Ep20

395 89 27
                                    

මොකද්ද ඒ...වුනේ?මං මේ තාමත් දකින්නෙ හීනයක්ද කියලා හිතාගන්න බෑ.මං ජිවීතේට වත් හිතපු නැති දෙයක් අද වුනේ.එයාගේ හුස්ම මගේ මූණේ උණුසුමට වැදෙනකොට ඒක ඇත්තටම වෙන දෙයක් කියලා මට තේරුණා.ඒ විදිහට ඒ සිප ගැනීම අපිටත් නොදැනීම ටික වෙලාවක් යනකන් ඒ විදිහට වුනා.හැබැයි එක දෙයක් කියන්න පුලුවන් ඒ මොහොතෙ අපි දෙන්නම එකම ලෝකෙක හිටියා වගේ...ආයෙත් වැස්ස නිසා තිබ්බ අදුර ගිහින් එළිය ආවෙ ඒක මගේ ජීවිතේ තිබ්බ ලස්සනම මොහොත කරලයි.ආයෙත් එයා මගේ මූණ දිහා බලන් මෙහෙම කිව්වා...
"හැමදාම මේ විදිහට හිනා වෙලා ඉන්න."
   හරිම ආදරණීය විදිහටයි එයා ඒක කිව්වෙ.
"ඔව් අනිවාරෙන්ම.ඔයා නිසා තමයි දැන් මේ සතුට තියෙන්නෙ"
    ඒ වෙලාවෙ හැබැයි පොඩ්ඩක් ලැජ්ජාවෙන් වගේ මං හිටියෙ.
"එහෙනම් දැන් මං යන්නම්."
"කො...කොහෙද යන්නෙ?"
"ඇයි දැන් මං යනවා කිව්වෙ කලින්."
"ඔයා ඇත්තටම යනවද?😞"
"අයියෝ...මොඩි.මං යනවා කිව්වෙ මේ බඩු ටික ආපහු දාලා එන්න විතරයි.🤭නැතුව ආදරේ කිව්ව ගමන් කවුද එහෙම යන්නෙ😁."
"ඔයාට මේ වගේ වෙලාවක ඔහොම දේවල් කියන්නැතුව ඉන්න බැරිද?😑"
"මෙන්න ආයෙ කට සද්දෙ වෙලා."
"ඔව් දැන් නම් බයක්නෑ.😊මට දැන් ඕන දෙයක් බය නැතුව කෙලින්ම කියන්න පුලුවන්නේ..."
"ඔව් හැබැයි ආයෙ අර වගේ බය කරන්න හදන්න එපා."
"බය කළා කිව්වෙ?"
    තෙහ්‍යුන්ගෙ මූණෙන් ඒ වෙලාවෙ තිබ්බ හිනාව අයින් වෙලා ගියා.
"ඔයා අර විදිහට වැටිලා ඉද්දි මං මොන තරම් බය වුනාද දන්නවද?😑😞මට...මට ඇත්තටම මොනවා කරන්නද කියලා හිතාගන්න වත් බැරුව හිටියෙ."
    එයාගෙ මූණෙන් පෙනුනෙ ලොකු අසරණකමක් එක්ක හැංගිච්ච ආදරයක්.මාත් තාම මට මොකද්ද වෙන්නෙ කියලා තාම හරියටම දන්නෑ.හැබැයි ඒක මොකක් හරි නරක දෙයක් වුනොත්...අයියෝ නෑ...ඒක මොකක් හරි පොඩි දෙයක් වෙන්නැති.
"ආ...ඕකට ඔච්චර බය වෙන්න එපා මහන්සියට වෙන්නැති.අද උදේ කන්නත් අමතක වුනා.දැන් නම් හුගක් බඩගිනියි.ඔයා ආපහු එනවද?"
    එයා ඒක ගැන තවත් හිතන්න ඕන්නෑ කියලා හිතලා මං ඒ විදිහට කියලා කතාව වෙනස් කළා.
"ඔව්...අද ඉතින් කතා කරගන්න ගොඩක් දේවල් තියනවා නේ...😏"
"එහෙනම් ඉක්මනට ගිහින් එන්නකො😊."
"යන්නත් හිතෙනවා බෑ වගේ...එක්කෝ ගිහින් එන්නම්.😊"
   එහෙම කියලා එයා හැරිලා දොර පැත්තට පොඩ්ඩ දුරක් යනවත් එක්කම ආපහු මං හිටපු පැත්තට හැරිලා එයා ආයෙත් මගේ ඉස්සරහට ආවා.
"මොකෝ...දැන් යනවා කිව්වනේ."
"ඔව්...ඒත් මේ...🤔?"
"ඒත්...මේ...මොකෝ...?"
"ආහ්...ඔයාට මං අරක කිව්ව වෙලාවෙත් ගල් ගිලලා වගේ බලන් හිටියා විතරයි නේ...මං ඔයාට කැමතියි කියලා විතරයි කිව්වෙ."
"ඉතින් මදිද ඒක."
"ඇයි දැන් ඔක්කොම මං කරනකන්ද බලන් ඉන්නෙ?"
"ඒ සැරේ මට සද්දෙ දාන්න එනවද?"
"ඔයාට මං කියන දේවල් තේරෙන්නැත්නම් හරි මං යන්නම් ඉතින්."
   ඒ සැරේ මූණත් දෙක කරන් කොල්ලා හැරිලා යන්න හැදුවෙ.ඇත්තටම මූණ දෙක කරන්ද ඉන්නෙ නැත්තම් ඒ වගේ බොරුවටද ඉන්නෙ.
"ඒ...මොකෝ ආයෙ යන්නෙ.පොඩ්ඩක් ඉන්න."
   එහෙම කියලා මං එයාගෙ ඉස්සරහට ගියා.
"මොකෝ...මට යන්න ඕන."
"කේන්ති ගිහින්ද ඉන්නෙ?🤭මට මුකුත් තේරෙන්නෑ කියලාද හිතුවෙ."
    එහෙම කියලා මං එයාගෙ කරට අත් දෙක දාගත්තා.ඊට පස්සෙ එයත් මගේ ඉන ගාවින් අත් දෙක බැදගෙන මාව ටිකක් තදින් අල්ල ගත්තා.ටික වෙලාවක් එයාගෙ මූණ දිහා බලන් ඉදලා මේ සැරේ මං එයාට ලං වෙලා ටිකක් ලොකු lip kiss එකක් දුන්නා.
"මාත් ඔයාට ආදරෙයි.💜️"
   එයා වගේම මාත් එයාගෙ මූණ දිහා බලන් එහෙම කිව්වා.ඒ වෙලාවෙ නම් එයාගෙ මූණෙන් ලස්සන හිනාවක් ආවා.
"දැකපු පළවෙනි දවසෙ නම් දහයට ගැණ ගන්න බෑ වගේ හිටියෙ දැන් බලන්න්කො."
"එහෙම තමයි එතකොට ඔයා මාව වැඩිය අදුනන්නෑනේ.😏හරි හරි දැන් යනවා නම් ඉක්මනට ගිහින් එන්නකො දැන් නම් හුගක් බඩගිනියි හොදේ...නැත්නම් නම් මොනවා හරි අරන් ඇවිත් තනියෙම කනවා මං."
"මාත් දවසටම මුකුත් කාලා නෑ පොඩ්ඩක් ඉන්න එනකන්."
    එහෙම කියලා එයා එතනින් ගියා.

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now