Ep19.

379 97 13
                                    

මම එයා ඉන්න කිව්ව නිසා ඇතුළට වෙලා එහෙටයි මෙහෙටයි ඇවිද ඇවිද තියන දේවල් බල බල හිටියා.ඒ වෙලාවෙ කෝල් එකක් ආවා.ඒ තෙහ්‍යුන්.
📱📱📱
"ඔයාද මේ.කොහෙටද?හරි...මං එන්නම්😶."

එයා මට කොහෙටද එන්න කිව්වා.ඉතින් මං යන ගමන් සතුටටත් එක්ක ෆෝන් එක දිහා බලන් හිනා වෙවී ගියා.එයා හිටියා.මං එතනට ගිහින් එයත් එක්ක කතා කළා.
"ඇයි මට මෙතනට එන්න කිව්වෙ?"
"ආවද ම්ම්ම්...මං එවපු එකට නම් ලස්සනට ඉන්නවා අර මෝඩ පාටට නැතුව😏."
"😑ඕක කියන්නද එන්න කිව්වෙ.මට ඉන්න කියපු නිසා දැන් මං කොච්චර වෙලා නිකන් ඔහේ බලන් හිටියද?"
"මටත් වැඩ තිබ්බා.නිකන් ඉන්න නෙමේ ආවෙ.පොඩ්ඩක් ඉන්න තව කෙනෙක් එනකන් ඉන්නෙ."
"තව කෙනෙක්?"
    එහෙම කියද්දිම අර යොංජු සභාපතිතුමිය එතනට ආවා.
"ආ...ඔයාට මාව හම්බවෙන්න ඕන කිව්වනේ.ගොඩක් වෙලා බලන් හිටියද?"
"අනේ...නෑ.අපිත් මේ දැන් ආවෙ.😊"
"ආ...ජේහි.මෙයාව ඔයා දන්නවද?"
    එයා තෙහ්‍යුන් එක්ක කතා කරන ගමන් මං දිහා බලාගෙන එහෙම කිව්වා.මං ඉතින් බිම බලන් ඔරව ඔරව හිටියා.තෙහ්‍යුන් මොකටද මගෙන් අහන්නෙත් නැතුව මෙහෙම මෝඩ වැඩ කරන්නෙ.
"ආහ් ඔව් මෙයා මගේ යාලුවෙක් ඇත්තටම මෙයා නිසයි ඔබතුමීව හමබවෙන්නම හිටියෙ."
"ඒ...තෙහ්‍යුන් මොන පිස්සු වැඩක්ද මේ ඔයාට මොකටද මේ දේවල්."
"ඔයාට දෙයක් හොයාගන්න ඕන කිව්වනෙ ඒකටයි මං එන්න කිව්වෙ."
"ඒත් ඇයි ඔයා ඒකට මැදිහත් වෙන්නෙ?"
"දැන් මොකද්ද ඔයාට මගෙන් දැනගන්න ඕන."
    ඒ යොංජු සභාපතිතුමිය අපි දෙන්නා කතා කරපු අතරෙ මැද්දෙන් පැනලා එහෙම කිව්වා.
"සභාපතිතුමිය මෙයාගෙ තාත්තව දන්නවා කිව්වා.ඒත් එයාව කාලකින් දැකලා නෑ.ඔයා දන්නවද එයා ඉන්න තැන."
"මං දන්නෑ එයා ඇත්තටම දැන් ඉන්නෙ කොහෙද කියලා."
"මොකද්ද ඒ කතාවෙ තේරුම එයා ඔයත් එක්ක හිටියෙ කියලා මං හොදටම දන්නවා."
   සභාපතිගෙ කතාවට කේන්ති ගිහින් මං එහෙම කිව්වා.
"මෙච්චර කල් ඉදලත් ඔයා මොකද දැන් ඒ ගැන හොයන්නෙ?"
"මං එයාව දකින්න නොකරපු දෙයක් නෑ ඒත් මෙච්චර කාලෙකට තාත්තව මට හොයාගන්න බැරි වුනා ඒ ඇයි කියන්න කොහෙද මගේ තාත්තා ඉන්නෙ ඇයි එයාව හංගන්නෙ?"
