Ep17.

362 94 7
                                    

අයියෝ දෙයියනේ😮.ඒ ජින්.නිකන් නෙමේ දෙපැත්තෙන් දෙන්නයි කරෙන් එක්කෙනයි.තුන්දෙනාවත් කර ගහගෙන හුගක් අමාරුවෙන් වගේ ඇවිත් තියෙන්නෙ.අයියෝ පව් ජින් ඉතින් අර තුන්දෙනා නම් හොද සිහියෙන් නෙමේ වගේ හිටියෙ.
"අයියෝ...ජින් මේ මොකෝ මේ😮?"
     මාත් බය වුනා ඒ විදිහට දැක්කම.ජින් හති අරින ගමන් ටිකක් අමාරුවෙන් කතා කළේ.
"ඔයාට කරදර කළාට සමාවෙන්න මේ වෙලාවෙ වෙන කවුරුත් නෑ මගේ උදව්වට.ආහ්...අම්මෝ මුන්ගෙ බර."
"ආ...හරි.මං මොකද්ද කරන්න ඕන."
"අදට විතරක් මෙයාලව තියාගන්න පුලුවන්ද?මෙච්චර රෑ වෙලා මේ විදිහට එයාලව ගිනිහින් දාන්න ගියොත් අව්ලක් වෙයි.මගේ ගෙදර අද තියාගන්නත් බෑ මාව හම්බවෙන්න කෙනෙක් ඇවිත්."
"ආ...හරි හරි...ඒත් මේ...?"
"අහ්😌බය වෙන්න එපා සම්පූර්ණ වගකීම මං ගන්නවා."
"හරි ඇතුළට එන්න."
     එහෙම කියලා ජින් අමාරුවෙන් අර තුන්දෙනත් එක්ක එන්න හදද්දිම එක සැරේම හතරදෙනත් එක්කම බිමට ඇදන් වැටුනා දොරෙන් එන්න හදද්දිම.🤦
"අම්මෝ.......ආ...හ්..."
"අයියෝ...😮ජින් ඔයා හොදින්ද?"
"ආ...හ්...අව්ලක් නෑ...මුන් තුන් දෙනා පුදුම වදයක් දෙන්නෙ."
"ඉන්න මං උදව් කරන්නම්."
    එහෙම කියලා මං ජින්ට කෙලින් වෙන්න උදව් කළා.
"මේ අහන්න තුන්දෙනාවම තෙහ්‍යුන්ගෙ කාමරේට දාමු.මට ඒක පෙන්නන්න."
"ආ...හරි එන්න."
    එහෙම කියලා මං එයාට තෙහ්‍යුන්ගෙ කාමරේ පෙන්නුවා බොහොම අමාරුවෙන් ඒ තුන්දෙනාව එයා කාමරේට දාලා දොර වැහුවා.එයාලා නම් ඉන්නෙ කොහෙද මොකද වුනේ මුකුත් දන්නෑ.
"ඔන්න හරි දැන් මේක ලොක් කරන්න ඕන."
   එහෙම කියලා ජින් ඒ කාමරේ ලොක් කරත් එක්ක.
"ආ...මෙන්න යතුර ඔයා ගාවම තියාගන්න.හෙට උදේ වෙනකන් අරින්න එපා.දැන් ඔහොම තුන්දෙනා එක්ක නිදාගයි ඔයාට කරදරේකුත් නෑ.මං යන්නම් එහෙනම්."
"ඕ...හරි."
"කරදරයක් වුනා නම් සමාවෙන්න මෙයාලා නිසා.මාත් ලොකු අව්ලක පැටලිලා ඉන්නෙ ඒකයි.ගිහින් එන්නම්."
"හොදයි පරිස්සමින් ගිහින් එන්න."
    ඒ විදිහට එයා යතුර දීලා ගියා.ඊට පස්සෙ ඒ කාමරේ ඉස්සරහා ඉදන් මං තනියෙන් මෙහෙම කිව්වා.
"ආහ්...😏දැන් මට මොනවා හරි කියාගෙන ආවොත් නේ...තෙහ්‍යුන්."
   එහෙම කියලා මං ආයෙ උඩට ගියා.

ඒ විදිහට එදා දවස ඉවර වෙද්දි තවත් දවසක් වෙනස්ම විදිහට පටන් ගත්තා.උදෙන්ම තෙහ්‍යුන් එයාගෙ කාමරේ නිදා ගෙන ඉද්දි ජනේලෙන් වැටුන ඉර එළිය හරිම ලස්සනට එයාගෙ මූණට වැටිලා දිලිසෙන්න ගත්තා ඒත් එක්කම එයා හරිම ලස්සනට හිනා වෙන්න ගත්තා එයාගෙ ඉනට උඩින් කෙනෙක්ගෙ අතක් වැටිලා තිබ්බා එයා ඒ අත අල්ලලා තවත් හොදට හිනා වුනා ඒ අතර එයාගෙ ඉස්සරහින් කෙනෙක්ගෙ හුස්මක් එයාගෙ මූණට වැටුනා ඒකත් එක්ක එයා පොඩ්ඩ පොඩ්ඩ හිමීට ඇස් දෙක අරින්න ගත්තා ඊට පස්සේ...................
"ආඈ......................................................😨"
    අම්මෝ මහ හයියෙන් කෑගහන සද්දයක් ආවා මං ඒ වෙලාවෙ කුස්සියෙ තේකක් බිබී හිටියෙ.ඒ සද්දෙට තව ඩිංගෙන් තේකත් හිර වෙනවා.ඒ සද්දෙ ආවෙ තෙහ්‍යුන්ගෙ කාමරෙන්.ඇත්තටම එයා නැගිට්ට ගමන් දැක්කෙ එයාගෙ ඉස්සරහම තිබ්බ මූණ ඒ ජුන්ග්කුක් හිටියෙ එතකොට අර අත ඒක ජිමින්ගෙ.එයා කෑගහලා දගලපු සැරේ ජිමින් ඇදෙන් බිමටම වැටුනා.ජුන්ග්කුක් උඩ ගිහින් ඇහැරුනේ.මට තේරුනා දැන් තමා දොර අරින්න ඕන වෙලාව කියලා.
"මොකද්ද මනුස්සයො උදේ පාන්දර බෙරිහන් දෙන්නෙ."
"ආහ් ඒක තමා...ඒ ජිමිනෝ අපි මේ කොහෙද ඉන්නෙ."
   ජිමින් ජුන්ග්කුක් දෙන්නා බයෙන් වගේ වට පිට බැලුවා.
"ආ...බය වෙන්න එපා මං දන්නවා ඉන්න තැන."
    ඒ වෙලාවෙම මං දොර ඇරියා.
"සමාවෙන්න මහත්වරුනි උදෙන්ම බාධා කළා නම්.ඊයේ ඔයාලව ඔය තත්වෙන් ගෙවල් වලට යවන්න බෑ කියලා කෙනෙක් ඇවිත් මෙහෙන් තියලා ගියා.😏"
   තුන්දෙනාම හොල්මනක් දැකලා වගේ එක එක්කෙනගෙ මූණූ දිහා බලා ගත්තා එහෙම කිව්වම.
"තේ...අපි මේ ඉන්නෙ මෙයාගෙ ගෙදරද?😶"
"ම්ම්ම්...🙁"

BLACK OF THE WHITE HEART ✔︎Onde histórias criam vida. Descubra agora