Ep16.

382 96 12
                                    

එදා රෑ මං සාලෙට වෙලා ටීවි එකේ btsලම ඉන්න show එකක් බල බල හිටියෙ.ඒ අතරෙ අර කොල්ලා දීපු ෆයිල් එකත් අතට ගත්තා මොකද්ද බලන්න.ඒකෙ තිබ්බෙ ළමා අරමුදල් වගයක් ගැන එයාලා කරපු සුභසාධන සේවා ගැන ගොඩක් විස්තර තිබ්බා.ඇයි මේක මට දෙන්නැත්තෙ🤔.මං ඒ ගැන කල්පනා කර කර ඉද්දි තෙහ්‍යුන් ඇවිත් එතනින් වාඩි වුනා.
"ආ...බොරුවට ටීවී දාගෙන ඉන්නෙ වැඩකට ඇති දෙයක් වත් බලන්නකො."
"ඇයි වැඩකට ඇති දෙයක් තමා බලන්නෙ පේන්නැද්ද ඔයාලනෙ ඉන්නෙ."
"ආ...මේ ඒකද දාන් ඉන්නෙත් ඕක ඔය බලන්නෑනෙ.මං මාරු කරන්නද?"
"ඇයි ඔයා මොනවා බලන්නද?"
"නිව්ස්😏වැඩකට ඇති දෙයක් ඕන බලන්න."
"එතකොට ඔයාලා ඉන්න ඒවා වැඩක්නෑ කියලද කියන්නෙ?"
" එහෙම නෙමේ ඕක රිප්ලේ එකක්නෙ.බලන්න ඕන පොඩ්ඩක් ලයිව් වගේ එකක්."
"හරි ඕන එකක් දාගන්න ඉතින් ඔයා මට ගෙවනවා නේ.😁ඒ නිසා කැමති එකක් දාගෙන බලන්න."
"පොඩ්ඩක් සමාජෙ ගැනත් දැන ගන්න නිව්ස් ටිකක් වත් බලලා අපිට එහෙම වෙලාවක් වත් ලේසියෙන් එන්නෑ.නිකන් හරි කොල්ලෙක් ඉන්න කාලෙකත් මේ විදිහට පැය විසි හතරම අපේ shows බල බල ඉදලා ඒකත් ඉවර කරගන්න වෙන්නෙ."
"එහෙම වෙන්නෑ ඔයා ඒවා ගැන හිතන්න ඕන්නෑ ඒක මං බලා ගන්නම්."
"😏හා...ඉතින් මං හොදටයි කිව්වෙ එහෙම.නැද්ද තාම කැමති කවුරුත්?"
"😊ඉන්නවා."
"😮නෑ...කවුද?මොන වගේ කෙනෙක්ද?"
"හරිම ස්වීට්, ගොඩක් හැන්ඩ්සම් කෙනෙක් හැබැයි ඔයාට වඩා සිය ගුණයක් විතර ලස්සන කෙනෙක්😏🤭."
"ජින් අයියා නෙමේ නේ?"
"අනේ...නෑ.හැබැයි ඉතින් එයා කැමති නම් මාත් කැමතියි.😊😏🤭"
"ආහ්...ජින් අයියා😏නම්...ඔයාගෙ විදිහට ගැලපෙන්නෑ පොඩ්ඩක් වත්."
"ඒ...මොකෝ...?"
"ඔයා වගේ මෝඩ ගහක් එක්ක ඉන්න එයා නම් කැමති වෙන එකක්නෑ😏."
"ආහ්...එහෙනම් ජුන්ග්කුක් කොහොමද?"
"පොඩ්ඩක් වත්නෑ...එයාට ඔයා වගේ කෙල්ලො කොහොමත් සෙට් නෑ."
"එහෙනම්...ජිමි..."
"අපෝ...නෑ...කොහොමත් එපා..."
"ඔයා මොකෝ මං කියන හැම කෙනාටම අපෝ හරි නෑ කියන්නෙ?😑එයාලා ඔයාට වඩා හොදයි වගේ නිසා ඊර්ෂ්‍යයි නේ😂."
"අනේ...නෑ මං මගේ සහෝදරයොන්ට හරිම ආදරෙයි.ඒ නිසා ඔයා වගේ අයගෙන් පරිස්සම් කරගන්න ඕන."