    මං හුගක් කේන්තියෙන් එයාගෙන් ප්‍රශ්න කළේ.
"ළමයො...ඔයා අනවශ්‍ය කරදර පටල ගන්න හදන්න එපා."
"ඇයි එයාට එයාගෙ තාත්තා ගැන ඔයා කියන්නැත්තෙ?"
"එයාගෙ තාත්තා හොදින් ඉන්නවා ඔයාගෙ හොදටමයි එයා ඔයාගෙ ඉස්සරහට නොඑන්නෙ."
"කෙනෙක් අවුරුදු ගාණක ඉදන් අතුරුදන් වුනාම ඕන්නම් ඒ කෙනාගෙ අතුරුදන් වීම ගැන සැක කරන්න පුලුවන් කෙනෙක් ගැන නීතියෙන් වුනත් ඕන දෙයක් කරන්න පුලුවන්නේ.ඔබතුමී කවුරු වුනත්."
"ඔයාට නම් ඒ ගැන හොද දැනීමක් තියනවා ඒත් ඒක පොඩ්ඩක් වත් හරි යන්නෑ.මේ ඉන්න විදිහටම ඔයාලා ඉන්න."
"ඔයා මගේ තාත්තා ගැන කියන්නෑනෙ කමක්නෑ මංම හොයාගන්නම්.ඔයාගෙ පුතාමයි මාව හොයන් ඇවිත් ඒ ගැන කිව්වෙ."
   එහෙම කියලා මං කේන්තියෙන්ම එතනින් ගියා.
"ඔයා එයාගෙ කවුද ඔය තරම් ඒක ගැන හොයන්නෙ මොනවා වුනත් එයාව ඕකෙන් ඈත් කරලා තියන්න ඒ එයාගෙ තාත්තා වුනත් කවුරු වුනත්.එයාගෙ හොදටයි කියන්නෙ."
   එහෙම කියලා යොංජු සභාපතිතුමියත් එතනින් ගියා.තෙහ්‍යුන් ඇයි මට උදව් කරන්නෙ.මට ඒක තේරුම් ගන්න බෑ.මං කේන්තියෙන් අතනින් එන අතරතුර එක සැරේම නොන්ඩි ගගහා ඇවිදින්න ගත්තා.අයියෝ අර සපත්තුවට කකුල් දෙක හොදටම කැපිලා.ඒත් ඉතින් මොනවා කරන්නද තිබ්බ කේන්තියට එහෙම්මම ගියා.ඒ පිටිපස්සෙන් තෙහ්‍යුනුත් ආවා.
"ජේහි පොඩ්ඩක් ඉන්න."
   මං ආයෙ හැරිලා බැලුවා.
"ඇයි?"
"ඔයා මේ වෙච්ච දේට මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ?"
"නෑ...මගේ ප්‍රශ්න වලට ඔයා මොනවා කරන්නද?දන්නවා උදව් කරන්නයි ඕන වුනේ කියලා ඒත් එපා."
   එහෙම කියලා මං ආයෙ යන්න හදද්දි එයා ආයෙ කතා කළා.
"පොඩ්ඩක් ඉන්න...ඔහොම යන්නෙ කොහොමද?මෙතනින් ඉඳගන්න."
   එයා මං ඇවිදින විදිහ වත් දැකලද?එතන පොඩි පුටු වගයක් දාලා තිබ්බා මට එතනින් වාඩි වෙන්න කිව්වා.ඒත් මං එහෙම කරේ නෑ මං හිටියෙ අර ගෑණු කෙනත් එක්ක තිබ්බ තරහෙන් ඒ නිසා තෙහ්‍යුන් එක්ක කතා කරන්න මට මොකද්ද වගේ හිතුනා.මගේ කේන්තියට එයාට මං මොනවා හරි කිව්වොත් එහෙම...
"වාඩි වෙන්න කිව්වෙ ඇයි ඔච්චර මුරණ්ඩු."
   මං සද්ද නැතුව වාඩි වුනා ඉතින්
"කකුල කැපිලානේ.ඕක ගලවන්න."
"කමක්නෑ...දැන් ගෙදරනෙ යන්නෙ."
"ඇයි ඔයාව එක්කන් යන්න කවුරු හරි එනවද?"
