EP27.

334 80 13
                                    

පැය කිහිපයකට පසු...

Seoul City Hospital එක ළඟ මීඩියා වලින් ඇවිත් ඇඟිල්ලක් ගහන්න තරම් වත් ඉඩක්නෑ ඒ තරම් සෙනගක් පිරිලා.ලොකු කලබලකාරී තත්වයක් තිබ්බෙ.

ඒ අතර hospital එක ඇතුළෙ මං ඇස් අරිද්දිම හිටියෙත් ඇදක් උඩ අම්මයි,මල්ලියි හුගක් දුකෙන් මං දිහා බලන් ඉදලා එක සැරේම අම්මා මාව බදා ගත්තා.
"අනේ...මගේ දරුවෝ."
නැගිට්ට ගමන් හරිම කළබලෙන් මං එක දිගට එයාලගෙන් ප්‍රශ්න කළා.

"අම්මෙ තෙහ්‍යුන් කොහෙද?"
"කළබල වෙන්න එපා පුතේ එයා හොදින් ඉන්නවා."
"මට එයාව බලන්න ඕන.ඩොක්ටර්ස්ලා මොකද කිව්වෙ?"
"අක්කෙ එයාලා තාම මුකුත් කිව්වෙ නෑ."

මං හුගක් කළබලෙන් අතේ ගහලා තිබ්බ සේලයින් එකත් ගලවලා එතනින් එළියට දුවන් ආවා.අපේ අම්මා මට කෑගැහුවත් මං නැවතුනේ නෑ.
"ජේහී...ඔහොම ඉන්න දරුවෝ...අනේ දරුවෝ..."
මං එතනට යනකොට එක එක්කෙනා තැන තැනට වෙලා හරිම මළානික විදිහට හුගක් දුකෙන් කිසිම සද්දයක් නැතුව හිටියේ.ඒ නිහඩ බව නිසාම මගේ හිතේ තිබ්බ බය එන්න එන්නම වැඩි වුනා.මං මගේ හිතින් ඒ සිද්දවෙච්ච වැරැද්දට මටම දොස් පවර ගත්තා.මොකද එයාට මං නිසයි එහෙම වුනේ.මට ඒකට එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන්.

තාමත් කිසිම ඩොක්ටර් කෙනෙක් එළියට ආවෙ නෑ...මගේ හිත ශක්තිමත් කරගන්න කොච්චර උත්සහා කළත් ඒ අස්සෙ හිතේ හැංගිච්ච බයත් ඒ එක්කම වැඩි වුනා.මගේ මතකෙට දෙයක් ආවා ඒ මේ සිද්දිය වෙච්ච වෙලාවෙ අන්තිමට එයා මට කියපු දෙයක්.

පැය කිහිපයකට පෙර...

[තෙහ්‍යුන්..........

මං එහෙම කෑගැහුවෙ මට කරකියා ගන්න දෙයක් නැතුව ලොකු අසරණකමකින්.මාව ගැටගහලා තිබ්බ නිසා මට මුකුත් කරගන්න බැරුව මං හුගක් අසරණ වුනා.මගේ ඉස්සරහම මං ආදරේ කරන කෙනාට එහෙම දෙයක් වෙනවා දැක්කම ඒක මගේ පපුව හිල් වෙලා ගියා වගේ මට දැනුනෙ.එයාට නොවී ඒක මට වුනා නම් කියලා මට දහස් වාරයකට වඩා හිතුනා.එයාට වඩා ඒ වේදනාව මට දැනුනා මොකද ඒ වෙලාවෙ මං එයාගෙ ඇස් දෙකෙන් දැක්කෙ කිසිම පසුතැවීමක්,වේදනාවක් නැති ලොකු ආදරයක් ඒ නිසාම මට ඒක වේදනාවක් වුනා මට එච්චරටම ආදරේ කරපු එයාට මං නිසා එහෙම වෙච්ච එක😞.

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now