Ep11.

384 100 7
                                    

මං එළියට යන නිසා තෙහ්‍යුන්ගෙන් මොනවද ඕන කියලා ඇහුවෙ ඒ නිසයි.
"ඕන්නෑ...මේ රෑ තනියෙන් යන්නද හදන්නෙ?"
"ආහ්...ගොඩක් රෑ වෙලා නෑ තාම මං ඉක්මනට ගිහින් එන්නම්.😁"
"ඉන්න මාත් එන්නම්.මට දැන් ඇත්තටම බඩඟිනියි.නැත්නම් මොනවා හරි ඕඩර් කරන්නද?මං ගෙවන්නම්."
"ඔයා මොනවා හරි ගෙන්න ගෙන කන්න කොහොමත් දැන් හෙට උදේටත් මොනවා හරි ඕනනේ.මං මොනවා හරි අරන් එන්නම්."
"තනියෙන් යන්න ඕන්නෑ.මං හිටියා කියලා විශේෂයක් කරන්න එපා."
"නෑ...ඇත්තටම හෙට කන්න මුකුත් නෑ ඔයා බඩඟිනියි නම් මොනවා හරි ගෙන්න ගන්න මං ගිහින් එන්නම්."
"පොඩ්ඩක් ඉන්න මාත් එන්නම්."
"ඒ...මොකටද?😶ඔයා කොහොමද එන්නෙ මිනිස්සු ඉක්මනට අදුන ගනියි කවුද කියලා."
"එහෙම වෙන්නෑ.මං ආවෙ කලින් වගේ එක තැනකට හිර වෙලා ඉන්න නෙමේනේ.බය වෙන්න එපා කවුරුත් මගේ පස්සෙන් එන්නෑ යමු.😏"
    එයා නිකන් වීරයා වගේ ජැකට් එකත් අරන් එළියට ගියා.මාත් ඉතින් තව බෑ කියන්නෙ මොකෝ එක්කො ගිහින් එනවා කියලා හිතලා මාත් ගියා.
"ආ...නගින්න."
එයාගෙ වාහනේට නැගලා මටත් නගින්න කිව්වා.මං ඉතින් කවුද ඉස්සරහින් නගින්න ඒ නිසා පොඩ්ඩක් ලැජ්ජා බය හරි තියනවා කියලා පෙන්නන්න බිම බලාගෙන පිටිපස්සෙ දොර ඇරියා.
"ඒයි...මොකද්ද ඔය කරන්නෙ?"
"ඇයි නගින්න කිව්ව නිසා දොර ඇරියෙ.🙁"
"ඔයා...පිටිපස්සෙ ගියාම හරි යනවද?මං ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් කියලද හිතන්නෙ?"
   අයියෝ...එයා හිතන්නෙ වෙන එකක් මං හිතන්නෙ තව එකක්.දැන් ඉතින් මොනවා කියන්නද ඉස්සරහා හිටියොත් අව්ල් වගේ කියලා හිතලයි මං පස්සෙන් නගින්න හැදුවෙ😳🤭ඒත් එයා කියනවා නම් ඉතීන්...🤭🤭😊නගින්න තියෙන්නෙ හැමදාම මෙහෙම චාන්ස් එන්නෑනෙ හැමෝටම.මං ඉතින් ඉස්සරහින් නැග්ගා.
"මං එහෙම කිව්වට අව්ලක් හිතන්න එපා ඉතින් මට එහෙම කවුරුත් එක්කන් ගිහින් පුරුදුනෑ."
"ආ...හරි.සොරි ඒකෙන් ඔයාට අපහස කරන්න හිතුවා නෙමේ හොදේ."
   තෙහ්‍යුන් එක සැරේම හිනා වුනා.මං බය වෙලා වගේනෙ ඒක කිව්වෙ.
"ආ...හරි ඔයාට මෙතන යන එක අපහසුවක් නම් පිටිපස්සට යන්න ඉතින් අව්ලක් නෑ.😁"
"ඈ...😳"
"මංනෙ ඔයාට ගෙවන්නෙ.ඒ නිසා බය වෙන්න ඕන්නෑ මාත් එක්ක යන්න.මං යන්නෙ මට යන්න හිතුන නිසා.ඒ නිසා ඔයා අපහසුවෙන් ඉන්න ඕන්නෑ."
   මං එයාගෙ එහා පැත්තෙ ඇත්තටම එහෙම තමා හිටියෙ.මොකද මටත් ඒක විශ්වාස කරන්න අමාරු නිසා.ඒත් එයාට ගාණක් නෑ අනේ මන්දා මං ඕනවට වඩා ඒක හිතනවා වගේ.
"මං මෙහෙම ඉන්නම් අව්ලක්නෑ...😳"

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now