"නෑ...😞"
"ඕක ගලවන්නකො."
     මූණත් දෙක කරන් ලැජ්ජාවෙන් වගේ සපත්තු දෙක ගැලෙව්වා.
"ඔහොම තව ටිකක් ඇවිද්දොත් හොදට තියෙයි ඕක අයින් කරලා දාන්න."
"මේක එක පොඩි දෙයක් විතරයි.ඕනම ගෑණු ළමයෙක් සපත්තුවක් මෙහෙම දැම්මම එක සැරයක් හරි මේ විදිහෙ දේකට මූණ දෙනවා.ඒ නිසා ඕන වේදනවක් එයාලට දරා ගන්න හරිම ලේසියි.මං මීට කලින් ඕන තරම් මේ දේවල් විදලා තියනවා මේකත් ඒ වගේ පොඩි දෙයක් විතරයි."
"හරි ඔයාට ඕක පොඩි දෙයක් රිදෙන්නෙත් නෑනේ යන්න ඉතින් ඕකත් දාන්."
   එහෙම කියලා එයා කාටද කෝල් එකක් ගන්න ගමන් එතනින් ගියා.ඒත් මං එතනට වෙලා බිම බලාගෙන මේ වෙන දේවල් මොනවද කියලා හිත හිත හිටියෙ.ටිකකින් ලියන් ආවා එතනට.
"ආ...එයා කිව්වා හරි මෙයා ගිහින් නෑ."
"ලියන් ඔයා ආවේ...?"
"මේකක් ඔයාට අරන් එන්න කිව්වා.දාලා බලන්න ඇතිද කියලා."
"තෙහ්‍යුන්ද කිව්වෙ මේක මට දෙන්න කියලා?"
"ඔව් මෙතන ඇති කිව්වා.මං හිතුවෙ ගිහින් කියලා එයා කිව්වා ඔයාට ලොකු ගණන් වල ඒවා ගන්න එපා කියලා මේකේ ගාණත් කුලියෙන් අඩුකරනවා කිව්වා."
   දුකින් හිටපු මට එක සැරේම මූණට පොඩි හිනාවක් ආවා.😊
"මෙහෙම ගියොත් එයාට මට ගෙවන්න කුලියක් ඉතුරු වෙන එකක්නෑ."
   තෙහ්‍යුන් ලියන්ට මොනවා හරි කියලා එයා මට නිකන් සපත්තු දෙකක් ගෙනත් දුන්නා.මං ඒ දෙක දාගත්තා.
"එයාට කියන්න ඕන.ගොඩක් ස්තූතියි කියලා.😊"
"ඔයාම එයාට කියන්න ඉතින්."
"ඒත් එයා ආපහු එන එකක්නෑ😞."
"යමු මාත් එක්ක මං ඇරලවන්නම්."
    එහෙම කියලා මං ලියන් එක්ක එතනින් යන ගමන් හිටියෙ.ඒ වෙලාවෙ අපිට නාම් ජුන්ව හම්බුනා.
"ආහ්...ඔයාලා යනවද?"
"ඔව් අපි යනවා.යමු."
   ලියන් නාම්ජුන්ව දැක්කත් නිකන් නොදන්න ගාණට එහෙම කියලා එයාව පහු කරන් යනවත් එක්කම...
"මට ඔයත් එක්ක පොඩි දෙයක් කතා කරන්න පුලුවන්ද?"
"දැන් බෑ මං මෙයත් එක්ක යන්නෙ."
"අනේ...කමක්නෑ එයාට වැදගත් දෙයක් වෙන්නැති කියන්න තියෙන්නෙ මං අරහෙන් ඉන්නම්."
"කමක්නෑ ඔයා මෙතන ගොඩක් වෙලා නිකන් හිටියනේ අපි යමු.පස්සෙ හම්බවෙන්නම්."
    එයා ඇයි හිතාමතාම නාම් ජුන්ව මගඇරියේ.මට ඒක තේරෙන්නෑ.අනේ මන්දා එක අතකින් මට ඒවා අදාල නෑනෙ.අපි යන ගමන් හිටියෙ ලියන් වැඩිය මාත් එක්ක කතාවක් නැති නිසා මාත් සද්ද නැතුව හිටියා.
