මං කිව්වෙ නිවාඩුවක් ගන්න කියලා."
"ඒ...ඒ...ඒ...ත් මොහොකටද ඒ?😳"
"හෙට පොඩි event එකක් තියනවා SY එකේ ෂොපින් මෝල් එකේ ඒත් ඔයා ඒකට වැඩිය කැමතිත් නැතුව ඇති."
"වැඩිය නෙමේ කොහොමත් නෑ😑."
"ඒකේ opening එක හෙට තියෙන්නෙ.ඒකෙන් අපිට හුගක් sponsor කරළා තියන නිසා අපිට ඒකට යන්න වෙනවා ඒත් එක්කම හෙට එතන opening එකට එන ෆෑන්ස්ලට fan meeting ekak thiyanawa හැබැයි හැමෝටම එන්නත් බෑ ටිකට්ස් ගත්ත අයට පුලුවන්."
"ඉතින් ඕකෙන් මට ලැබෙන දෙයක් නෑනෙ?"
"ආ...මේක ගන්න."
   එයා මගේ අතට දෙයක් දුන්නා ඒක නිකන් පොඩි ලිව්ම් කවරයක් වගේ.
"මේ...මොකද්ද?🙁"
"ඕක invite card එකක් ඕකෙන් ඔයාට හෙට එතනට එන්නත් පුලුවන් අර ඔටෝ ගන්න වැඩෙත් ඔයාට කැමති විදිහකට කරගන්න පුලුවන්.එතනට එන හුගක් අමුත්තො ඕවා අරන් තමා එන්නෙ.ඔයාට වෙනම ටිකට් එකක් නැතුව ඕකෙන් එන්න පුලුවන්."
"ඔයාලට fan meetings තියන්න වෙන තැන් තිබ්බෙම නැද්ද?😑"
"අනේ මන්දා අපි නෙමේනෙ තැන තීරණේ කරන්නෙ.හරි පොඩ්ඩක් නැගිටින්නකො දැන්."
"ආ...😳"
"පොඩ්ඩක් නැගිටින්න කිව්වෙ.😏"
    😶එයා...මොනවා කියනවද මන්දා එක එක වෙලාවට එක එක ඒවා.මං ඉතින් කියපු නිසා නැගිට්ටා.
"හරි ඇයි දැන්"
"පොඩි වටයක් කැරකෙන්නකො බලන්න.🤔"
"මොකක්😮?"
    මෙයා මොනවා කියවනවද මන්දා.නිකටත අතත් තියා ගෙන මෙයා මං දිහා බලන් මොනවද කල්පනා කරන්නෙ.🤔
"පොඩ්ඩක් කිව්ව දේ කරන්නකො."
"ඒ...මොකටද කැරකෙන්න ඕන."
"එක වටයයි."
"මොන විකාරයක්ද ඒ..."
    මෙයා මොකක් කරන්න යනවද කියලා මට තේරෙන්නෑ ඒත් ඉතින් එච්චර කියවන එකේ පොඩි වටයක් කැරකුනා ඉතින්.ඒ අතරෙ එතන දොර ගාව වීදුරු තීරුවක් අස්සෙන් දෙන්නෙක් එබී ගෙන බලන් හිටියා.ඒ සෙකුයි,සෙයොනුයි.
"මේ...මොකද්ද සෙක් වෙන්නෙ😮හරි නම් ජේහි නේද ඒ විදිහට එහෙටයි මෙහෙටයි හරවලා තෙහ්‍යුන්ව බලන්න ඕන අනික මොන එහෙකටද එයා ජේහි එක්ක කතා කරන්නෙ ඒකත් මෙච්චර වෙලා😬."
"මං කිව්වනෙ එද්දිම ජේහිව හම්බවෙන්න එන්නෙ කියලා...😁"
"ඔය දෙන්නා මොකෝ ඔතන කරන්නේ ගිහින් වැඩක් බලා ගන්න.😑"
   ඒ විදිහට ඒ දෙන්නගෙ පිටිපස්සෙන් ලොකු සද්දයක් ඇහුනා ඒ මැඩම්.
"ආ...හා...හා...මැඩම් මේ ගියා."
   එහෙම කියලා ඒ දෙන්නා එතනින් ගියා බයටම වගේ.ඊට පස්සෙ වට පිට බලලා මැඩම්නුත් එබිලා බලන් හිටියා.
"හරි දැන් යමු."
"කොහෙද යමු කියන්නෙ?"
"මෙහෙ එන්න."
    එහෙම කියලා මෙන්න මෙයා මගේ අතින් අල්ලන් ඇදගෙන ගියා.මැඩම් ඉක්මනටම අපි එද්දිම එතනින් මාරු වුනා දුවලා ගිහින්.
