Ep23

341 85 11
                                    

එදා ගෙදර ගිහින් මං අම්මට කෝල් එකක් ගත්තා මටත් ඕන වුනා එයාලව මෙහේ එක්කන් එන්න.
📱📱📱
"අම්මේ...ඔයා ගෙදර ආවානේ?"
"ඔව් ඔව්.මොකෝ එක සැරේම අම්මව මතක් වෙලා ආ..."
"අම්මේ...ඕන්නැති කතා කියන්න එපා.මට ඔයාලව හැමතිස්සෙම මතක් වෙනවා.🙁"
"ම්ම්ම්...දැන් ගෙදරද ඉන්නෙ?"
"ඔව්.මේ...අම්මේ,හෙට ඔයයි මල්ලියි ලෑස්ති වෙලා ඉන්න හරිද?"
"මොහොකටද?"
"හෙට උදෙන්ම මං ඔහේ එනවා ඔය දෙන්නා ඔක්කොම බඩු ටික ලෑස්ති කරගන්න හරිද?හෙට ඉදන් ඔයාලා මෙහේ."
"ළමයෝ...ඔයා කියන විදිහට කොහොමද එහෙම කරන්නෙ?මේ ගෙවල් එහෙම දාලා එන්න බෑනේ?"
"ගෙවල් වලට මුකුත් වෙන්නෑ අම්මා කිව්වම අහලා ජේහියොන් එක්ක එන්නකො..."
"ඕන්නම් ටික දවසකට නවතින්න එන්නම්."
"එහෙම බෑ.මේ දේවල් ඔයාලටමයි හැදුවේ ඉතින් ඇයි එන්න අකමැති?"
"පුලුවන් නම් මල්ලිව තියාගන්න.ඒ කොල්ලා දැන් රස්සාවක් කරන්න කාලේ හරි."
"කමක්නෑ...වෙන කතා ඕන්නෑ.ඔය දෙන්නම එනවා එච්චරයි."
   එහෙම කියලා මං ෆෝන් එක තිබ්බා නැත්තම් අපේ අම්මා එක්ක කතා කරලා බේරෙන්න බෑ.