"තෙහ්‍යුන්ගෙයි ඔයාගෙයි අතර මුකුත් වුනේ නෑනේ?"
    ලියන් එක සැරේම එහෙම ඇහුනා.
"ඈ...නෑ...එහෙම මුකුත් වුනේ නෑ ඔයා ඇයි එහෙම කිව්වෙ...?😳"
"එයා...මේ ළඟකදි ඉදලා කවුරු හරි ගැන උනන්දුවක් දක්වනවා.හැම තිස්සෙම මගෙන් එක එක දේවල් අහනවා.මට හිතෙන්නෙ එයා ඔයා ගැනද මන්දා...ආහ් සමහරවිට මට වැරදෙන්න වුනත් පුලුවන්."
"නෑ...මං හිතන්නෑ😞.ඔයාගෙනුත් මං දෙයක් අහන්නද?😶"
"මොකද්ද?"
"ඇයි ඔයා නාම්ජුන්ව මගඇරියෙ.එයා මොකක් හරි වැදගත් දෙයක් නම් කියන්න ගියේ...ඇත්තටම මං හිටපු නිසා නෙමේනේ?"
"ඔයාට මං මගඇරියා වගේද පේන්නෙ?කොහොමත් ඒ ගැන වැඩක්නෑ දැන්.ඔන්න ආවා."
"ඔයාට ගොඩක් ස්තූතියි."
    එහෙම කියලා එයා ගියා මාව ඇරලවලා.මං ගෙදර ගිහින් මූණ ටිකක් හෝදගන්න වොෂ් රූමි එකට ගියා.ඉස්සරහා තිබ්බ කණ්ණාඩියෙන් මං මගේ දිහාම බලාගෙන ඉස්සර වෙච්ච දේවල් මතක් කරන්න උත්සාහ කළා.මගේ මතකෙ සේයාවක් වගේ එක සිද්ධියක් මැවෙන්න ගත්තා එක රෑක ඒත් ගොඩක් කාලෙකට කලින් අන්තිමටම මං තාත්තව දැක්ක දවස ඒත් මට ඒක හරියටම මතක් වුනේ නැත්තෙ ඇයි.මං කාටවත් මගේ දුක නොපෙන්නුවත් තාත්තා ගැන මතක් වුන හැම මොහොතෙම ලොකු වේදනාවක් ආවා.සමහර වෙලාවට ඒක ගොඩක් දරාගන්න අමාරුයි හිතේ වේදනාවක් කියලා හිතුවත් ඒකෙන් මට මොකද්ද වෙනවා.මුලු ඇගම අමාරු වෙනවා ක්ණ්ණාඩිය දිහා බලන් ඉද්දි කැරකිල්ලක් වගේ එනවා ඒ වෙලාවෙ මට මොනවා වෙනවද කියලා හිතාගන්න බෑ වේදනාවට මගේ අත ගියේ පපුවට ඒ වෙලාවෙම කිසිදෙයක් මට නොදැනී ගියා.මාව එතනම ඇදන් වැටුනා...
එළියත් හොදටම අදුරුයි ඈතින් ගොරවන සද්දයක් එක්කම වැස්සකුත් පටන් ගත්තා."වැස්ස"ඒක මං දන්න තරමින් නරක අවස්ථාවක වුනත් හොද අවස්ථාවක වුනත් මේ ඕනම වෙලාවකදි කාගෙ හරි ජීවිතේ වෙනස් වෙනවා කියලා කියන්න හොද සලකුණක්.මොකද්ද ඒ වැස්ස පැයුවට පස්සෙ එන සීතල දෙයක් අරගෙන ගිය හිස් බව හරි අලුත් දෙයක් ලැබුනා කියලා හරි තේරුම් ගන්න හොදම දේ කියලයි මං හිතන්නෙ.
ඒ වෙලාවෙ ගෙදරට කවුරු හරි ආවා.ඒ තෙහ්‍යුන්.එයා ගේ ඇතුළට ඇවිත් මට කතා කරා.