"ඒ...අත...අත...කොහෙද මේ කඩාගෙන යන්නෙ?"
"මට වැඩි වෙලා මෙතන ඉන්න බෑ මටත් වැඩ තියනවා ඒ නිසා ආපු වැඩේ කරන්න ඉක්මනටම යනවා මං.
   මෙයා නිකන් වැඩ්ඩා වගේ මාවත් ඇදගෙන කඩාගෙන ගියේ යන්නෙ කොහෙද කියලා දැනගෙන වත්ද මන්දා.
"ඔයාලගෙ මැඩම් කොහෙද ඉන්නෙ?"
"එයා...මේ වෙලාවෙ නම් අර පැත්තෙ ඉන්නෙ වෙනදටනම්."
    මං එහෙම එක පැත්තක් පෙන්නුවා එයා මැඩම් හොයාගෙන ආවෙ ඒ වෙලාවෙ එතන තව කට්ටියත් හිටියා.😬ඔක්කොම ආයෙමත් ඇස් ලොකු කරන් බලාගෙනම හිටියා ඒ සැරෙත්.ඒක දැක්ක ගමන් ඒ සැරේ අත අතෑරලා දැම්මා එයා.
"මේ...මට පොඩි දෙයක් හොයලා දෙනවද?"
"ආහ් කියන්න ඔයාට මොන වගේ දෙයක්ද ඕන සර්."
"ඇත්තටම මට නෙමේ ඔයාලා ගාව මෙන්න මෙයාගෙ ගාණට ගැලපෙන designs වල outfits තියනවද?"
    එයා මාව පෙන්නලා එහෙම කිව්වම මං බය වුනා එතන හිටපු අනිත් අයත් එහෙමයි.
"මේ...අපේ ජේහිගෙ සයිස්?😮"
"ආ...ඔව්😶😁ආ...මෙයාට නෙමේ ඇත්තටම මගේ නංගිට මට ඕවා තෝරන්න තේරෙන්නෑ ඒකයි මෙයාව ඇදන් ආවෙ.මේ වගේ ඇති එයත් ඒකයි.ඔයාට පුලුවන්ද මට උදව් කරන්න."
"ආ...හරි එන්නකො😁අපි ගාව තියන හොදම ඒවා පෙන්නන්නම්.මේ ජේහි පොඩ්ඩක් එන්නකො."
   එහෙම කියලා මැඩම් ඇදුම් වගයක් පෙන්නුවා.ඒවා ගොඩක් ගණන් වටින ලස්සන ඒවා.
"ආ...මෙහෙමයි මේවා වැඩියි වගේ.මට ඕන සාමාන්‍ය විදිහෙ එකක් මේ වගේ කෙනෙක්ට වැදගත් තැනකට යන්න වුනොත් ගැලපෙන්න.පොඩ්ඩක් මේ වගේ සරල කෙනෙක්ට."
    තෙහ්‍යුන් නංගිට තෝරනවා කියලා ඔක්කොම මගේ විදිහට තෝරන්නෙ.මට නම් මුකුත් තේරෙන්නෑ.
"ජේහී...ළමයො පොඩ්ඩක් ඔයා කියන්නකො මේ ටිකෙන් හොදයි වගේ හිතෙන්නෙ මොකද්ද?"
"මැඩම් මේක හොදයි😊."
   වැඩිය අනම් මනම් නැති චාම් විදිහෙ සුදු ගවුමක් එක්ක තියන රතු පාට දිග කෝට් ජැකට් එකක් ඒක වැඩිය ලොකු ලස්සනක් නැති වුනත් හරිම අමුතු ගතියක් තිබ්බෙ.
"සර්ට මොකද හිතෙන්නෙ."
"අනේ...මන්දා ගෑණු අයගෙ කැමැත්ත මට තේරෙන්නෑ එයා ඒක හොදයි කිව්වා නම් ඕක ඕන මට."
"ආ...😮හ...හ...රි සර්."
    එයා මං හොදයි කියපු එකට කැමතියි කිව්වා.මේ කොල්ලගෙ වැඩ නම් අනේ මන්දා තේරෙන්නෑ මට.
"ඒ...ඔහොම්මම ඔයාගෙ සපත්තු සයිස් එකත් කියන්න."
"ඒ...සැරේ ඒක මොකටද?"
"ඒකත් අපේ නංගිට උපන්දිනේ ළඟයි ඒකයි.එයාව මෙහෙට ගෙන්නන්න බෑනෙ මේවට😏."
"ආ...ඒකද?මගේ හතර."
"ම්ම්ම්...හරි."
   එහෙම කියලා එයා කාටද කෝල් එකක් ගන්න ගමන් එතනින් ගියා.

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now