ඉතින් ඔන්න ඊළඟ දවසෙ උදෙන්ම මං ඉල්චං වලට යන්න කියලා ලෑස්ති වුනා.ඔන්න උදෙන්ම අනිත් එක්කෙනත් කෝල් කරනවා.ඒ තෙහ්‍යුන් එයානෙ මට අම්මවයි,මල්ලිවයි එක්කන් එන්න කිව්වෙ.
📱📱📱
"හෙලෝ...උදෙන්ම මතක් වෙලා වගේ."
"ඔයාට එහෙම නැති වුනාට මට එහෙම තමා.😏"
"ඔය කිව්වෙ ඉතින් එකක්😑."
"හරි හරි දැන් තනියෙන්ද යන්න හදන්නෙ?"
"ඔව් ඉතින් නැතුව අපිව එක්කන් යන්න කවුරුත් නෑනේ?"
"වැඩ නැත්තම් එනවනේ...බස් එකේ යන්න එපා ටැක්සියක් හයර් කරන් යන්න."
"හරි...මං දැන් යන්න ඕන."
"පරිස්සමින් ගිහින් එන්නකො."
"හරි...😊"
   එහෙම කියලා මං යන්න පිටත් වුනා.හුග කාලෙකින් ඒ පැත්තෙ යන්නෙ හරිම ලස්සනයි.මං හරි ආසාවෙන් එහේ ගියේ.ගෙදර ගිහින් මං දොරට තට්ටු කළා.ඒ වෙලාවෙ අම්මා ඇවිත් දොර ඇරියේ.
"අනේ...මගේ දරුවෝ."
   හරිම ආදරෙන් අම්මා මාව බදා ගෙන එහෙම කිව්වම මටත් ලොකු සතුටක් දැනුනෙ.මාත් හුගාක් ආදරෙන් අම්මව බදා ගත්තා.
"එන්න දරුවො ගෙට.බලන්නකො මෙයා ඉස්සර වගේ නෙමේ හොදටම ඇදිලා ගිහින්."
"අයියෝ...අම්මෙ.ගෙදර ආපු ගමන් ඔහොම කියනවද?"
"ආ...ආවද?මෙයා දැන් වෙනස් වෙලානේ හරියට."
     අපේ මල්ලි මාව ගනන් ගත්තෙ වත්නෑ අදුනන්නැති මනුස්සයෙක් දැක්කා වගේ කතා කරේ.
"ඒ...ජේහියොන් මොකෝ මාව දැක්කට ගනන් ගත්තෙ නැත්තෙ?ආ...මං ඔයාගෙ අක්කනේ."
"ආ...ඔයාද ඒ.දැන් මොකෝ එහෙට වෙලා කරන්නෙ?පිස්සු කෙලිනවා නෙමේනේ."
"මෙච්චර මහන්සි වෙලා මං වැඩ කරනවා ඔයාට පේන්නෙ මං නිකන් සැප විදිනවා කියලද ආ...?"
"ජේහියොන් අක්කට ඔහොම කතා කරන්න එපා.ඒ ළමයා ආවා විතරයි ඔය ඕන්නැති විහිලු ඕන්නෑ."
"හරි.මං මුකුත් නොකිය ඉන්නම්කො😏."
"මේකා පැහිලා තියන තරම.අම්මෙ ඉක්මනට ලෑස්ති වෙන්නකො අනේ...රෑ වෙන්න කලින් යමුකෝ."
    මං එහෙම කියද්දිම කවුද කෙනෙක් ගෙදර දොරට තට්ටු කළා.මං පිටිපස්ස හැරිලා බැලුවා.ඒ අර ගුම්සන් කියන මිනිහා.
"ආහ් කොහොම නෝනා.මං එන්නද?😏"
"අනේ...ගුම් මහත්තයා එන්න ඇතුළට.හුග දවසකින් නේ?"
"ඔව් මං මේ ටිකේ පොඩ්ඩක් පිට හිටියෙ.ආ...කවුද අප්පේ මේ...😏?"
"ආ...ගුම් මහත්තයට අදුන ගන්න බැරිද අපේ ලොකු දුව මේ."
"ආ...මින්ජුන් වගේමයි දුවත් දැන් නම් හුගක් වෙනස් වෙලානේ."
    ඒ මිනිහා උඩ ඉදන් යටටම බැලුවෙ මහ අමුතුම විදිහකට මට නම් පොඩ්ඩක් වත් ඇල්ලුවෙ නෑ ඒ මිනිහව.හෙන කුකුළ් පාටක් මූණෙත් තිබ්බෙ.
"ජේහි පුතේ මෙයාව ඔයාට..."
"ඔව් මං දන්නවා.කොහොමද ගුම්සන් මහත්මයා.හුග කාලෙකින් හම්බුනේ.හමුවීම සතුටක්.මං කියන්නමයි හිටියෙ ඔයාගෙ ණය ඔක්කොම මට ඉක්මනටම ගෙවලා ඉවර කරන්න පුලුවන්.ඒ වගේම ආයේ මෙහේ එන්න එපා මොකද අම්මා අද මාත් එක්ක සෝල් වලට යනවා.පදිංචියට."
"ජේහී...ළමයෝ..."
"අම්මෙ ඔයා ගිහින් ලෑස්ති වෙන්න.මල්ලි ඔයත්."
    මං වැඩිය ඒ මනුස්සයව ගනන් නොගෙන කෙලින්ම ඒ විදිහට මූණටම කියලා දැම්මා.එයා හරිම අව්ලෙන් වගේ අහක බලා ගත්තා.ඊට පස්සෙ ආපහු යන්නද කොහෙද දොර ගාවට ගියා.එක සැරේම එයා නැවතිලා පිටිපස්ස හැරිලා මෙහෙම කිව්වා.
"මං හිතුවෙ ඔයාලා මීට වඩා කළගුණ දන්න මිනිස්සු කියලා කමක්නෑ මං යන්නම්.කොහොමත් ළමයි ලොකු වෙද්දි එයාලා කරන දේ විතරක් හරි කියලා හිතන කට්ටියක්නේ.😏"
   එහෙම කියලා ඒ මනුස්සයා එතනින් යන්න හැදුවෙ.
"ටිකක් ඉන්න."
      මං එහෙම කියලා එයාව නවත්ත ගත්තා.
"ආ...ගුම්සන් මහත්තයා අපිට මෙච්චර කල් කරපු උදව් වලට කළගුණ සලකන්නම ඕන.මේ මං හම්බකරපු සල්ලි මෙතන සම්පූර්ණ ගාණම නෑ ඒත් ඉතුරු ටිකත් මේ සතියෙම ගෙවන්නම් කියලා මං පොරොන්දු වෙනවා."
"ස්තූතියි.😑"
   මං දීපු සල්ලි ටිකත් අරන් මිනිහා එතනින් ගියා.ඔන්න ඊට පස්සෙ ඉතින් අම්මගෙන් බේරුමක්නෑ.
"මොකද්ද ළමයො ඒ කළේ?ඒ මනුස්සයට එහෙම සැලකුවම මොනවද හිතන්නෙ?"
"ඕන දෙයක් හිතා ගත්ත දෙන්.එයා පේන තරම් හොද කෙනෙක් නෙමෙයි කියලා මට හිතෙන්නෙ."
"මාත් කිව්වා අම්මට ගාණක් නෑ ඒවා."
"ඉක්මනට අනේ දැන් වත් ලෑස්ති වෙන්නකෝ..."

BLACK OF THE WHITE HEART ✔︎Where stories live. Discover now