"ජේහී...ජේහී...ඔයා ගෙදර ඉන්නවා නේද?ආහ්...සොරි මං ඔයා අකමැති දෙයක් කරා නම් පොඩ්ඩක් ඉන්නවා නම් එන්නකො තරහා ගිහින්ද ඉන්නෙ මාත් එක්ක.ජේ...හී..."
   එයා දිගටම මගේ නම කිය කිය මාව හෙව්වා ඒත් එයා දැනන් හිටියෙනෑ මට මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.එයා පහළ හැමතැනම හෙව්වා.
"ජේ...හී...ජේහී...කොහෙද ඉන්නේ?පහළ කවුරුත්නෑ දොරත් ඇරලා දාලා මේ කෙල්ල කොහේ ගිහින්ද ජේහී."
    එයා මං පේන්න හිටපු නැති නිසා ටිකක් කලබලෙන් වගේ උඩටත් ආවා.මගේ කාමරේ දොරත් නිකන්ම ඇරලා දාලා ඒත් සද්දයක් නෑ එයා එතනටත් ආවා.ඇවිත් හොදට වට පිට බැලුවා එහෙම බලද්දි එයා දැක්කෙ වොෂ් රූමි එක ඇතුළේ වැටිලා හිටපු මාව.එයා හුගක් බය වෙලා මගේ ගාවට ඇවිත්...
"ජේහී...ජේහී...කතා කරන්නකො ජේහී..."
    එයා හුගක් බය වෙලා එහෙම කෑගැහුවා ඒත් මට මුකුත්ම තේරුන්නෑ.ඊට පස්සෙ එයා මාව උස්සන් ගියා.ගිහින් මගේ ඇදෙන් හාන්සි කළා ඊට පැය භාගෙකට විතර පස්සෙ...මගේ ඇස් ඇරෙනවත් එක්කම මං තෙහ්‍යුන්ගෙ මූණ දැක්කෙ.එයාගෙ ඇස් දෙක දිහා මං හොදට කෙලින් බලන් හිටියා මුකුත්ම නොකිය.එයත් කිසිම දෙයක් නොකිය මං දිහා ඒ විදිහටම බලන් හිටියා.ටික වෙලාවක් ඒ විදිහට බලන් හිටියා එක දිගටම.
"දැන් වත් බලන් හිටියා ඇති වගේ නැද්ද?"
"ආහ්...?මේ..."
    එයා එහෙම ඇහුවමයි මං ඇත්තටම සිහියට ආවෙ.
"නිකන් හරි මං ආවෙ නැත්තම්,මොනවා හරි වෙන දෙයක් වුනා නම්,ඒ මදිවට දොරත් ඔහේ ඇරලා දාලා."
"ඔ...ඔ...යා...කොයි වෙලාවෙද ආවෙ?"
"ඒක වැඩක් නෑ.බය වෙච්ච සැරේ ඩොක්ටර් කෙනෙක්ටත් කතා කළා.අපරාදෙ😏."
"ඇයි එහෙම කියන්නෙ?"
"මොකක් හරි ලොකු දෙයක් කියලයි මං හිතුවෙ ඒත් එච්චර ලොකු දෙයක් වෙලා නෑ.මං මෙහෙන් ගියාට පස්සෙ වෙන කවුරුත් නෑනේ.අම්මයි,මල්ලියි කොහොම හරි ගෙන්න ගන්න."
"බලමු😞."
"මට කියන්න බැරි මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියනවද?🙁"
"එහෙම නෑ."
"අව්ලක් හිතන්න එපා ඕන දෙයක් කියන්න."
   එයා එහෙම මූණ බලාගෙනම කිව්වම මට අමුතු හැඟීමක් ආවෙ.
"හරි මං කියන්නම්."
"මං පහළට යනවා."
    එයා එහෙම කියලා ගියා.මං එහෙම්මම ඇද උඩට වෙලා මේ වෙන්නෙ මොකද්ද කියලා කල්පනා කළේ.කෙනෙක් වේදනාවක් ගේද්දි තව කෙනෙක් සතුටක් ගේනවා.මං ජනේලේ ගාවට ගිහින් එළිය බැලුවා.වැස්ස දැන් පොඩ්ඩ පොඩ්ඩ පායනවා අදුරත් එක්ක එකතු වෙච්ච හැංගිච්ච ඉර එළිය අමුතුම හැඟීමක් ගෙනාවෙ.මං පහළට ගියා එයා තාම ඉන්නවා.
