Ep21

373 81 14
                                    

සමහර දේවල් අපේ ජීවිතෙන් හැංගිලා තියෙන්නෙ අපේම හොදටයි.හැබැයි හැමදාම ඒ දේවල් ඒ විදිහට තියෙයි කියලා හිතන්නත් බෑ.යොංජු සභාපතිතුමිය එයාගෙ පුතාට හැමදේම ඒ විදිහට කියද්දි ඒ මුකුත් නොදන්න මං හිතේ ප්‍රශ්න දාහක් තියාගෙන වුනත් තෙහ්‍යුන් ඉස්සරහා එදා හුගක් සතුටින් හිටියා.මොකද එයා නිසා තමා දැන් මං හිනා වෙලා ඉන්නෙ.එදත් රෑ හරිම සීතලයි.හොද කෝපි එකක් බොන ගමන් අර කලින් දවසක් හිටියා වගේ උඩ තට්ටුවෙ වහලෙ අයිනට වෙලා අපි දෙන්නා හිටියා.හැබැයි වෙනසකට තිබ්බෙ එදා පැත්තකට වෙලා හිටපු දෙන්නා අද එකට හිටියෙ.එළියෙ තිබ්බ සීතල එක්ක මං එයාට තුරුල් වෙලා හිටියෙ එයාගෙ උණුසුමට.
"බලන්නකො වැස්ස කියලා නෑ අහස අද හොදට පේනවා නේ?"
"එ...මං ඉන්න නිසා තමා.මාත් ඉතින් තරුවක් නෙ ඉන්න හැමතැනම ඔහොම එළිය වෙනවා.😏"
"දැන් කියන්න යන්නෙ ඔයා නිසා එළිය වුනා කියලද?😑"
"ඇයි ඉතින් ඇත්තනේ?"
"මේ...මෙහෙම බලාගෙන ඉන්නකොට තරු කඩන් වැටෙනවා ඒ වෙලාවට මොකක් හරි හිතුවොත් ඒක ඇත්ත වෙනවලු.😊"
"ඔයත් ඔය මෝඩ වැඩ කරනවද?"
"මොකද්ද මෝඩ වැඩේ?හැමෝම ඒක දන්නවනෙ."
"ඔයා ටීවි බලනවා වැඩි වෙලාද?ඔය කතා වල පෙන්නන සීන් වල වගේ දේවල් වෙන්නෑ ඇත්තම ලෝකෙදි.අනික ඔය තරු නෙමේ සැටලයිට් නැත්නම් උල්කාපාත."
"ඔයා කියන්නෙ මිනිස්සු ඒවා දිහා බලන් ප්‍රාර්ථනා කරනවා කියලද?😒"
"ඇයි ඔයා එහෙම කරනවද?😂නිකන් හරි ඔයාගෙ ඔලුවට උල්කාපාතයක් වැටෙන්න ආවොත් ඒක දිහා බලන් ඔයා ප්‍රාර්ථනා කර කර ඉන්නවද දුවලා බේරෙනවද?😂😂"
"😑ඒ සැරේ ඔයාට මාව විහිලුවක් වුනාද?බබෙක් වගේ මූණ තිබ්බට පණ්ඩිතකම නිකන් සීයා කෙනෙක් වගේ."
"දැන් මංද බබාලගෙ කතා කියන්නෙ😂."
    මං කියපු කතාව එයාට නම් විහිලුවක් වුනා ඉතින් අනේ මං වගේ මෝඩයෙක් ඇත්තටම.මරු මිනිහට ඒක කිව්වෙ.
"හරි හරි ඉතින් ඕක හිතන්න ඕන්නෑ දැන්.මොකෝ ආයේ මූණ දෙක කරන්?"
"මං හොදට උල්කාපාත ගැන දන්නවා හොදේ පොඩ්ඩක් මේ කම්මැලි ගතිය නැති වෙන්නයි එහෙම කිව්වෙ."
"ආ...එහෙමද මට එහෙම එකක් හිතුන්නෑනේ.ඔයාට මාර අදහස්නෙ එන්නෙ?"
"මං ඉතින් ඒක බොරුවක් කියලා දැන දැනත් ඒ විදිහට කළා.මිනිස්සු අසරණ වෙන වෙලාවට බොරුවක් වුනත් ඇත්තක් විදිහට දකින්න එයාලා කැමති.ඉතින් ඒ කතාව බොරු කියලා දැන දැනත් මං ඒකම විශ්වාස කළා.මං ඒක ඇත්තක් නෙමේ කියලා දැන දැනත් තාත්තා එයි කියලා හිතලා ඒකම විශ්වාස කළා."
    ඒ වෙලාවෙ මං serious විදිහට ඒක කිව්වෙ.තෙහ්‍යුන් ඒක තේරුම් ගත්තා එයා මාව තවත් තද කරළා තුරුල් කරගත්තා.එයාගෙ පපුවට හේත්තු වෙලා ඉද්දි හරිම සැනසීමක් දැනුනෙ.
"අපි මෙහෙම කරමු.අද ඉදන් උල්කාපාත වලට ප්‍රාර්ථනා කරමු දෙන්නා එක්කම."
"ඒයී...දැන් ගොන් කතා කියන්න එපා ඕක ඇති.😏"
"හරි...බය වෙන්න එපා මං පොරොන්දු වෙනවා ඔයාගෙ තාත්තව අපි කොහොම හරි හොයාගමු.හරිනේ...😊"
   එහෙම එයා කිව්වම මට හුගක් සතුටු හිතුනා.ඉතින් මං එයාව තවත් තද කරලා බදා ගත්තා.
"ඒයි...මෝඩී දැන් ගොඩක් රෑ වෙලා දිගටම මෙතන සීතලේ ගැහි ගැහි ඉන්නද ඕන?"
"මට නම් අව්ලක් නෑ ඔයා මෙහෙම ඉද්දි මොන සීතලක්ද?"
"ආ...ඔයාට මොකෝ ඒකත් මටනේ ඉතින්."
"ඇයි දැන් මොකද්ද කියන්නෙ?"
"පොඩ්ඩක් මං ගැනත් හිතන්නකො මට නිදි මතයි."
"එහෙනම් ගිහින් නිදා ගන්න."
"හා...කියනකන් හිටියෙ.එනවා යන්න."
"ඔයා යන්න ඉතින් මට නිදිමත නෑ."
"ඒකත් එහෙමද?"
   එහෙම කියලා පොඩ්ඩක් රවලා වගේ මේ සැරේ එයා මගේ මූණ දිහා බැලුවෙ.මේ සැරේ නම් විහිලුවක් නෙමේ වගේ😶.
"හරි දැන් ඔයාට නිදිමතත් නෑනේ ඉන්නකො..."
"ඒ...ඒ...ඒයී...කොහෙද මේ උස්සන් යන්නෙ?"
    එහෙම කියලා ඒ සැරේ මාවත් උස්සන් කාමරේට ගිහින් දොරත් වැහුවා🙈.ඒ විදිහට අපි එදා රෑ ගෙවද්දි තව අය හිටියෙ වෙන වෙන ප්‍රශ්න වල.

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now