මං එයාගෙ අම්මයි තාත්තයි ඉස්සරහා එහෙම දණගහලා එයාලගෙන් සමාව ගන්න වගේම ඉල්ලීමකුත් කරන්නයි හැදුවෙ.මොකද මං නිසයි එයාට එහෙම දෙයක් වුනේ.මං බිම බලාගෙන මෙහෙම කිව්වා එයාලට.ඒ අතර මගේ ඇස් වලින් එක දිගටම කදුලු ගලන්න ගත්තෙ මගේ හිතේ ලොකු වේදනාවක් හංගන් තිබ්බ නිසා.
"මට සමාවෙන්න.ඔයාලට කියන්න දෙයක් තියනවා.😞"
"ඔයා කවුද?"
තෙහ්‍යුන්ගෙ අම්මා මගෙන් එහෙම ඇහුවා.
"සමාවෙන්න.ඔයාලා මාව දන්නැතුව ඇති.මගේ නම ජේහි.මට ඔයාලට වැදගත් දෙයක් කියන්න තියනවා.මුන්ලින්ම ඔයාලගෙන් මං සමාව ඉල්ලනවා.මොකද තෙහ්‍යුන්ට මෙහෙම දෙයක් වුනේ මාව බේර ගන්න ගිහින්.මට ඒකට සමාවෙන්න ඔයාලා."
මං එහෙම කිව්වෙ හුගක් අඩ අඩ එයාලත් සද්ද නැතුව මං කියපු දේවල් අහන් හිටියා දිගටම."මට සමාවෙන්න.මං එයාට ගොඩක් ආදරෙයි,ඒ නිසාමයි මං මේ දේවල් කියන්නෙ.මං දන්නවා මේ දේවල් දැනගත්තම ඔයාලා වුනත් කැමති වෙන්නෑ තෙහ්‍යුන්ට මං වගේ කෙනෙක් ලං වෙනවට කමක්නෑ ඒක සාධාරණයි.😞එයා මේ වගේ තත්වෙක ඉද්දි කොහොමත් තවත් මට බෑ එයාට ලං වෙලා ඉන්න මොකද මං නිසයි එයා එහෙම ඉන්නෙ එයාට මොනවා හරි වුනා නම් මං මටම සමාවක් දෙන එකක්නෑ.මේ වෙච්ච දේ ඇති.මට කියන්න තියෙන්නෙ එයාට මං ආදරෙයි හැමදාම.අනික මෙතනින් එහා එයාට කවුරුත් මං ගැන මුකුත් කියන්න ඕන්නෑ.ජේහි කියලා කෙනෙක් ගැන ඇහුවොත් ඔයාලට එහෙම කෙනෙක් හම්බුන්නෑ කියන්න.එයාට හොදක් වෙනවා නම් එච්චරයි.මං යන්නම්...මට සමාවෙන්න!"
එහෙම කියලා මං එතනින් එන්න හුගක් මැලිකමින් වගේ නැගිට්ටා.එන්න එන්නම මගේ ඇස් වලින් කදුලු වැටෙන එක වැඩි වුනා.මට එයා හොදින් කියලා එක සැරයක් හරි දකින්න.අනේ මට එයාව බලන්න.එයාට ආදරෙයි කියලා තව එක සැරයක් හරි කියන්න මට ඕන වුනා ඒ නිසා ඈතට යන්න හැදුවත් කොච්චරවත් මට ඒක කරන්න බැරි වුනා මං එක තැනට වෙලා හිටගෙන අඩ අඩ හිටියා.ඒ වෙලාවෙ ඩොක්ටර් කෙනෙක් එළියට ආවා.හැමෝම ආයෙත් ඩොක්ටර් වටේ වට වෙලා ප්‍රශ්න කරන්න ගත්තා තෙහ්‍යුන් ගැන.
"හරි හරි කවුරුත් කළබල වෙන්න බය වෙන්න ඕන්නෑ.එයාට හොදයි දැන්.එයා හොදින් ඉන්නවා.😊"
YOU ARE READING
BLACK OF THE WHITE HEART ✔︎
FanfictionThe Promise Of A Blurred Heart. එක ගෑණු ළමයෙකුගෙ ජීවිතේ බොඳ වෙන්න ගිය කතාවකට ආපහු පන දුන්න අලුත් බලාපොරොත්තුවක්.