"ඔයා ඉන්නවනේ තාම."
"ඔහොම කියන්නෙ මාව යවාගන්න ඕන වෙලා වගේ."
"අයියෝ...නෑ."
"කාමරේට ගිහින් ඉන්න මං යනවා.අතන ඔක්කොම කුලියත් ඇති."
    එයා මේසෙ උඩින් ලිව්ම් කවරයක් තියලා.එයා ඇත්තටම යන්න හදන්නෙ.ඒත් මට හිතුනා මේ අවස්ථාව නොගත්තොත් ආයෙ මට අවස්ථාවක් නැති වෙයි කියලා මං එයාට කැමතියි.රසිකයෙක් විදිහට නෙමේ එයත් එක්ක හිටපු ටික දවසට හරි එයා තමා මගේ සතුට වුනේ.ඉතින් දැන් මට එයා ගැන තියෙන්නෙ වෙන්න හැඟීමක් එයා ඒකට කැමති වුනත් අකමැති වුනත් මේක කියන්න ඕන කියලා මගේ හිත කිව්වා.
"යන්න කළින් පොඩ්ඩක් ඉන්න.මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියනවා."
"මොකද්ද?"
"මම...මේ...මම..."
"ඔව්?😳"
    මං බිම බලාගෙන ලැජ්ජාවෙන් වගේ මෙහෙම කිව්වා.
"මං ඔයාට කැමතියි හැබැයි ඔයා හිතන විදිහට නෙමේ වෙන විදිහකට😶."
     මං එහෙම කිව්වම එයා මං දිහා පුදුම වෙලා වගේ බලන් හිටියා.එයාට තේරුනා නම් මං කියපු දේ මොනවා කරයිද එයා.එක සැරේම එයා හිනා වුනා.
"ඇයි හිනා වුනේ ඒක විහිලුවක් වගේද?😞"
"ඔයා මට වඩා හොදයිනේ.මට කළින් ඉස්සර වුනා එහෙනම්😏.හැබැයි අනිත් දේ නම් මුලින්ම කරන්නෙ මං තමා."
   එයා එහෙම කිව්වම මං බය වුනා,නෑ...පුදුම වුනා,ඇත්තටම මුකුත් හිතා ගන්නත් බැරි වුනා.නිකන් ඇගම ගැහෙන්න ගත්තා වගේ.මං මුකුත් කරකියාගන්න බැරුව ගල් වෙලා වගේ එතනම හිටියා.තෙහ්‍යුන් ටික ටික මගේ ඉස්සරහට ආවා.ඇවිත් එක සැරේම මාව බදාගත්තා.🍃මේ...මොකද්ද වෙන්නෙ මට හිතා ගන්න බැරුව හිටියෙ.ටික ටික එයා මාව තුරුලට තද කර ගද්දි තේරුනේ මේක ඇත්තක්මයි කියලා.මට හිතා ගන්න බැරි තරම් ලොකු සතුටක් දැනුනෙ.
"මට හිතුන දේ ඔයාට හිතිලා නෑ කියලා හිතලා යන්නයි හැදුවෙ මං ඒත් එහෙම ගියා නම් මං මේක දැනගන්නෙත් නෑ.දැන් මං කියන්නම්."
   තෙහ්‍යුන් ආයෙ පාරක් මගේ මූණ බලන් හරිම ආදරණීය විදිහට හිනා වෙලා...
"දන්නවද?මටත් දැන් මෝඩ වැඩ කරන අමුතු කෙල්ලෙක් ගැන කැමැත්තක් හිතිලා හැබැයි මං ඒක කියන්නෙ ඔහොම නෙමෙයි.මං ආදරෙයි."
   එයා එහෙම කියනවත් එක්කම මගේ මූණට ලං වෙද්දි ඉබේම මගේ ඇස් පිය වුනා ඒත් එක්කම එයා මගේ තොල් kiss කළේ ජීවිතේ කවදාවත් ඒ හැඟීම අමතක නොවෙන මොහොතක් කරලයි...💜️

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now