"මොකක්ද මං වගේ අය කිව්වෙ?හරි එහෙනම් නාම් ජූන්,හොබී අයියා,යොංගි එයාලවත් හොදයි වගේ."
"ඕක ඇති දැන් මට මේක පොඩ්ඩක් අහන්න දෙනවද මං ඕන්නම් ටීවී එක බලන්න දෙනවට වැඩිපුර ගාණක් ගෙවන්නද?"
"😞මහ නරකයි බලන්න ඉතින්"
     ඒ විදිහට කට පොඩ්ඩක් වහ ගන්න වුනා.මං එයාට වාතයක් වුනාද මංදා😞.ඊට පස්සෙ මං මූණත් දෙක කරන් බිම බලන් හිටියා.එයාට දුක හිතිලද?අනුකම්පා හිතිලද මන්දා හිමීට මගේ මූණ දිහා බලුවා.ඊට පස්සෙ මගේ අත එක සැරේම අල්ලලා මෙහෙම කිව්වා.
"ඒ...🙁මං විහිලුවට කිව්වෙ.ඕකට ඔහොම ඉන්න ඕන්නෑ.හරි ආයෙ මං ඒ වගේ නොකිය ඉන්නම්.සොරි..."
    මගෙන් ඇග නිකන් හිරි වැටිලා ගියා වගේ.හාට් බීට් එකත් එක සැරේම වැඩි වුනා.වචනයක් වත් කියාගන්න බැරුව හිටියෙ.හැබැයි අත විතරයි ඇල්ලුවෙ ඒකට මෙහෙම වුනා නම් ඉතීන්..............................
"මේ...මාත් එක්ක කේන්තියෙන්ද ඉන්නෙ?"
      ආයෙ මං හොද සිහියට ආවා.
"ආ...ආ...ආ...නෑ...අවුලක්නෑ...ඒක අමතක කරලා දාන්න🙄😌."
"ආ...හරි"
    ඊට පස්සෙ එයා අත ගත්තා.ඒ විදිහට පොඩ්ඩක් හිත සැනසෙන දෙයක් වුනාට පස්සෙ ටීවී එකේ දැකපු දේ දැකලා ඒ සැනසීමත් නෑ.අර යොංජු සභාපතිතුමිය ඒකෙත් ඉන්නෙ එයාගෙ ෂොපින් මෝල් එකක් අලුතින් අරින්නලු ඉන්නෙ.ඒක හුගක් ලොකුවට යන වැඩක් වගේ.එයාට ඉතින් මොනවද නැත්තෙ.
"ටීවී එක දැම්මොත් මෙයා විතරයි ඉන්නෙ.😣මට දැක්කත් කේන්තියි."
"SY එකේ සභාපති ගැනද කිව්වෙ."
"අදුනනවද?"
"එහෙම කියලා අදුනන්නෑ.හැබැයි අපේ වැඩ වලට ගොඩක් sponsor කරලා තියනවා.මොකෝ පේන්න බැරි කෙනෙක්ද?"
"ඔව් මහා යක්ෂ ගෑණු කෙනෙක්.මගේ තාත්තා ඈත් වුනෙත් එයා නිසා."
"ඒ...කිව්වෙ?"
"තාත්තා එයත් එක්ක ඉන්නෙ.බැදලා කියලයි ආරංචි වුනේ ඒත් ඊට පස්සෙ දැක්කෙම නෑ."
"පොඩ්ඩක් ඉන්න.එයා බැදපු කෙනෙක් නෙමේනේ මං දන්න තරමින්."
    තෙහ්‍යුන් එහෙම කිව්වම මං පුදුම වුනා.ඒක ඇත්තක් නම්...මං එයාගෙන් ඒ ගැන අහන්න හදද්දිම එයාට කෝල් එකක් ආවා.
📱📱📱
"ඕ...ජුන්ග්කුකී...කියන්න.මොකෝ වුනේ?මොකක්?දැන් කොහෙද ඉන්නෙ?හරි මං එන්නම්."

BLACK OF THE WHITE HEART ✔︎Tempat cerita menjadi hidup. Temukan sekarang